(ඩයනා උදයංගනී)
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධිය පිටුපස සිටින මහමොළකරුවන් කවුද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා මිනීමරු ඖෂධ මාෆියාවට එරෙහි ජනතා එකමුතුවේ සභාපති පාහියංගල ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළහ.
ඒ ගැන වගකීම භාරගත් මෘදුකාංග ඉංජිනේරුවරයාගෙන් මේ තාක් ප්‍රශ්න නොකිරීම ඛේදනීය තත්වයක් බව කී ආනන්ද සාගර හිමියෝ මේ පිටුපස සිටින ජාවාරම්කරුවන් එය යටගැසීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නේ යැයි ද පැවසූහ.
ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ගෙන්වීම පිළිබඳ තොරතුරු අදාළ මෘදුකාංගයෙන් පිට ගබඩා කර තිබීමත්, විශේෂයෙන් කොවිඩ් සම්බන්ධ බෙහෙත් හා පර්යේෂණ කට්ටල නියමිත ක්‍රමවේදයෙන් පිට ගෙන්වා තිබීම වැදගත් බවත් උන්වහන්සේ කීහ.
මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් දක්වා ඉදිරියට යන බව ද ආනන්ද සාගර හිමියෝ කීහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)
කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න
මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දත්ත මැකීම ගැන පරික්ෂණයක් ඉල්ලයි
විපරමා Sunday, 19 September 2021 07:25 PM
පරික්ෂණ හරියට කෙරෙයිද කියලා හිතන්ඩ අමාරුයි .කොම්පියුටර් ජිල්මාට් කාරයින්ගේ වැඩක් වෙන්ඩැති කියලා හිත හදාගන්ඩ තමා වෙන්නේ?
fairoos Sunday, 19 September 2021 07:27 PM
රටේ මෙච්චර දේවල් වෙලත් දැන් හරි එලියට ආපු එක හොඳයි
BamunuarachchiTuesday, 21 September 2021 07:39 AM
අනේද කියන්නේ
Rasika Sunday, 19 September 2021 11:20 PM
අධිකරණයෙන් අහෝසි කල පාර්ලිමේන්තු ධුරය නැවත කට්ට කමින් අරගෙන නැව් දුසිම් ගණන් ඇපල් වතු අක්කර ගනන් තියාගෙන පෙරෙත කමට තවත් ඉන්නවා. මේ අය ඉන්නකල් හැමදා හැමතැන විරෝධතා කඩාකප්පල්කාරී වැඩ. මේ අය ගිය ගමන් ඒවා 70% කින් අඩුවෙනවා.
සමන්Monday, 20 September 2021 02:24 AM
කළුතර දිස්ත්‍රික්කයේ මනාප නැවතත් නියම ක්‍රමයට ගැන්නොත් කොහොමද මන්ත්‍රී වුණේ කියලා දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඕක එයා කලිනුත් කරපු දේවල්. නැව් ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කිව්වාලු.
ලාංකිකයාMonday, 20 September 2021 08:09 AM
නැව්පති ගැන ආයෙමත් කුමන කතාද.
abayawansa Monday, 20 September 2021 05:17 AM
මෙම විද්‍යුත් පරිගණක කාරයෝ මීට වසර 20 කට පෙර මහජන බැංකුව සුද්දකළා කළා.ඔවුන් තමයි මේ ජිල්මාර්ට් එක
සාගර අමරසූරිය Monday, 20 September 2021 06:12 AM
ගෙදර කන්න නැතිකමට දරුවන් පන්සලට භාරදෙන්න එපා !
Saththaya Monday, 20 September 2021 09:17 AM
ලංකාවේ මහමොලකරුවන් කියල කොටසක් හොයාගන්න නැහැ . නාදුනන පුස් සහ හිස් මොළකරුවන් පිරිසක් ඉන්නේ . මොකද දැන් හැමෝම දන්නවා කව්ද මේ, මොනවාද කරන්නේ කියල .
Lalith M Monday, 20 September 2021 09:41 AM
මේ හොරුන් සෙට් එක පන්නා දමන්න කවුරුත් නැතිද? අපේ ආගම හෑල්ලුවට ලක්කරන මේ අය ආගම හැර, හැම විෂයම දන්නවානේ...