IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දැන් බදු දැලෙන් රිංගන්න බෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවට වෙට්ටු දමා බදු පැහැර හරින්නට  නොහැකි අන්දමේ යෝජනා  මෙවර අයවැයේ සඳහන් වීම ඉතාම වැදගත් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (14) පැවසීය. 

බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීමට, මෝටර් රථයක් ලියාපදිංචියට, ඉඩමක් හෝ හිමිකමක් ලියාපදිංචියට බදු අනිවාර්ය අංගයක් බවට පත් කර තිබෙන අතර මෙය ඉතා වැදගත් තීරණයක් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අයවැය දෙවැනි වර  කියවීමේ පළමු දින විවාදයට එක් වෙමින් රාජ්‍ය  අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා මෙසේද කීය. 

ආර්ථික දේශපාලනික සමාජ අභියෝග රැසක් මැද මෙවර අයවැය ඉදිරිපත් කරනවා. මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. බංකොළොත්භාවය පවා ප්‍රකාශයට පත් වුණා. නීතියේ ආධිපත්‍ය, රටේ ආරක්ෂක තත්ත්වය බිඳවැටිලා, තෙල් හා ගෑස් පෝලිම් තිබුණු යුගයකට අපි මුහුණ දුන්නා. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම, විපක්ෂ නායකවරයාට ගෝල්ෆේස් එකේදි පහර දීම යනාදී සිදුවීම් අමතක නොකළ යුතුයි.



අදහස් (9)

දැන් බදු දැලෙන් රිංගන්න බෑ

චන්දන Tuesday, 14 November 2023 07:04 PM

තියපල්ලකො ඡන්දෙ ..ඉතිරි ටික අපි බලාගන්නම්.

:       0       7

ලොකු නැන්දා Tuesday, 14 November 2023 07:14 PM

අනේ බයියෝ, උඹගේ සියා වගේ තෙල් බෙහෙත් කියලා පොල්තෙල් පාටකරලා ,පොලක් පොලක් ගානේ විකුනපන්,කවි කොලයක් විකුනපන්, මේ වගේ බොරු වපුරන්නේ නැතිව.

:       0       6

Muthu Tuesday, 14 November 2023 07:55 PM

tax හොරුන්ට බදු උපදේශකයෝ ඉන්නවා, උන් කොහොමත් බේරෙනවා. මෙයින් කවදාවත් බදු ආදායම වැඩි වෙන්නේ නෑ. දරුණු විදියට ආර්ථිකේ තව තව හැකිලෙනවා. මේකෙන් විශාල ආර්ථික සන්කොචනයක් වෙනවා. වාහන දේපල වෙළඳාම් 0 ටම බහිනවා. කොටින්ම වක්‍රව, පෙට්‍රල් ඩීසල් ඉල්ලුමත් බහිනවා.මේක හරියට නහය අතින් වහගෙන දුවන්න කියනවා වගේ වැඩක්. මංගල සමරවීර මුදල් ඇමති කාලෙත් ඔය මෝඩ වැඩේ කෙරුවා. ඒකට උන දේ IR එකේ මිනිස්සු දන්නවා. මිනිස්සු බදු ගෙවන්නේ නැත්තේ මුන්ගේ හොරකම් නිසා. ජාතික විගණන වාර්තාවේ තියෙනවා, ට්‍රිලියන 16 විතර ගත්තු නය ආයෝජන වලින් investment assets තියෙන්නේ ට්‍රිලියන 4 විතර. ට්‍රිලියන 12 හොරා කාලා. මෙතන හදන්නේ නැතුව අතීසාරෙට අමුඩ ගහනවා.

:       0       5

Bamunuarachchi Tuesday, 14 November 2023 08:12 PM

මොන විකාරද ලොක්කා? රජයෙන් වැටුප් ලබන වෘත්තිකයින්ගෙන් ගෙන් බදු කපාගනීවි. ඒත් රජයේ සේවයේ ඉන්න ගමන් Private practice කරන අය, ලෝයර්ලා ඇතුළු professionals ලා, බිස්නස් කාරයෝ බදු වලින් රිංගනවා. ඒ ඔවුන්ගේ ආදායම කොහෙවත් සටහන් නොවන නිසාත් බිස්නස් කාරයින්ගේ tax returns හදන්නේ ආදායම් පාලක මණ්ඩලේම නිලදාරීන් නිසා. 18 වැඩි අයට බදු ෆෝරම් එකක් පුරවනවා නම් ඒ ෆෝරම් එකේ රටේ වෘත්තික යින්ට ගෙවූ මුදල් සටහන් කරන්න කියන්න අන්න එවිට ඒ මුදල් ලැබූ professional ලා අල්ල ගන්න පුළුවන්. රජයෙන්, මණ්ඩල, සංස්ථා එවැනි ගෙවීම් සඳහන් කලාම අදායම් බදු පාලකයෝ ඔවුන් පසුපස යනවා. සාමාන්‍ය ජනතාවත් ඒ ගෙවීම් පෙන්වනවා නම් ආදායම් බදු පාලකයින්ට ඒ වෘත්තිකයින් අල්ලා ගන්න පුළුවන්.

:       0       1

වංහුන් Tuesday, 14 November 2023 08:19 PM

හාඩ්වෙයාර් කාරයෝ 80% පමණ විකුණන බඩු වලට නියම බිල් පතක් නිකුත් කරන්නේ නැත. නිකන් තුන්ඩු කැල්ලක් දෙනවා. ඔවුන්ගේ ආදායම බලාගන්නේ කොහොමද? ඔවුන් ගැන සොයන නිලධාරීන්ට ගාන දීල ෂේප් වෙනවා. තලවතුගොඩ පැත්තේ බිල් නොදෙන හාඩ්වෙයාර් කාරයින්ගේ නම් වලින් කියන්නම්.

:       0       2

ravin Wednesday, 15 November 2023 04:22 AM

ඉස්ස ඉස්සෙලාම කියන්නකෝ 225 හරියට බදු ගෙවනවාද කියලා .බැහැ නේද ?එතකොට හොරකම් කරලා වංචා කරලා හොයාගත්තු දේවල් මාට්ටු නේද ?දෙවනුව හෙන්චයියලා ටික

:       0       3

අප්පුහාමි Wednesday, 15 November 2023 07:08 AM

තාක්ෂණික පහසුකම් තියෙන මේ කාලයේ ජංගම ගිණුම් මොකටද කියලා හිතෙනවා අපි හිතමු වාහනයක හිමිකරු මියගියා කියලා... එවිට වාහනය කලත්‍රයාට පැවරීමට කටයුතු කරන්න ඕනෑ... ඔවුන්ට ආදායම් බදු ගෙවීමට තරම් ආදායම් නැහැ. එහෙම වෙලාවේ මොකක්ද කරන්නේ? අනෙක වයසක අම්මා කෙනෙක් නැත්නම් තාත්තා කෙනෙක් තමන්ගේ දේපළ දරුවන්ට ලියාදෙනවා... ඒකට බදු අංක ඉල්ලීම සාධාරණයි කියන්නේ කොහොමද? මේවා විහිලු කියන්න පුළුවන්. මෙයිනුත් වෙන්නේ තල්මසුන්, මෝරුන් බේරී කූණිස්සෝ, හාල්මැස්සන් පමණක් අසුවන තත්වයක් පමණයි.. ඒකනේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා තිබුණු පොලියෙන් අයකළ මුදල් ආපසු ගැනීමට පෝම් පුරවාගෙන කාර්තු පාසා ආදායම් දෙපාර්තමේන්තුවට එන්න කියන්නේ එහෙම නිලධාරින් මෙහිදීත් අහිංසක මිනිස්සු පීඩාවට පත්කරාවි..!

:       0       5

Always break down Wednesday, 15 November 2023 10:15 AM

බදු වලට වෙට්ටු දමන්නේ උඹලාට කඩේ ගිය උන් මිස බදු ගෙවන ජනතාව නොවේ

:       0       8

cc Wednesday, 15 November 2023 10:17 AM

බදු කියන්නේ රටක ආර්ථිකය ශක්තිමක් කිරීමට එරට ජනයා කල යුතු කැපකිරීමක් ලෙසත් ඒ වෙනුවෙන් රටතුළ ආදායම් උත්පාදනය කිරීමට අවැසි යටිතල පහසුකම් ,නිෂ්පාදන,නවෝත්පාදන , බලශක්තිය, පහසුකම් ලබාදීමටත් ඒවායේ නිෂ්පාදන පිරිවැය අවමකරගැනීමට අවශ්‍ය පසුබල සහාය සැලසිය යුතු වනවා ,එමෙන්ම මේ රටේ වතු හා කෘෂි ආර්ථිකය පවතින ගම්වලට තවමත් වාහන ගමන් කිරීමට පාරවල් ඇත්තේ නැහැ ඔවුන් තම නිෂ්පාදන ප්‍රවාහනය සඳහා වැඩි පිරිවැයක් දරන්ට සිදුවී තිබෙනවා මෙම පහසුකම් රජය සොයා බලා ඇතිකල යුතු වෙනවා.එමෙන්ම සෑම අස්සක් මුල්ලක් පුරාම පිලිකාවක් ලෙස පැතිරී ඇති අල්ලස වංචාව දූෂණය මෙය මේ රටේ සංවර්ධනයට ලොකු හානියක් කර තිබෙනවා අපේ රටේ ගම් මට්ටමේ ආර්ථිකය ශක්තිමත් කරන්න මොනවාද බලධාරීන් කර ඇත්තේ.,හරියට නිෂ්පාදන බෙදාහැරීමට අතරමැදි සූරාකෑම් වලකන යාන්ත්‍රණයක් සකසා තියනවද,කෝ මේවායේ නියාමනයක් කිසිත් නැහැ එමේන්ම අමාරුවෙන් හරි පොලොවේ හැප්පිලා වාහනයක් ලීසින් කරල හරි අරගෙන ඒකෙ නඩත්තු වියදම හතරගුණයකින් වැඩිවෙලා දැං බදුත් ගෙවන්න වුනොත් මොකක් වෙයිද? මේරටට සැලසුම් සහගත ආර්ථිකයක් හදන්නේ කැපකිරීම් සහිත මාලිමාව රජයකින් පමණයි ඒසඳහා රටම එකතුවෙමු .

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 33 0

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 112 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 15 0

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 09 638 1

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 512 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1846 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39592 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25767 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site