IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් කරයි

(යොහාන් භාසුර)

මෙරට පැරණිතම බෞද්ධ ගීතයක් වන ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) පැවසීය.

ජෝන් ද සිල්වා ශූරීන් 1903 වසරේ ‘සිරිසඟබෝ’ නාට්‍යයට රචනා කළ, විශ්වනාත් ලව්ජි මහතා තනු නිර්මාණය කළ මෙම ගීතය ජාත්‍යන්තරවත් විශාල ඇගයීමකට ලක්වූ සංස්කෘතිකමය වටිනාකමින් යුත් ගීතයක් බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ගීතය ඉතිහාසයේ ජාතික ගීයට සමාන ගරු බූහුමනට ලක්වූ ගීතයක් බව ද සඳහන් කළේය.

පළාත් සභා, පළාත් පාලන, ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා  ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බවව ද සඳහන් වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (13)

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් කරයි

prasanna Tuesday, 16 May 2023 11:49 AM

දැන් ඕකද රටේ තියන දැවෙන ප්‍රශ්නය ?මුන්ට පිස්සු

:       24       7

hesaTuesday, 16 May 2023 01:13 PM

වසරක් පුරාවට මහ මගට බැස්සේ ඒ කියන දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සොයන්න ට නේද

:       6       3

hesa Tuesday, 16 May 2023 12:12 PM

‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට ඉදිරිපත් කළ යෝජනාව ඉතාම අගේ කරමි. ඒ ගීතය ගැයූ පැරනිම ගායිකාව වූ 28.10.1978 දින, අප අතරින් සදහටම වෙන්වී ගිය ඩේසි ඩැනියල් හෙවත් රුක්මනී දේවි මහත්මියට මෙය උපහාරයක් වේවා!

:       3       23

විලම්භීත Tuesday, 16 May 2023 12:39 PM

දැන් ඉන්න ජනපති, අගමැතිවෙලා හිටපු යහපාලන කාලෙම නේද ඔය කියන ගීතය ඔපෙරා විදියට කියවල හෙන විගඩමක් කළේ.. මොනවද යකෝ මේ මගුල්.. මේ රටට හෙට දවසක්, හොඳ කල දවසක් එන්නෙම නැද්ද අප්පා.. මේ මී හරක්ගෙ විගඩම් බලලම මැරිල යන්ඩ ද වෙන්නෙ.. හයියෝ දෙයියනේ..

:       9       4

DKHTuesday, 16 May 2023 03:13 PM

ඔය ගීතයේ මුල් තනුව "ඔපෙරා" තනුවක් තමා. බටහිර ඔපෙරාවක ඇති තනුවට අනුව තමයි "දන්නෝ බුදුන්ගේ" කියන ගීතය ලියල තියෙන්නේ. ඇත්තටම තනුව කොපියක්. තවත් සමහර තැන්වල මෙම ගීතය "ධර්ම බුදුන්ගේ" ලෙසත් තැටිගත කර තියෙනවා. Youtube එකේ ඒ තැටිගත කිරීමේ පිටපතක් තියෙනවා.

:       0       5

විජිත් Tuesday, 16 May 2023 12:43 PM

බුදුන්වහන්සේගේ ධර්මය කියන්නේ මේ ලොවේ ඇති විශිෂ්ටතම දර්ශනය බව මම හැමදාමත්ම කියන කතාවක්.එහෙත් ඒ උතුම්වූ ධර්මය මේ ගීතයත් සමග ඇති සබඳතාවය ගැනනම් මට යමක් කියන්න අපහසුයි, එහෙත් අපිට අමතක නැති ,ඒ වගේම සත්‍ය කතාවක් කියන්නම් .... 1977 දී ජනාධිපතිවූ ජේ ආර් ජයවර්ධන කියන, අපේ රට නැත්තටම නැතිකරන්න මුල පෑදූ ඒකාධිපතියාගේ කාලයේදී උදේ හවස ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ප්‍රචරයවුනේ මේ ගීතයයි. රටේ හැම තැනම මිනි කඳු ගිනිගෙන දුම්දමද්දී මේ ගීතය ප්‍රචාරය කිරීමෙන් තම අශිලාචාර තිරිසන්බව පෙන්වීමට පාලකයින් කැමැත්තෙන්ම ඉදිරිපත්වුනා.ඒවගේමයි අද මේ රට විනාශ කරමින් සිටින රනිල් වික්‍රමසිංහ නම් ඒකාධිපතියා එදා ජේ ආර් නම් එකාධිපතියාගේ සෙවනේ පාර්ලිමේන්තුවේ සිටි ඔහුගේ බෑනයි .

:       3       11

ලුම්බිණි Tuesday, 16 May 2023 01:36 PM

මම හිතා උන්නේ ජේ ආර් මේක ජාතික උරුමය කළා කියල. මේක ජාතික උරුමයක් නම් මේ ගීතයත් සමගම ජාතික උරුමයක් බවට පත්කිරීමට සුදුසු ගීත සහ කවි: ගැල් කවි, පාරු කවි, ගොයම් කවි, පැල් කවි වගේ දේවල්. ඒවත් සංස්කෘතිකමය වටිනාකමින් යුත් දේවල් නේද?

:       0       0

A German musician. Tuesday, 16 May 2023 02:06 PM

මෙම ගීතය මුල් ගීතයක් නොවේ. මෙම තනුව ඉන්දියානු සංගීතඥ විශ්වනාත් ලවුජි විසින් සිරි සඟබෝ නාට්‍ය සඳහා ජර්මානු ගීතයකින් පිටපත් කර ඇත.

:       0       1

Dhammike Herath Tuesday, 16 May 2023 03:08 PM

දන්නෝ බුදුන්ගේ .... කියන්නේ බෞද්ධ ගීතයක් නොවෙයි. ඒක ''පුර වැනුම් ගීතයක්". ඒකෙන් කියවෙන්නේ 'අනුරාධපුරය' කියන පුරවරයේ අලංකාරයයි. බොහෝ දෙනෙක් "බුදුන්ගේ" කියන වචනය තියෙන නිසා ‌මේක "බෞද්ධ" ගීතයක් කියලා වරදවා වටහාගෙන තියෙනවා. මෙම ලිපිය ලියන ලේඛකයාත් ඒක වරදවා වටහාගෙන ඇති බව පේනවා. එයා ‌"බෞද්ධ ගීතය" කියලා ලියලා තියෙන එක "පුර වැනුම් ගීතයක්" ලෙස නිවැරදි කරන්න.

:       0       6

SUNIL MILANO Tuesday, 16 May 2023 03:35 PM

සාදු සාදු සාදු

:       1       3

ANURA ROME Tuesday, 16 May 2023 03:39 PM

කිසිම දෙයක වටිනාකමක් නොදන්න හාල්පාරැවො මෙවැනි උතුම් දෙයකටත් විරුද්ධ වෙයි.

:       1       5

Ravindu Tuesday, 16 May 2023 05:56 PM

දන්නෝ බුදුන්ගේ ගීතය නූර්ති ගීතයක්. 1903 නීතිඥ ජෝන්ද සිල්වා සූරීන් විසින් රචනා කළ සිරිසඟබෝ නූර්තියේ ගෝඨාභය, සංඝතිස්ස හා සඟබෝ යන තිදෙනා අනුරාධපුරය බලා ගමන් කරන අතරමග ජවනිකාවේදී ගායනා කරන ගීතයක්. ඒකෙ අන්තිම පද පේළියේ සඳහන් වෙනවා "අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ" කියලා.. ඒ කියන්නේ මේ මාර්ගයේ යද්දී අනුරාධපුර නගරය හමුවෙනවා කියන එක. තව දෙයක් මේ ගීතයේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ විශ්වනාත් ලව්ජි විසින්.. ඒ උත්තර භාරතීය රාගධාරී සංගීතයට අනුව.. මේ ගීතය වර්තමානයේ ඉතා අලංකාර තනු නිර්මාණ යොදාගෙන විවිධ පුද්ගලයින් විසින් ගායනා කරලා තියෙනවා. මේ ගීතය ජාතික උරුමයක් වෙන්න නම් ඒකේ තනුවත් දේශීය එකක් වෙන්න ඕනෑ.. කෙසේනමුත් මේ ගීතය විවිධ තනු නිර්මාණයන් ඔස්සේ ගායනා කිරීමට හැකිවන සේ කරන දෙයක් කරා නම් හොදයි කියලා මට හිතන්නේ... නැත්නම් මේ ගීතය ඉදිරි පරම්පරාවට අහන්නවත් ලැබෙන එකක් නෑ.. මෙහෙම ගීතයක් තියෙනවා කියලා හරි බොහෝ දරුවන් දැනගත්තේ අමරදේව මාස්ටර්, නන්දා මාලනී මහත්මිය ගායනා කරපු නිසා..

:       0       0

sunil Tuesday, 16 May 2023 09:22 PM

ඔය ගීතයේ තනුව කොපියක් බව වත් නොදන්නා අය තමයි ඉන්නේ. දන්නේ නැත් නම් සොයා බලා තීරණ ගැනීමටවත් බුද්ධිමත් බවක් නැහැ. ස්වතන්ත්‍රව නිෂ්පාදිත උතුම් ගීතයි ජාතික උරුම ලෙස සැලකිය යුත්තේ... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 18 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 57 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 203 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල



මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1334 5

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


සමහරුන්ට නියම වන දඬුවම් මේ ආත්මෙ ගෙවන්න බැරිවෙයි
2025 අප්‍රේල් මස 21 813 3

ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 453 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 275 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 430 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site