(තුෂාර හෙට්ටිආරච්චි)
නිවිතිගල කොළඹගම ප්‍රධාන මාර්ගය දොලොස්වල ප්‍රදේශයේ දී පතල් දෝණාවක් අද (10) උදෑසන කඩා වැටීම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මීට මාස හයකට පෙර රජයේ මුදල් කෝටි ගණනක් වැයකර මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තිබුණි.
ප්‍රදේශයේ ජනතාව තම ගමනාගමන කටයුතුවලදී දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිය දී බලධාරින් ට කරුණු පැහැදිලි කර දී විශාල වෙහෙසක් දරා මෙම පාර සංවර්ධනය කර ගත්තද අනවසර පතල් ජාවාරම්කාරයින් විසින් විනාශ කිරීම දැඩි පිළිකුල් සහගත බව ඔවුහු පවසති.
මේ වන විට මාර්ගය ආසන්නයේ ඉදිකර ඇති ගොඩනැගිලිද ගිලා බැස ඇති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
කොළඹගම ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිට නිවිතිගල රත්නපුර ආදී පාසල් දරුවන්ගේ පාසල් ගමනද මේ හේතුවෙන් ඇණහිටි බව දෙමාපියන් පවසයි.
දැනට රත්නපුර සිට කොළඹගම දක්වා පැමිණෙන බස් රථ දොලොස්වලින් නතර කර කොළඹගම සිට පැමිණෙන බස්රථ දොලොස්වල දක්වා පැමිණ මගීන් මාරු කර ප්‍රවාහන පහසුකම් තාවකාලිකව සකස් කර ඇත.
මාර්ගය හරහා දැව මුක්කු ගසා දෝණා හාරා ඇති අතර විදුලි පහසුකම් ද ලබා ගෙන අනවසර පතල් ජාවාරම සිදු කර ඇති බව ඔවුහු පෙන්වා දෙති. මාර්ගයේ කාපට් ඇතිරූ කොටස් දෝනාව තුළට කඩා වැටෙමින් පවතින බව අනාවරණය විය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෝණාවක් කඩා වැටී නිවිතිගල කොළඹගම ගමනාගමනය නවතියි
Nilame Tuesday, 10 September 2024 12:29 PM
පතල් සදහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිළධාරි බලපත්‍ර දීමේදී මාර්ග අනතුරු කිසිවක් බලන්නෙ නැහැ බලපත්‍ර ලාභීන් විරෝධතා ආවොත් කියන්නෙ පාරවත් රජයේ නිසා කෑගහන්න එපා කියලා තමයි ඒක අධිකාරියේ නිළධාරි අනුමත කරනවා මෙහෙම ජාතික අපරාධ කරන මොට්ටයෝ අහනවා පසුගිය අවුරුදු 76 ක කාලයේ මොනවාද කලේ කියලා