IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දුප්පත්කම නැති කරන්න වැඩසටහන් ක්‍රියාවට නංවනවා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දුප්පත්කමින් පෙලෙන රටේ බාගයක් ජනතාවගේ දුප්පත්කම නැති කරන්න නව වැඩ සටහනක් ක්‍රියාවට නංවනවා. දිගින් දිගටම සහනාධාර දෙන ක්‍රමය නවතා ජනසවිය වැනි ක්‍රමයක් ක්‍රියාවට නැංවිය යුතුවා යැයි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මීරිගම දී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධූර අපෙක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මීරිගම ආසන සංවිධායක ප්‍රසාද් සිරිවර්ධන මහතා, අත්තනගල්ල, දිවුලපිටිය, මීරිගම ආසන සංවිධායකවරුන් සමග සංවිධානය කළ ජන රැළිය අමතමිනි.

එහිදී අදහස් පල කළ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

රටම ණය කන්දක හිරවී තිබෙන මොහොතක, ජනතාවගේ ජන ජිවිත හැකිලි තිබෙන මොහොතක, දුෂ්කර ජිවිතයකට මුහුණ දෙන ලක්ෂ 220 ක් වන ජනතාව දුකින් මුදවා ගැනීමට ලබාදිය හැකි උපරිම ශක්තිය සැප්තැම්බර් 21 වැනිදා ලැබෙන ජනවරම හරහා ලබාදෙන්න අපි සුදානම්.

රටක් පාලනය කරනවා කියන්නේ රටට සේවය කිරිමයි. එය ඉතාම අසිරු කාර්යයක්. රට වැටි තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගැනිමට සාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි. එයින් දුක් විදින ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිමට හැකියාව ලැබෙනවා.

ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා ලබාගත්ත ණය මරු උගුලේ අපි හිරවුනා. 2022 සිට වාර්ෂිකව බිලියන ගණනාවක ණයක් ගෙවන්න තිබෙන බව එවක රජයේ සිටි පිරිස දැනගෙන හිටියා. නමුත් බලය ලබාගත්ත ගමන් ඔවුන්ගේ ගජමිතුරන්ට බදු සහන ලබාදිලා සියයට 12 කට තිබුණ රාජ්‍ය ආදායම සියයට 6 ට වට්ටලා දැම්මා.

රාජ්‍ය ආදයම දළ දේශිය නිෂ්පාදනයේ සියයට 10 ත් 11 ත් අතර ප්‍රමාණයක් තුළ. අද වනවිට අපි ලතවෙනවා. ක්‍රමෝපායිකව රටේ ආර්ථිකය හසුරුවන්න ඕන. ආර්ථිකය දුවන එන්ජිමට ජිවය ලබාදෙන්න ඕන. ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන කර්මාන්ත ආරක්ෂා කරන්න ඕන. අපනයක කේන්ද්‍රිය ආර්ථික වර්ධනයකට අපි යොමු වෙන්න ඕන. අපේ රටට සෘජු විදේශ ආයෝජන ලබාගැනිමේ හිතකර පරිසරයක් නිර්මාණය කළ යුතුයි. ආයෝජකයෝ එන්නේ දුෂණය වංචාව නැති නම් පමණයි. ආයෝජකයන් අපේ රටට ගෙන්වා ගැනිමට අවශ්‍ය හේතු අපි හදන්න ඕන. අයෝජකයෝ එන්නේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන්. අයෝජකයෝ ගෙන්න ගන්න ඕන රටේ අපනයක ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නයි. තරුණ ප්‍රජාවට රැකියා ලබාදෙන්නයි. ඒ සදහා අයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරලා රටට සෘජු විදේශ අයෝජන ලබාගන්න හැකි ආර්ථික පරිසරයක් සමගි ජන සන්ධාන රජයක් තුළින් ගොඩනගනවා.

දුෂණය වංචාව හොරකම තුළ රටට සම්පත් අහිමි වෙලා තිබෙනවා. අහිමි වුණ සම්පත් අපි ලබාගන්නවා. දුෂණයෙන් වංචාවෙන් රට විනාශ කළ සියලු දෙන නිතිය හමුවට ගෙන එනවා. රටෙන් හොරාකපු මුදල් ලක්ෂ 220 ක් ජනතාව පෝෂණය කරන්න යොදවනවා.

මට අගමැතිධුරය ලබාගන්න කියලා අරාධනා කළ පමණින් අවස්ථාවාදි දේශපාලනය හරහා තනතුරු ලබාගන්න මට හැකියාවක් නෑ. ගෝඨාභය රාජපක්ෂ අගමැතිධුරය භාරගන්න කියපු අවස්ථාවේත් ඒ ප්‍රතිපත්තියම මම අනුගමනය කළා. අගමැති වුණානම් රට බංකොලොත් කළ හොරුන්ගේ රැකවලා බවට මට පත්වෙන්න සිද්ධවෙනවා. මම හොරුන් රකින පාලකයෙක් නෙවෙයි. මාව වරදාන වරප්‍රසාවලට නංවා ගන්න බෑ. මම පොදුජන කේන්ද්‍රීය දේශපාලනයෙන් බැහැරවෙලා කටයුතු කරන්නේ නෑ. සමගි ජන සන්ධානයේ කිසිම කෙනෙක් වෙන්දේසි වෙන්නේ නැති බව කියන්න ඕනෑ.



අදහස් (5)

දුප්පත්කම නැති කරන්න වැඩසටහන් ක්‍රියාවට නංවනවා

Hiru Tuesday, 20 August 2024 05:55 AM

රනිල් 1977 සිට දේශපාලනයේ යෙදී සිටින අතර තවමත් විහිළුකාරයෙකු මෙන් රැස්වීම් අමතමින් එක්සත් ජාතික පාක්ෂිකයින් පසුගිය මැතිවරණයේදී ලෝකයේ කිසිම හිටපු අගමැතිවරයෙකුට අඩුම ඡන්ද ලබා දීම ගැන (ඔහුගේ මනාප පවා ගණන් කර නැත) ඔවුන්ගේ කෝපය පෙන්වූහ. අඩු ගුණාත්මක ගෑස් බෙදා හැරීමෙන් මතක තබා ගන්න; අහිංසක ජීවිත කිහිපයක් විනාශ වී ඇති අතර එයට වගකිව යුතු බොහෝ දෙනෙක් ඔහු සමඟ මෙම වේදිකාවේ වාඩි වී සිටිති. ශාපයක් ලෙස මරා ගෑස් ටැංකිය ලකුණින් ඡන්දය ඉල්ලනවා.

:       0       0

Perera Tuesday, 20 August 2024 07:42 AM

ලෝකයේ දුප්පත්කම තුරන් කරපු එක රටක් ගැන දන්නවා නම් කියන්න කවුරුහරි...

:       0       0

තරස්ත මාෂල් Tuesday, 20 August 2024 07:48 AM

තාවකාලිකව ඉඳලා ජනාධිපති මන්දිරයේ පුරාවස්තු එංගලන්තයට යැව්වා නම්, දිනලා ආවොත් මොකුත් ඉතුරු කරන එකක් නැහැ.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 20 August 2024 08:04 AM

සජිත්ට පෝයත් අමතක වෙලා ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දූන්නාට පස්සේ..., වැරැදිලාවත් ජනාධිපති වුණොත් පන්සලත් අමතක වෙයිද දන්නේ නැහැ.... අපේ හාමුදුරුවනේ...!

:       0       0

Pradeep Kumara Tuesday, 20 August 2024 10:27 AM

හාල් කිලෝ 10 ගානේ දීලා වෙන්න ඇති දුප්පත්කම තුරන් කරන්න හිතාගෙන ඉන්නේ. පව් අනේ ඔයා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 718 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4620 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2778 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 255 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1366 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1476 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28015 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site