IMG-LOGO

2025 ජනවාරි මස 01 වන බදාදා


දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක්

පුද්ගලයන් 181 දෙනකු රැගෙන, තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට පැමිණි, දකුණු කොරියානු මගී ගුවන් යානයක් අද (29) උදෑසන අනතුරට පත් විය.

අනතුරින් දෙදෙනකු පමණක් බරපතතල තුවාල ලබා දිවි බේරා ගත් බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.

යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ, මුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාද්දීය. යානය ගුවන් පථයට ගොඩබාද්දී, එහි රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවින්, එය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී පිපිරිණි. 

යානය එක් වරක් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගත් බවත්, එය අසාර්ථක වූ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු පසුව පැවැසූහ. එය අනතුරට පත් වූයේ දෙවැනි වර ගොඩබද්දීය. යානය ගුවන් පථයේ ලිස්සා ගොස් අනතුරට පත්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

යානයේ සිටි 181 දෙනාගෙන් 175 දෙනකු මගීන් වන අතර, නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන හයකි. මගීන්ගෙන් වැඩි දෙනා කොරියානුවන් බවත්, තායිලන්ත ජාතිකයන් දෙදෙනකු ද සිටි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අනතුරින් බරපතල තුවාල ලබා පණ බේරාගත් බව පැවැසෙන්නේ, ගුවන් සේවිකාවන් දෙදෙනෙකි.

යානය ගුවන් පථයේ ලිස්සා, එයින් පිටපැන ගොස් හැපී, පුපුරා ගිනි ගනිද්දී, ගුවන්තොටුපොළ ගිනි නිවන භටයෝ වහා ක්‍රියාත්මක වී නිවා දැමීමට යුහුසුළු වූහ. ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ 32 ක් යොදා ගැනුණි.

අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ ජේජු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත්, අංක 2216 ගුවන් යානයයි. ජේජු යනු දකුණු කොරියාවේ විශාලතම සකසුරුවම් ගුවන් සේවයයි. 
මගී යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ

වේලාවෙන් අද (29) උදෑසන 9.03 ට පමණය. යානය බැංකොක් අගනුවරින් පිටත් වී ඇත්තේ අද අලුයම 2.29 ටය. 
යානයේ පියසැරි දත්ත අඩංගු කළු පෙට්ටිය සෙවීම මේ වනවිට ආරම්භ වී ඇති බවත්, එම කළු පෙට්ටියේ දත්ත අනුව, අනතුරට හේතුව නිවැරදිව දැන ගැනීමට හැකිවනු ඇති බවත් පැවැසෙයි.

දකුණු කොරියාව මේ වනවිට දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටී. දකුණු කොරියානු වැඩ බලන ජනාධිපති චෝයි සංග් මොක් ද මුවන් ගුවන්තොටුපොළට පැමිණ අනතුර සිදුවුණු ආකාරය සහ අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන ආකාරය පිළිබඳ සොයා බැලුවේය. චෝයි සංග් මොක් දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති ලෙස එම තනතුරට පත්වූයේ පසුගිය 27 වැනිදාය.

 

(Yonhap පුවත් සේවය ඇසුරිනි)



අදහස් (0)

දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක්

ඔබේ අදහස් එවන්න

දියත

2025 පිළිගන්න ලොව පුරා සැමරුම්
2025 ජනවාරි මස 01 95 0

සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.


අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ
2025 ජනවාරි මස 01 206 0

ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද


රනිල් මැල්කම්ට නයිට් පදවියක්
2024 දෙසැම්බර් මස 31 1175 0

ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමා ඇත.


භූමිතෙල් ලීටරයක් රුපියල් 5 කින් අඩුවෙයි
2024 දෙසැම්බර් මස 31 563 0

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය.


’’අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ වෙඩි තියන්න නියෝග දුන්නේ නෑ’’
2024 දෙසැම්බර් මස 31 1670 0

අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට තමා උත්සුකවීමට තමාට අවශ්‍ය නොවූ බවත්


බන්ධනාගරයේ ඉන්න මිතුරාට අයිස්-දුම්කොළ ගෙනල්ලා
2024 දෙසැම්බර් මස 31 246 0

සොරකමක් සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතකර සිටින රැඳවියෙකුට දිම සඳහා අයිස් සහ දුම්කොල රැගෙන පැමිණි රැඳවියාගේ මිතුරන් දෙදෙනෙකු අද(31) අත් අඩ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 299 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 173 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 153 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site