IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දූනගහ අනතුරකින් තිදෙනෙක් මරුට

(බටේපොළ විජයසිරි)

දිවුලපිටය - මීගමුව මාර්ගයේ දූනගහ නගරයේ දී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් තිදෙනකු මියගොස් තවත් එක් අයකු තුවාල ලබා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

ගොඩිගමුව ප්‍රදේශයේ සිට දූනගහ දෙසට ධාවනය වූ ත්‍රිරොද රිය දිවුලපිටියේ සිට මීගමුව දෙසට ධාවනය වූ ටිපර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ එහි සිවු දෙනකු ගමන් කර ඇත. සිද්ධිය වූ ස්ථානයේ එක් අයකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා රෝහලට රැගෙන යද්දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ කාන්තාවකි.ඔවුන් ගොඩිගමුවේ පදිංචි කරුවන් බව පොලිසිය පවසයි.



අදහස් (4)

දූනගහ අනතුරකින් තිදෙනෙක් මරුට

යෝගා Thursday, 15 August 2024 02:45 PM

අනාරක්ෂිත ත්‍රී රෝද නිසා අවුරුද්දකට කී දාහක් මැරෙනවද? ප්‍රධාන හේතුව නියමිත ප්‍රමාණයට වඩා පුද්ගලයන් හෝ බර පැටවීම. පොලිසිය මීට වඩා තදින් ත්‍රී රෝද රථ සෝදිසි කල යුතුයි

:       0       10

Lakmal - Katunayaka Thursday, 15 August 2024 03:17 PM

මෙතනනම් කාගේ වරදද දන්නේ නැහැ. එත් ලංකාවට ත්‍රිරෝද රථ දැන් ඇති. එකක් අනාරක්ෂිත භාවය වැඩියි . අනික ආර්ථික සමාජ ගැටළු ගොඩක් ත්‍රිරෝද රථ නිසා ඇතිවෙලා තියෙනවා. ලංකාවේ ත්‍රිරෝද රථ හා බැදුණු සංස්කෘතිය එතරම් හොද තත්වයක නෑ.

:       0       13

LAX- DOha Thursday, 15 August 2024 05:43 PM

හොඳම විසඳුම් මාර්ගය මැදින් වෙන් කිරීම. මැදින් දූපතක් වගේ වෙන් කර එවිට වාහන මුහුණට මුහුණ වැදෙන ප්‍රමාණය100% නතර කළ හැකියි. හොඳම විසඳුම එයයි.

:       0       0

Pradeep Kumara Thursday, 15 August 2024 05:51 PM

වෙනත් මාර්ග වලට සාපේක්ෂව 251 සහ 254 බස් මාර්ග වල ටිපර් රථ ධාවනය වැඩියි. අනික ඔවුන්ගේ ධාවන වේගයත් ඉතා ඉහළයි. ඉතින් ත්‍රීරෝද රථයක් වැනි අනාරක්ෂිත වාහනයක ගැටුණාම මරණයකින් තමයි කෙළවර වෙන්නේ. මේ කියලා තියනවා වගේ ලංකාවට ත්‍රීරෝද රථ මේ ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 13 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 267 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 366 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3236 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1203 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1170 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23016 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22872 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site