(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්‍රි 5 ක් අතර ජානමය සමානකම් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.
ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සන්තාල්, ජුවාං යන ගෝත්‍රිකයන් සහ කර්නාටක, කේරළ සහ තමිල්නාඩුවේ දක්නට ලැබෙන ඉරුල, පනියා සහ පල්ලර් යන ද්‍රවිඩ ගෝත්‍රික ජනතාව අතර දැඩි ජානමය සමානකම් පවතින බව විද්‍යාඥයෝ පවසති.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, අණුක ජෛවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයෙහි ආචාර්ය රුවන්දි රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පර්යේෂණයට සම්මානිත මහාචාර්ය කමනී තෙන්නකෝන්, මහාචාර්ය ගාමිණී අධිකාරි, අංජලා වැලිකල සහ අමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙම පර්යේෂණ සිදුකළහ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන වැදි ජනතාවගෙන් තෝරාගත් නිරෝගී පුද්ගලයන් 37 දෙනකුගෙන් ලබා ගත් රුධිර සාම්පල්වලින් නිස්සාරණය කරගත් ප්‍රවේණි කොටස් ඉන්දියාවේ ගෝත්‍රික ජනතාවගේ ප්‍රවේණි කොටස් සමග සංසදනය කිරීමෙන් අනතුරුව වැදි ජනතාව සහ දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන් අතර ජානමය සමානකම් පවතින බව පර්යේෂණ කණ්ඩායමට තහවුරුවී තිබේ.
පර්යේෂණ කණ්ඩායම අධ්‍යයන කළ මෙම පර්යේෂණය මයිටොකොන්ඩියන් විද්‍යාත්මක සඟරාවේ පළකර ඇති අතර ශ්‍රී ලංකාවේ සිංහල හෝ දෙමළ ජනගහනයට වඩා වැදි ජනතාව සියවස් ගණනාවක් පුරා මෙම ගෝත්‍ර පහ සමග ජානමය සමානකම් පැවැත තිබූ බව පර්යේෂණයෙන් අනාවරණයවී තිබේ.
මීට වසර 2 කට පමණ පෙර සිට මෙම පර්යේෂණය විද්‍යාඥයන් සිදුකරමින් පැවැති අතර මීට පෙර සිදුකළ අධ්‍යයනකදී ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල යන ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර සමජීතීය බැඳීමක් පවතින බවද පර්යේෂණ කණ්ඩායම තහවුරු කළේය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දකුණු ඉන්දීය සහ මෙරට වැදි ජනතාව අතර නෑදෑකම් තහවුරු වේ
ABS Module Monday, 22 April 2024 04:17 PM
කොහොමත් ලංකාවේ අය ඉන්දියාවේ ගිහින් ජනවාස පිහිටෙව්වා. ඉතිං ලංකාවේ ලේ ඇති ඔවුන්ගේ...!
sumanasiriTuesday, 23 April 2024 08:58 AM
ලංකාව සහ ඉන්දියාව අතීතයේදී භූමිය වශයෙන් වශයෙන් වෙනස් වී තිබී නැහැ ධනුෂ්කොඩි හා තලෙයි මන්නාරම එකට හා වී තිබිල තිබෙන්නේ ලෝකයේ සිදුවන භූ විෂම තාවන්ට අනුව ලංකාව අදටත් ඉන්දියානු සමීපයෙන් මුහුද දෙසට තල්ලු වෙමින් පවතින බව පවසනවා,තොන්ඩමන් ඇතුළු වතුකරයේ සිටින ද්‍රවිඩ ජනතාව බ්‍රිතාන්‍යන් විසින් ලකට රැගෙනවිත් තිබෙන්නේ දනකටත් වඩා අඩු ගැඹුර කින් යුතු මුහුදින් දනුශ්කොඩි සිට තලෙයි මන්නාරම දක්වා, දැනටත් සාමාන්‍ය නාවික යාත්‍රාවක් ඔය හරහා ගමන් නොකළ හැකි තරමට ගැඹුර අඩුයි
චන්දන Monday, 22 April 2024 04:59 PM
ඉතාමත් හොඳ විද්‍යාත්මක පර්‍යේෂණයක්. ඉන්දියාව සහ ලංකාව අතර පවතින සම සම්බන්ධතාව තවදුරටත් මින් තහවුරු වෙනවා.
ආදිවාසියාTuesday, 23 April 2024 08:57 AM
මේක මේ රටේ සිංහලුන්ට ඉස්සෙල්ලා දෙමල්ලු හිටියා කියලා ඔප්පු කරන්න හදන උප්පරවැට්ටියක්. මේවට අහුවෙන මෝඩයොත් ඉන්න බව ඉහත කොමෙන්ටු වලින් පේනවා. සිංහල්ලුන්ගෙ ජාන පරීක්ෂා කෙරුවත් පේනවා දකුණු ඉන්දියානු සම්භන්දයක්. තව ටික කාලෙකින් මේ වාර්තා පෙන්නලා කියයි මේක සිංහළුන්ට අයිති රටක් නෙමෙයි කියලා. මේවා පිළිබඳ පර්යේෂණ කරන අය යැපෙන්නේ දෙමළ ඩයස්පෝරාව වැනි සංවිධාන වලින්.
SamanThursday, 25 April 2024 07:21 PM
ඒක ඇත්ත... ඒත් ගොඩක් අය දන්නේ නෑ ද්‍රවිඩයින් කියන්නේ දකුණු ඉන්දියාවේ මුල් පදිංචි කාරයෝ නෙවෙයි කියලා...
Amila Lankahewa Monday, 22 April 2024 07:06 PM
ප්‍රභාකරන් කියපු දේ හරි...!
සෙනෙවිරත්න Tuesday, 23 April 2024 12:36 PM
අප්‍රිකාවෙන් බිහිවුන මානවකයා ආසියාවටත්, යුරෝපයටත්, යුරෝපයෙන් පෙරදිගටත් සංක්‍රමණය විය. පසුව විවිධ ජනවර්ගවලට ශිෂ්ඨාචාරය සමග බෙදුණද මොවුන් පැවැත එන්නේ එකම තැනකිනි. මෙම පරීක්ෂණයෙන් නිගමනය වන්නේ ආසන්නතම කාලයට සම්බන්ධතාවයන්ය.
saman Tuesday, 23 April 2024 03:40 PM
මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවේ.ඉන්දියානු උප මහද්වීපයේ ජනතාව ප්‍රධාන ජන වර්ග තුනක සංකලනයක්. පළමු කාන්ඩය වැද්දන් වැනි දඩයම් කාණ්ඩය.දෙවන කොටස ඉරානීය ගොවීන් (ද්‍රවිඩයන්).තුන්වන කොටස මධ්‍යම ආසියානු ගොපල්ලන් (ආර්යයන්).අප සියලු දෙනා අඩු වැඩි වශයෙන් මේ තුනේ සංකලනයක්.
පිටරටවැසියා Wednesday, 24 April 2024 11:17 PM
මේ ඔක්කොම ජාන "ආදම් සහ ඒව" ට සමානකමක් නැද්ද?