(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
මෙය එක් දිනකදී සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,704 ක් දක්වා ඉහළ ගොස් ඇත. පිරිමි අය 33 දෙනෙක් සහ කාන්තාවන් 38 දෙනෙක් මියගිය අය අතර වෙති.
මියගිය අයගෙන් 57 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 13 දෙනකු සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඊයේ මියගොස් ඇත.
මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි.
මහසෙන් Tuesday, 22 June 2021 08:31 PM
බුද්ධී අංශ විසිනුත් මේ වාර්තාව තහවුරු කලා ද?
Rata Perata Wednesday, 23 June 2021 03:12 AM
මේක මහදැනමුත්තට පෙන්නන්න. නියම බයිලා ටිකක් කියවයි.
kawindu Wednesday, 23 June 2021 04:00 AM
දැන් කාවද අල්ලගන්නේ? මේවා ඉස්සර ඡන්දෙ කාලේ නොකියා හිටපුවා වෙන්න බැරිද?.. ඒකෙනුත් අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...
Siri Wednesday, 23 June 2021 04:21 AM
ලංකාවේ බුද්ධි අංශ ගැනද ඔය අහන්නේ? අර නයා බෝතලයට දාපු කෙනාගෙන් අහන්න...
මුණසිංහ Wednesday, 23 June 2021 07:00 AM
සංචරණ සීමා තවත් ලිහිල් කරමු. තවත් උද්ඝෝෂණ කරමු පාරට බැහැලා. තව ටිකක් ඇවිදිමු. එහෙම කරල අපිත් මේ රෙකෝඩ් එක කඩමු...
සිරිබිරිස් Wednesday, 23 June 2021 08:06 AM
ඔය වාර්තා දීපු අය ගෙන්නලා හොඳටම බැනලා (බොරු රඟපෑමක් කරලා) ... ප්‍රස්තාර පෙන්නලා ඕක වෙනස් වෙයිද?
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 June 2021 08:23 AM
එදා කව්දෝ කෙනෙකු සද්දේ දැම්මේ වැඩිවීම් ගැන.. ඒ ගැන කටයුතු කළ කෙනෙකුව මාරු කළේ. මාරුකරාට, වෙන කෙනෙකු පත්කරාට එහෙනම් කොහොමද 71 කේ සංඛ්‍යාව ආවේ. සංඛ්‍යාව කුමක් වුවත්, මැරෙන ජීවිත ගණන නිසා තමයි එය වැඩිවන්නේ. කොරෝනා විතරක් නෙමේ නේ. දැන් මොනතරම් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රශ්න වලට ජනතාවට මුහුණ දෙන්නට සිදුවෙලාද තියෙන්නේ... පව්.. අපේ රටේ මිනිස්සු ...
සඳුන් Wednesday, 23 June 2021 09:01 AM
සුදත් සමරවීර මාරු කිරීම ප්‍රශ්නයට විසඳුම වගෙයි නේද සර්' ?
Sri Lanka Wednesday, 23 June 2021 12:25 PM
ලොකු එක්කෙනාට කොරෝනා හැදුණාම නමත් එක්ක පින්තූරයක් දානවා..ඔය අනිත් අයගෙත් සම්පූර්ණ විස්තර දාන්නකෝ.
Chris Wednesday, 23 June 2021 12:25 PM
ජූනි මාසය මුලදී දින 10කට පුද්ගලයන් 500ක් මිය ගොස් ඇති අතර ඊට පෙර දින 13කදී 500ක් මියගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි?
ලලිත් එම් Wednesday, 23 June 2021 02:23 PM
වාර්තා මහසෝනා ලවා තමයි බලවන්න වෙන්නේ. ඉන්න හැම එකාටම දඬුවම් දෙනවනේ කට ඇරපු ගමන්.
fairoos Wednesday, 23 June 2021 02:57 PM
දැන් කාවද මාරු කරන්න යන්නේ්...?