IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


දින 22 ට කෝටි එක් ලක්ෂ එකළොස් දාහක් ණය අරන්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක්  මතුවෙමින් පවතින බව පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.

ශ්‍රී ලංකා රජය මේ වසරේ මුල් දින විසි දෙකේදී පමණක්  දේශීය භාණ්ඩාගාර බිල්පත්වලින් හා බැඳුම්කර  වෙළඳපොළෙන් රුපියල් කෝටි එක් ලක්ෂ එකොළොස් දහස් හත්සිය දාහතරක  ණය  ලබාගෙන ඇතැයි පැවසූ මහාචාර්යවරයා  මෙය මේ වසරේ සෙසු මාස වල දේශීය වෙළඳපොළෙන් ගත් ණය ප්‍රමාණයට සාපේක්ෂව  ඉහළ අගයක් ගන්නා බවද  සඳහන් කළේය.

මේ අනුව මේ මාසයේ මුල් දින විසි දෙකේදී භාණ්ඩාගාර බිල්පත් වලින් කෝටි අසූ හය දහස් එකසිය හතළිහක්ද භාණ්ඩාගාර බැඳුම්කරවලින් කෝටි තිස්නව දහස් හැත්තෑ පහක්ද  වශයෙන් ණය  ලබාගෙන ඇත.

රජය මේ වසරේ ජනවාරි මාසයේදී දේශීය වෙළඳපොළෙන්  රුපියල් කෝටි අසූ දහස් අටසිය හැට පහක්ද පෙබරවාරි මාසයේදී කෝටි හැට හතර දහස් එකසිය හතළිස් නවයක්ද මාර්තු මාසයේදී කෝටි අසූ හතර දහස් තුන් සිය විස්සක්ද අප්‍රේල් මාසයේදී කෝටි  හැත්තෑ දෙදහස් තුනක්ද මැයි මාසයේදී රුපියල් කෝටි හැත්තෑ නව දහස් හත්සිය විසි පහක්ද ණය ලබාගෙන ඇතැයි පැවසූ මහාචාර්යවරයා  මේ වසරේ මුල් මාස පහේදී දේශීය වෙළඳපොළෙන් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි  තුන් ලක්ෂ අසූ අට දහස් හැට දෙකක් වන බවද සඳහන් කළේය.

මේ තත්වය යටතේ රටේ ණය බර ඉහළ යෑමක් මෙන්ම ණය අර්බුදයක් කරා යන තත්වයක් පෙනෙන්නට ඇති  හෙයින් දේශීය ණය ධරණීතාව  රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරල  මහතා වැඩිදුරටත්  පෙන්වා දුන්නේය.



අදහස් (16)

දින 22 ට කෝටි එක් ලක්ෂ එකළොස් දාහක් ණය අරන්

Saman Saturday, 29 June 2024 01:02 PM

මේක තමයි රනිල් කරන්නේ, පුළුවන් තරම් ණය අරගෙන එයාගේ කාලේ ආදේගන යනවා. ඊළඟට එන ජනාධිපති/ ආණ්ඩුව/ රටේ මිනිස්සු තමයි අමාරුවේ වැටෙන්නේ...

:       185       141

එදිරිසිංහ Saturday, 29 June 2024 01:12 PM

යන යකා කොරහත් බිඳගෙන යනවා කීව වගේ ඉතුරු ටික දවස රට තවත් හිර කරලා යන්නයි හදන්නේ. එන කෙනෙකුටවත් කරන්න බැරි විදියට. ණය පප්පා...

:       179       126

රංබොඩ Saturday, 29 June 2024 01:19 PM

පණිවිඩය සුබයි !!!

:       41       59

peras Saturday, 29 June 2024 01:38 PM

මේ මිනිහ රෙදි නැතිව සජිත්ට කඩේ යන එකෙක් බව කවුරුත් දන්න කරුණක්. මේකා ඉලක්කම් ටිකක් අල්ලාගෙන ඔහේ කියවන මිනිහෙක් විතරයි . මේක දන්නා ආර්ථික විද්‍යාවක් නැහැ . දන්නවා නම් සහ දේශපාලකයින්ට කඩේ යන්නෙකුත් නෙවෙයි නම් මේ වගේ ලාමක කතා කියන්නේ නැහැ . රටේ මුළු ආදායම කන්න බොන්න , පදිගේවන්න මදි නම් ණය නොගෙන වෙන මොන මගුලක්ද කරන්නේ කියලත් මිනිහ කියන්න ඕන . රටේ මේ විනාසෙට මේකත් වගකියන්න ඕන මොකද වී විද්‍යාලෙන් පඩි අරගෙන රාජකාරී වෙලාවේ වෙන වැඩ කිරීමත් රජයට වුනු පාඩුවක් නිසා . මහත්තයෝ කාගේ කාගේත් කිල්වොටවල හුන් තියෙනවා . එනිසා නිකන් වල බයිලා නොකිය හිටියොත් හොඳයි

:       106       73

AkilaSaturday, 29 June 2024 02:49 PM

peras රටේ අදායම් කන්න බොන්න මදිනම් ඒක වැඩි කරගන්න එක මෙච්චර කල් ආණ්ඩු කරපු රනිල් හදාගන්න ඕනේ දෙයක් නේද? අඩුම ගානේ පාඩු ලබන රාජ්‍ය ආයතන ටිකවත් හරියට හොයලා බලලා කලමණාකරණය කරගන්න බැරි අය මෙච්චර කල් ආණ්ඩු කරපු ඒවායේ ප්‍රතිඵල තමයි මේ...!

:       81       50

perasSunday, 30 June 2024 09:00 AM

අකිල බලාගෙන වැඩිවෙනකොට පරිස්සමට වාඩිවෙන්න මොකද ඔයාගේ මොලේ තැලෙන්න පුළුවනි . බංකොලොත් උණු රටක ආදායම වැඩිකිරීම ගමේ සිල්ලර කඩේක වගේ මාසෙන් දෙකෙන් වැඩිකරන්න බැරි බව ඔහෙට නොතේරෙන්නේ ඔයාගේ මොලේ පිහිටීම වැරදි තැනක් ඇති නිසයි . කුහක නොවී අතීතය හරි හැටි අධ්‍යනය කලොත් පෙනේවි 2001 - 2003 කාලේදී වගේම 2015 - 2019 දී අපේ ආර්ථිකයේ දිශානතියේ සිදුවුණු වෙනස්වීම් . එය විනාශ කලේ කවුද ? ඔයා වගේ ටිකිරි මොළ ඇති අය වීරයෝ බවට පත්කළ චන්ද්‍රිකා , මහින්ද හා ගෝටා ඇතුළු ඊට උදව් කල අයයි . ඔහෙලට ඕන මිට අවුරු 2 කට ඉස්සර තිබුණු අර කාලකන්නි පෝලිම් යුගය නම් කමක් නැහැ අපි සේරම් ආයේ එතනට යමු

:       48       133

Ruberuwala Sunday, 30 June 2024 02:40 PM

පෙරේරා කියන විදියට පඩි ගෙවන්න, අනිත් දේවල් කරන්න තවත් ණය ගන්න එක හැර වෙන විකල්පයක් නෑ. ඕකනේද මෙච්චර කල් රටකරපු උන් කෙරුවේ. යහපාලන කාලේ නේද තිබුණ ණය දෙගුණයක් කෙරුවේ රනිල් මොනවද කෙරුවේ ඒ ණය අරගෙන. දේශීය කර්මාන්ත ආරම්භ කෙරුවද, දේශීය නිෂ්පාදන වැඩිකෙරුවද, රාජ්‍ය ආයතනවල සිදුවෙන දුෂණ, වංචා හෙව්වද, පඩු ලබන ආයතන ඇයි පාඩු ලබන්න හේතු හෙව්වද.දේසපාලකයෝ හිතේ හැටියට රාජ්‍ය ආයතනවලට ඔරොත්තු නොදෙන විදියට සේවකයෝ පුරවල එකෙක් කරන වැඩට දහයක් දාල. ඕවා ඔය විදියටම තියාගෙන තව තව ණය අරගෙන කවදද මේ රට ගොඩයන්නේ.

:       67       1

RohanaSunday, 30 June 2024 10:24 PM

කිසිම දැනුමක් නොමැතිව අදහස් දක්වා ඇත.

:       0       87

GAMA VARESE Saturday, 29 June 2024 02:53 PM

වඳුරු කුණුහරුප තමයි කියන්න ඕනෑ...

:       150       65

Rohana Saturday, 29 June 2024 09:26 PM

විශ්ව විද්‍යාලයකින් කරනදේත් ආණ්ඩුවකින් කලයුතු දේත් පිලිබදව නිවැරදි අවබෝධයක් මේ අදහස් දක්වන ඔබට නැති බවයි පෙනෙන්නෙ.

:       47       128

joni Saturday, 29 June 2024 10:12 PM

මෙයා දන්න එකම දේ මේක තමයි ණය ගැනීම විකිණීම බදු ගැසීම

:       124       55

Perera Sunday, 30 June 2024 01:03 AM

මෙච්චර කරලත් තව රනිල් පස්සෙන් යන ගොන් හරක් ඉන්නවා නේ

:       137       55

බණ්ඩා Sunday, 30 June 2024 02:50 AM

ණය ගන්න එක වැරදි කි‍යමුකො. එහෙම නම්ගැළරිය චූන් කරන්න විතරක් මදි. රටේ එදිනෙදා කටයුතු, අකාර්‍යක්‍ෂම රජයේ සේවකයන්ට පඩි නඩි ගෙවන හැටි ගැන, කන බොන හැටි ගැනත් කියන්න ඕනේ. නැත්නම් ඔය කරන්නේ දේශපාලන ප්‍රකාශයක්. දැන් ඇමෙරිකාවත් ඔය ජාත්‍යන්තර බැඳුම්කර වලින් ණය ගන්නේ. මම හිතන්නේ රනිල්ට දැනුමත්. පුරුද්දත්, අත් දැකීමුත් ඇති පදම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තරව පිලිගත් තින්ක් ටෑන්ක් එකක් සහ උපදේශකයොත් ඉන්නවා. මේ තාක් ඔහෙලා ඔක්කොම කලේ ඒ මිනිහට කරන්න නොදී කකුලෙන් ඇදපු එකනේ. ඒකේ ප්‍රතිපල නේ මේ අපි ඔක්කොම බුක්ති විඳින්නේ.ඒ නිසා බොරු බිල්ලෝ මවන්නේ නැතුව රට ගොඩ ගන්න කෙනාට උදව් කරන එකයි කරන්න ඕනේ. රාජ්‍ය සේවය ඉතාමත් අකාර්‍යක්‍ෂම බවත් ඔය අතරතුර මතක් කරගත්තා නම් හොඳයි.

:       38       116

Nishan Sunday, 30 June 2024 05:07 AM

මේවා දේශීය ණය නේ මහත්තයෝ. දේශීය ණය මොනවා කර ගන්න බැරිද අපේම රාජ්‍ය බැංකු වලින් නේ ගන්නේ. මෙහෙම නොකර මේ මුදල් අවශ්‍යතාව ඉටු කරගන්න විදිය ඔබතුමාට කියලා දෙන්න පුළුවන්ද? තව බදු ගහලද? බඩු මිල වැඩි කරලද? රටේ සම්පත් තව තව විකුණලද? මොකද්ද විසඳුම?

:       51       112

dumindaSunday, 30 June 2024 02:37 PM

රජයේ වියදම් පාලනය අවුරුදු පහක් හොරාාකාලා ගන්න විශාම වැටුප, නාකි නඩත්තු කරන එක අනවශ්‍ය විදේශ සංචාර කොමිස් වැඩකට නැති ඡන්න්ද බලාගෙන කරන බොරු ව්‍යාපෘති මේවා නවත්තන්න ඕනැ.

:       16       1

nanda Sunday, 30 June 2024 12:19 PM

කාටවත් රට කරන්න බැරිව විනාශ කරනවා.

:       17       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2541 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1691 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2434 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3339 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site