IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට


(සුජිත් හේවාජුලිගේ)

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී  සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.

ඇය  ඊට අදාල   ලිය කියවිලි වලට ඊයේ  අත්සන් තැබුවාය.

මේ සම්බන්ධයෙන් දමිතා අබේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ දුක් විඳින ජනතාව වෙනුවෙන්  යම් මෙහෙවරක් කිරීමට ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට තීරණය කළ බවයි.

ජනතාවගේ සහ විශේෂයෙන්ම කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන  තමාට හොඳ අවබෝධයක් ඇතැයිද ඇය සඳහන් කළාය. දමිතා අබේරත්න මහත්මිය දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ  චිත්‍රපට සහ ටෙලි නාට්‍ය  කුසලතා පූර්ණ  රංගන ශිල්පිනියකි.



අදහස් (31)

දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට

Anu viraj Wednesday, 09 October 2024 08:40 AM

එක මනාපයක් දෙන්න එපා...

:       3       45

වික්‍රම විදුරWednesday, 09 October 2024 03:41 PM

ලක් අම්මා කියන නම දූෂණය කරපු මුදලට විකුණුනු මේ ගැහැණියට මීට පස්සේ කියන්න සුදුසුම නම "ලැට්ටම්මා" තමයි.

:       0       20

ලුම්බිණි Wednesday, 09 October 2024 08:42 AM

අපොයි ලක් අම්මා...!

:       2       40

janahitha Wednesday, 09 October 2024 08:43 AM

විදේශ රැකියා ඒජන්සිය දියුණු කරගන්නත් එපෑයැ රට වෙනුවෙන්..., දුප්පත් ජනතාව වෙනුවෙන්... ජනතාව කියනවා මින්මතු ව්‍යාජ චීවරධාරීන්ට අසුන් නොවෙයි කියලා..

:       3       37

මැක්ස් Wednesday, 09 October 2024 08:51 AM

රත්නපුර සජබය්යන් තම ආහාරය පිණිස ගන්නේ බත් ද එසේත් නැත්නම් තණකොළ ද යන වග මෙම ඡන්දයේ දී රටට දැන ගැනීමට හැකි වනු ඇත...

:       4       46

Ruwan Wednesday, 09 October 2024 08:57 AM

ඔට්ටුයි ඡන්ද 1000ක් ගන්නේ නෑ...

:       3       40

Nimal Wednesday, 09 October 2024 09:02 AM

බලමු රත්නපුරෙත්, පුත්තලම වගේද කියලා..

:       3       36

chamath Wednesday, 09 October 2024 09:05 AM

අනේ වඳින්නම් රත්නපුරේ මිත්‍රවරුනි, මේ වගේ බොල් චරිත නම් එවන්න එපා පාර්ලිමේන්තුවට. මොන පක්ෂෙන් වුණත් වැදගත් චරිත පමණක් තෝරාගැනීමට මෙදාපාරවත් බුද්ධිමත් වන්න...

:       0       43

maalaka Wednesday, 09 October 2024 09:10 AM

ජනතාවගේ කෙසේවෙතත්, තමාට ඇති චෝදනා නිදහස් කරගන්න නම් ඕනෙ ඇති... ආවොත් තවත් වට්ටිඅම්මා කෙනෙක් පාර්ලිමේන්තුවට.. රත්නපුර ඡන්ද දායකයිනි, බොහොම පරිස්සම් වෙන්න මේ ඇත්තිගෙන්...

:       0       41

අරවින්ද මොනරවිල Wednesday, 09 October 2024 09:16 AM

පාර්ලිමේන්තුවට යන්න එකම සුදුසුකම කටවාචාලකම නම් මෙයා හොඳයි. තවත් ඩයනලා, පවිත්‍රලා සහ ගීතලා රටට අවශ්‍ය නැහැ.. ඒ වෙනුවට හරිනිලා, සුදර්ශනීලා යවමු.

:       2       34

Rama Wednesday, 09 October 2024 05:00 PM

අරවින්ද මොණරවිල, කොච්චර වුනත් ගීතා කුමාරසිංහ දමිතාට වඩා ගොඩාක් හොඳයි. තරුණ වයසේ නිළියක් ලෙස කොහොම වුණත් වැඩිහිටි ගැහැණියක් ලෙස ව්‍යාපාර කරලා අනුන්ට රස්සාවල් දුන්නා මිසක් අනුන්ගේ සල්ලි වංචා කරේ නෑ. ඒ වගේම බෙන්තර පළාතේ අයට මන්ත්‍රී කෙනෙක් ලෙස උදව් කරපු බව මිසක් ගසා කාපු බවක් ඇහෙන්නෙත් නෑනේ. පුද්ගලික ජීවිතේට වැඩිය මහජන ජීවිතය බැලුවොත් ගීතා පවිත්‍රලාට වඩා ඉහළයි. ඡන්දේ දෙන්න ඕනෑ නෑ ඒත් සංසන්දනය කරන්න. වෙනස පේනවා. දමිතාට වඩා නම් හැතැක්ම ගාණක් ඉස්සරහා.

:       0       14

Nelu Wednesday, 09 October 2024 06:21 PM

ගීතා කුමාරසිංහ නැවතත් පාර්ලිමේන්තු ගියාට ප්‍රශ්නයක් නෑ. මහජන නියෝජිතයෙකු ලෙස පොදු දේපල අවභාවිතය කරපු බව අහලා නෑ. රාජ්‍ය ඇමැතිවරිය ලෙස යම්කිසි වැඩ කොටසක් කරලා තියෙනවා. රටට නරකක් කරලා නෑ... අර ගොන් රෑන පස්සේ ගිහින් රනිල්ට සහාය දක්වන්න ගියාට...

:       0       4

රම්බොඩ Wednesday, 09 October 2024 09:16 AM

මේ වගේ චරිත වලට ඡන්දෙ දෙන මිනිසුන් ඉන්නවා නම් මොනවා කරන්නද?

:       0       25

RR Wednesday, 09 October 2024 09:35 AM

පට්ට ගොනෙක් දැම්මනම් ඊට වැඩිය හොඳ වෙයි...

:       7       86

Edirisingha Wednesday, 09 October 2024 09:36 AM

හේෂාගේ තීරණය හොදයි රත්නපුර ප්‍රදේශයේ පදිංචි ජනතාව ඔහොම අයට හරි කැමතියි උඩුවේ හාමුදුරුවෝ .රංජන් රාමනායක හිරුනිකා වගේ අය ආවොත් රොද බැදගෙන බලන්න ආවා .මෙහෙම අයට ඡන්දය දෙන්න මැළිවෙන්නෙත් නැහැ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය මාලිමා නියෝජිතයන් තියා හරිහමන් සාමාජිකයෙක් වත් දකින්නට නැහැ. අඩුම තරමින් තමන්ගෙ ගමට යම් සේවයක් කල කෙනෙක් නම් ඇත්තෙම නැහැ .ඒත් ප්‍රදේශයේ සිටින උගතුන් කියාගන්නා පිරිස් වුනත් දුරදිග නොබලා කටයුතු කරන අය නිසා මාලිමාව ඡන්ද පදනමක් හදාගනීවි

:       8       31

Pradeep Kumara Wednesday, 09 October 2024 10:01 AM

"දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට..." දුක් විඳින ජනතාවට රට රැකියා සිහින පෙන්වා මුදල් ගරාගත් හැටි ඇයට අමතක වෙලාද? ඇය දැන් විකට ජවනිකාවල රඟ දක්වනවද?

:       7       62

Asanga thiththagalla gamage Wednesday, 09 October 2024 10:09 AM

ලක් අම්මට ගෙදර යන්න වෙන්නේ මේ සැරේ තමයි. මේකි හොදට හම්බකරගත්තා අරගලයෙන්.

:       4       66

kamal Koyrala Wednesday, 09 October 2024 11:20 AM

අරගලය පාවාදුන් වංචා /හොර වැඩට පවුලම දක්ෂ මේ අයට, රත්නපුර උගත් බුද්ධිමත් ජනතාව මැන ගත හැකිය

:       5       56

Chamila Wednesday, 09 October 2024 11:26 AM

රන්ජනයට විතරයි හොඳ බව අයත් ,එයාට චන්දෙ දෙන අයත් අවබෝධ කර ගන්නේ නම් හොඳයි

:       4       32

Gunendra Wednesday, 09 October 2024 11:29 AM

සජිත්ගේ පක්ශෙ ඉන්නේ පිරිසිදු අය විතරයි ලු, අර මිනිසුන්ගෙන් වංචා කල සල්ලි ගෙවල ඉවරද?

:       6       54

Swarna Wednesday, 09 October 2024 12:27 PM

මෙලෝ රහක් නැති, නූගත් මේ වගේ කෙනෙකුට අපේ රටේ බත් කන හරක් කතිරය ලස්සනට ගහයි. ගූ මුට්ටි ගහලා මෙයාලාව එළවන්න ඕනේ. මෙයාට දුන්නොත් අර පබාට දුන්නා වගේ හිටීවි...

:       0       19

fairoos Wednesday, 09 October 2024 12:41 PM

කවුරු මොන පක්ෂයෙන් ආවට ජනාධිපති ඡන්දෙ වගේ නෙවෙයි. මේ පාරනම් මුළු ලංකාවම මාලිමාවට තමයි ඡන්දෙ දෙන්නේ.

:       4       25

P.d goonawardene Wednesday, 09 October 2024 12:43 PM

පරණ අය ඉන්නේ ඔය ඒරියා එකේ තමා... ලේසියිනේ...

:       1       7

ජනරළ Wednesday, 09 October 2024 01:11 PM

මෙයාගේ මුහුණ බැලුවත් මොලේ තියෙන කෙනෙකුට තේරෙනවා හරිම කපටි කෙනෙක් බව... අරගලය වෙලාවේ හෙමිහිට සයිඩ් එකෙන් ඇවිත් ඇතුළට රිංගාගෙන අව්වේ වේලි වේලි වැස්සට පින්නට තෙමි තෙමී කෑ ගගහා උඩ පැනපැන දඟලමින් තමන් අරගලයේ ප්‍රධාන වීර වරියක් බව පෙන්නන්න කටයුතු කළා. ඒ සඳහා දිගු කලක් ටෙලි නාට්‍ය, චිත්‍රපට රඟපෑමෙන් ලබපු අත්දැකීම, පුරුද්ද මැනවින් ඉවහල් කර ගත්තා. සජිත්ගේ වැඩේ ඉතින් ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැනේ. ඕනෑම එපා කරපු කෙනෙක් හිතන්නේ බලන්නේ නැතුව කෙලින්ම තමන්ගේ පක්ෂෙට එකතු කර ගන්නවා...

:       1       23

Roshan Wednesday, 09 October 2024 01:25 PM

නොමිලේ ප්‍රචාරය...

:       1       14

Don perea Wednesday, 09 October 2024 01:44 PM

මීට වඩා වැදගත් වෙන්න, මිනිස්සුන්ට ගරුකරලා කතාකරන්න.

:       2       8

Pankumburage Wednesday, 09 October 2024 01:47 PM

මේ වගේ ගෑනුන්ට ඡන්දේ දෙන්න තරම් මෝඩයෝ රත්නපුරේ නැහැ.

:       2       24

උඩුකුඹුරගෙWednesday, 09 October 2024 04:17 PM

රත්නපුර දිස්ත්‍රික්කයේ මිනිස්සු තමන්ගේ දිස්ත්‍රික්කයේ අයට තියෙන අකමැත්ත නිසා මැය රත්නපුර දිස්ත්‍රික්කයට අපනයනය කරන්න ඇති... රත්නපුර දිස්ත්‍රික්කයේ ආනයනය කළ අයට පමණයි ඡන්දය දෙන්න වඩාත්ම කැමැත්ත තියෙන්නේ... තමන්ගේ ඡන්ද බල ප්‍රදේශයේ කෙනෙකුට නම් රත්නපුරේදී ඡන්දය ගන්න බැහැ.. ඒක තමයි ඇත්ත තත්වය වාසිදේව. නන්ද මැතිව් විමලනාග වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේත් රංජන් පළාත් සභාවේත් අසුන් ගත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ මිනිස්සු නිසා තමයි... ඒ පදනමෙන් බැලුවොත් දමිතා වුණත් පරදින එකක් නැහැ.

:       1       3

S. Udda Wednesday, 09 October 2024 02:56 PM

මුදල් වංචාවක නඩුවක් නිසා රිමාන්ඩ් කරලා ඉඳලා ඇප පිට ඉන්න කෙනෙක් නේද මේ? තාම නිදහස් නෑනේ. ඉතින් කොහොමද පිරිසිදු චරිතයක් කියන්නේ. අනේ මන්දා සජිත් මාර ඒවා තමයි කරන්නේ...!

:       0       11

විපරමා Wednesday, 09 October 2024 03:20 PM

මේ වගේ කෙනෙකුට නාම යෝජනා දීපු කෙනා ඔක්කෝටම වඩා අන්ධ බාලයෙක් වෙන්ඩැති..!

:       0       11

Jayasekara Wednesday, 09 October 2024 03:23 PM

මෙයාලාව අතුගාලාම දාන්න ඕනේ ආයෙත් නොඑන්නම...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 78 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 77 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 169 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 92 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 210 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site