(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ගලපිටමඩ දුනුමාල පාර බෝගහහේන අංක සි 47, හි පදිංචිව සිටි මුණසිංහලගේ පියසේන යන අයයි.
2021 අප්‍රේල් මස 9 වෙනි දින සිදු වූ අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට සැක කළ හැකි පුද්ගලයකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමාට යොමු කරන ලද ලිපියකට අනුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ අංශය මගින් මූලික විමර්ශන සිදුකළ බව පොලිසිය කියයි.
අදාළ ඝාතනය කළ පුද්ගලයා එම ප්‍රදේශයේම පුද්ගලයකු බවට සැක කළ හැකි ප්‍රමාණවත් කරුණු කිසිවක් නොතිබියදී දීර්ඝ විමර්ශනයක් සිදුකර සැකකරු නිත්‍ය ලෙස හඳුනාගෙන ඔහු පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේදී එම පුද්ගලයා විදේශගත වී ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
එනමුත් නිලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ විමර්ශනයේදී 2021 වසරේ ඔක්තෝබර් මස 17 වැනිදා එම පුද්ගලයා විදේශගත වී 2022 වසරේ සැප්තැම්බර් මස 19 වෙනිදින මෙරටට පැමිණි බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබාගැනීමට හැකි වුවත් සැකකරු මෙරටට පැමිණ ඔහු පදිංචි ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.
මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂාර ඉ
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා
බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර
මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැවැති වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරු පැවැති ප්‍රදේශවල සිට උසස් පෙළ විභාගයට යන දරුවන්ට අවශ්‍ය පහසුකම්සැලසීමට නාවික හමුද
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි