(ඩයනා උදයංගනී)
මෙම මාසයේ මුල් දින 16 ක කාලයේදී මෙරටින් කොවිඩ් මරණ 1,926 ක් වාර්තා වී ඇත.
කොවිඩ් වැළඳීමෙන් මියයන ප්‍රමාණය දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යන බවක් සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නට ඇත.
මුල් දින 16 දී සිදුවූ මරණ සංඛ්‍යාවන් පිළිවෙලින් 63, 74, 82, 94, 98, 98, 94, 111, 118, 124, 156, 155, 160, 161, 167 සහ 171 ක් වන අතර ඒ අනුව දිනෙන් දින සිදුවූ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළයාමක් දක්නට ලැබේ.
මේ වන විට පැයක දී මෙරට මරණයට පත්වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 7ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව සෑම මිනිත්තු 8කටම වරක් එක් ආසාදිත මරණයක් සිදුවෙමින් පවතී.
මෙසේ මියගිය අය අතුරින් 1,482 දෙනෙක්ම වයස අවුරුදු 60 ඉක්මවූවෝ වෙති.
වයස අවුරුදු 30ත් 59ත් අතර 430 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු 14 දෙනෙක් ද මිය ගිය අය අතර වෙති. කොවිඩ් වැළඳී මරණයට පත්වූ මෙම පිරිස අතරින් 1,101 දෙනකුම පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 819 දෙනකු ද ඒ අතර වේ.
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දින 16ට මරණ 1926ක් වාර්තා වෙයි
siri Wednesday, 18 August 2021 04:52 PM
මේ ගොල්ලෝ වාර්තාවක් තියෙනවා නම් තියෙන්නේ මරණ සංඛ්‍යාවෙන් තමයි. වෙන කරපු දෙයක් නෑ ජනතාවට...