IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දින තුනේ දුම්රිය ගමනට කෝටි 22 ක් කාලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ශ්‍රී ලංකා රජය විදේශ ණය වශයෙන් ගන්නා ලද රුපියල් කෝටි විසි දෙකකට වැඩි මුදලක් අනුරාධපුර සිට  මිහින්තලේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා  වියදම් කිරීම ප්‍රශ්නකාරී බව ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අනුරාධපුර සිට මිහින්තලය හන්දිය දක්වා කිලෝමීටර් 1.5 ක දුර ප්‍රමාණය ප්‍රධාන මාර්ගයේම  මිහින්තලේ දක්වා දුම්රිය  ධාවනය කිරීමට හැකිව තිබියදී වසරකට දින තුනක් හෝ හතරක
දුම්රිය ධාවනයක්   වෙනුවෙන් මෙපමණ මුදලක් වැය  කිරීම ගැටලුවක්  බවද එම වාර්තාවේ දැක්වේ.

අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය පොසොන් කාලයට පමණක් වසරකට දින තුනක් හෝ හතරක් සිදුකරන අතර 2019 වර්ෂයෙන් පසු එම  දුම්රිය ධාවනය කර නොතිබුණු බව විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පිළිතුරු ලබාදී නැතැයිද  විගණන වාර්තාවේ දැක්වේ.



අදහස් (4)

දින තුනේ දුම්රිය ගමනට කෝටි 22 ක් කාලා

mangala Monday, 16 October 2023 02:12 AM

පොල්ගහවෙල ඉඳලා අනුරාධපුරය දක්වා ද්විත්ව දුම්රිය ලයින් එකක් හදන්න බැරි මොකද? මේ කොටස කාර්ය බහුලයි. දිනකට සෑහෙන්න දුම්රිය ප්‍රමාණයක් ධාවනය වෙනවා.

:       0       1

විහඟ Monday, 16 October 2023 09:04 AM

ඔය විගණන අංශ වල අය දන්නේ කුණු අවුස්සන්න විතරයි.. ඒ රේල් පාර හදන්නේ මිහින්තලේ ආර්ථික මධ්‍යස්ථානයත් එක්ක එතැනට එන එළවළු, පළතුරු අනෙක් ද්‍රව්‍ය කෙලින්ම ප්‍රධාන මාර්ගයට අවහිරයක් නොවී අනුරාධපුරයට ගේන්න.. ඉතින් මම නම් ඒකෙ වැරද්දක් දකින්නේ නෑ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ඇත්තටම හොඳයි... අනික දැන් රජරට කැම්පස් එකට අළුතින් ෆැකල්ටි දෙකක් එකතු වෙනවා. ඒකත් එක්ක අඩුම රේල් බස් එකක්වත් මේ පාරෙ යවාගන්න පුළුවන් නම් මිනිස්සුන්ටත් ලොකු සහනයක් පොසොන් කාලෙට විතරක් නැතුව හැම පෝයටම හරි ට්‍රේන් යවන්න පුළුවන් නම් වටිනවා...

:       3       2

Abid Monday, 16 October 2023 11:03 AM

ප්‍රශ්නයක් නෑ... අපි රට ඉඳලා සල්ලි එවන්නම්... ණය ගෙවන්න. ඔයාලා දියුණු වෙන ගමන් පොඩි පාරක් හදලා ඒකට බිල දමන්න. ලබන සැරේත් අපි ඡන්දය දෙන්නම්. ඡන්දය කිට්ටුවෙලා ‍පොඩ්ඩක් බඩුමිල, ගෑස්මිල තෙල් මිල අඩු කරන්න. සමෘද්ධිය පොඩ්ඩක් වැඩි කරන්න. එතකොට ඕවා සුළු දේවල්. ඔයාලගේ දියුණුව තමයි අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ...

:       1       5

Rata Perata Monday, 16 October 2023 12:24 PM

ඔ්ක පිටිපස්සෙ මොකෙක් හරි මෝඩ දේශපාලකයෙක් ඇති.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 23 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 39 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 230 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 411 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 407 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site