IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දෙමටගොඩ රුවන්ගේ පුතාට - බිරිඳට - සහෝදරියට නඩු

(රෝෂන් තුෂාර)

උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි සියයකට  අධික දේපළ සන්තකයේ තබා ගැනීමින් මුදල් විසුද්ධිකරණයට ආධාර අනුබල දුන්නේ යැයි කියන  දෙමටගොඩ රුවන්ගේ  පුත්‍රයා, බිරිඳ සහ සහෝදරියට අධි චෝදනා තුනක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද(08) පැවසීය.

සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක  සම්පත් රාජකරුණා මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප හයක් මත සැකකරුවන් මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට නියෝගයක්ද නිකුත් කළේය.

මෙලෙස අප මතමුදා  හරින ලද්දේ  වූයේ එස්.පී. තරිඳු මදුශංක,ජෝන් පීටර්ලාගේ ශානිකා ලක්මිණී සහ  සමන්තී නිර්මලා යන සැකකරුවන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසීය.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් නීති විරෝධීව වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විසුද්ධි කරන පනත යටතේ සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරනවා.

මෙම තරිඳු නමැති සැකකරු සම්බන්ධයෙන් තවත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.මේ අනුව ඔහු රුපියල් මිලියන 1000කට අධික දේපළ තවදුරටත් මිලදීගෙන ඇති බවට විමර්ශන මගින් අනාවරණය වෙනවා.පාර්ලිමේන්තුව අවට කෝටි ගණනක් වටිනා දේපළ සම්බන්ධයෙන්ද අපි විමර්ශන ආරම්භ කළා.මෙම විමර්ශනයන්ට බාධා විය හැකි බැවින් සැකකරුවන්ට ඇප ලබාදීම නොකරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

සැකකරුවන් වෙනුවෙන් ජේෂ්ඨ නිතිඥ ගාමිණි අල්විස් මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසීය.

මෙම නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2022 වසරේදීත් මෙම කරුණම සඳහන් කළා.නමුත් මෙම නඩුවේ පළමු සැකකරු රුවන්ට  කොන්දේසි විරහිතව ඇප නියම කිරීමට මහාධිකරණය තීන්දු කර තිබුණා.

සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර කරන්න හැමදාම මේ කරුණ කියනවා.විමර්ශන අවසන් කර අධි චෝදනා  ගොනු කරනවා කියලා නීතිපතිතුමා පැහැදිලිවම කියලා තිබියදී විමර්ශනවලට බාධා කරන්නේ කොහොමද ස්වාමීනි,සැකකරුවන්ගේ දේපළ තහනම් කරල තියෙන්නෙ..විමර්ශනවලට බාධා කරන්නට ඔවුන්ට හැකියාවක් නැ.දේපළ තෙවැනි පාර්ශවයකට පවරන්න කොහොමටවත් බෑ.එම නිසා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටිනවා.
එම කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප නියම කළේය.



අදහස් (0)

දෙමටගොඩ රුවන්ගේ පුතාට - බිරිඳට - සහෝදරියට නඩු

ඔබේ අදහස් එවන්න

දියත

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 126 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 522 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


ජනපති- IMF සාකච්ඡා දෙවන දිනටත්
2024 ඔක්තෝබර් මස 04 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1113 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 993 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site