(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හංවැල්ල කහහේන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් විසිපස් හැවිරිදි දෙදරු පියකුට එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් දෑත් සහ පාදයක් සිරුරෙන් වෙන් වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ හංවැල්ල කහහේන අජිත් පෙරේරා මාවතේ පදිංචි 25 හැවිරිදි දෙදරු පියකු බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා අද සවස නිවස ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටියදී තියුණු ආයුධයක් රැගෙන පැමිණි පුද්ගලයකු ඔහුගේ සිරුරේ ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් බේරීම සදහා උත්සාහ කිරීමේදී ඔහුගේ දෙයක් සහ දෙපාවලට වැදී ඇතැයි පැවසේ .
මේ හේතුවෙන් ඔහුගේ දකුණු පාදය සිරුරෙන් වෙන් වී ඇති අතර දෑත් ද වෙන් වී හමෙන් එල්ලී තිබූ බවත් සිරුරේ තවත් ස්ථාන කිහිපයක කැපුම් තුවාල දක්නට තිබූ බව පැවසේ.
සිද්ධිය තුවාලකරුගේ නිවසට යාබදව මාර්ගයේ සිදුව තිබූ අතර පහර දීම ආරම්භයත් සමඟ ඒ බව දැනගත් තුවාලකරුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි .
ඒ සමග සිරුරෙන් වෙන්ව තිබූ පාදයෙ කොටසද රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙදරු පියාගේ අත පය වෙන් වෙන් කපයි
අබිලින් Saturday, 13 May 2023 05:34 AM
ඇත්තටම ලංකාවෙ මිනිසුන්ට මොනවා වෙලාද තේරුම් ගන්න බැහැ එන්න එන්නම වන මෘර්ගයෝ වගේ වෙනවා රටේ මෙහෙම ඒවාට දඩුවමක් නැහැ දුන්නොත් මානව හිමිකම් අහිමි කියනවා කලුකෝට් කාරයො විවිධ තර්ක කරල බේරා ගන්නවා යම්ලෙසකින් හිරගත වුනොත් උගේ හිමිකම් වෙනුවෙන් පිරිසක් කටයුතු කරනවා ඒත් මේ මිනිහගේ අතපය කපල අසරණ වෙලා දරුපවුල අනාතයි ඒවා ගැන බලන්න කෙනෙක් නැහැ මේවා ගැන අවධානය යොමුකිරීම සුදුසුයී
පිටිගල මිලානෝ Saturday, 13 May 2023 08:05 AM
ධර්මය කහ රෙදි කැබැල්ලකින් වසා හංගා ඇති පව්කාරයන්ගේ දේශය…..
Bunny Preena Saturday, 13 May 2023 12:21 PM
මෙව්වා අහපුවාම මුළු සර්වාංගයම හිරි වැටෙනවා. මෙවැනි පුද්ගලයින් මෙහෙම දේවල් කරන්නේ කොහොමදැයි කියලා හිතාගන්නවත් බැහැ. මොනවා නැතත් අපේ රට අපරාධවලින් හොඳටම ඉදිරියටම යන බවයි පේන්නේ...
Perera Saturday, 13 May 2023 03:21 PM
මිනිහත් මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා ඇති...
Lalla Sunday, 14 May 2023 01:17 AM
අවුරුදු විසිපහයි. දෙදරු පියෙක්.බිරිඳට වයස කීයද දන්නේ නෑ.. වෘත්තීය බෝ කිරීම කරගත්ත පවුලක්.මේ තමා ලංකාවේ හිඟමනට හේතුව....