(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි 144කට ආසන්න මුදලක් ලබාගෙන ආපසු නොදී වංචා කළ බවට ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව චෝදනා 10ක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (05) නඩු 07ක් ගොනු කළේය.
මෙම සිද්ධියට අදාළව චූදිතට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරන ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුව මෙලෙස චෝදනා ගොනුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
එම චෝදනාවන්ට තමන් නිවැරදිකරු බවට අද (05) විවෘත අධිකරණයේ පෙනී සිටි චූදිත බ්‍රයන් තෝමස් මහතා සඳහන් කළ අතර ඒ අනුව එම නඩු විභාගයට ගැනීමට අධිකරණය තීරණය කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙලෙස නඩු පවරනු ලැබුවේ නො. 25, පැල්මයිරා ඇවනිව් කොළඹ පදිංචි බ්‍රයන් තෝමස් මහතාටය.
වර්ෂ 2017 සිට අවස්ථා 20කදී රුපියල් එකසිය හතලිස් තුන් කෝටි හැත්තෑතුන් ලක්ෂ පනස් අටදහස් හයසිය හැටපහක (රු. 1,437, 358, 665/) මුදලක් නො. 39, මල්පාර, කොළඹ 07 ලිපිනයෙහි පදිංචිව සිටි දිනේෂ් ෂාෆ්ටර් යන අයගෙන් චෙක්පත් 20කින් ලබාගෙන ඇති මෙම චූදිත එම මුදල් නැවත ලබා නොදී වංචා කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දීනේෂ් ෂාෆ්ටර්ට කෝටි 144ක් වංචා කළාට බ්‍රයන් තෝමස්ට නඩු