IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දීමනා නැතැයි උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවතට

(රංජන් කස්තුරි සහ යොහාන් භාසුර)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරු අද සිට ඉවත් වූහ.

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මේවර ලබා නොදීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත් වූ බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

උසස් පෙළ පිළිතුර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ඉකුත් වසරේදී දිනකට රුපියල් 2000ක විශේෂ දීමනාවක් ලබා දුන් බවත් මෙවර එම දීමනාව කප්පාදු කිරීම නිසා උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත්වූ බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ  කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවේ දීමනාවෙන් අත්තිකාරම් මුදලක් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද එය ඉටුනොකළ බවත් අද දහවල් වන තෙක් එම අත්තිකාරම් මුදල නොලැබීම නිසා ගුරුවරු උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත් වූ බවත් උන්වහන්සේ කීහ.

ගුරුවරු ස්යෙච්ඡාවෙන්ම උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත්ව ඇති බව කී යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ මෙය දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි පහරක් බව ද සඳහන් කළහ.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය ආචාර්යය සුසිල් ප්‍රේමිජයන්ත මහතා සඳහන් කළේ උසස් පෙළ පිළිතුරු පත්‍ර හා හැඟීමේ කටයුතුවල යෙදෙන පරීක්ෂකවරුන්ට දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව කප්පාදුවකින් තොරව එලෙසම ලබාදීමට පියවර ගන්නා බවය ලබන සදුදා කැබිනට් මණ්ඩලය රැස්වූ පසු ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවද සුසිල් ප්‍රේම ජයන්ත මහතා කීය.

 



අදහස් (4)

දීමනා නැතැයි උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවතට

kamal Thursday, 01 February 2024 04:15 PM

කලබල වෙන්ට එපා. ලබන සැරේ "සහෝදරවරු" පත් වුනාම රටේ ප්‍රශ්න සියල්ල විසඳෙනවා

:       0       2

රංබොඩ Thursday, 01 February 2024 05:24 PM

ඕං පටන් ගත්තා සුපුරුදු සෙල්ලම. දරුවන් ගෙ අනාගතය එක්කයි මේ කොටු පණින්නෙ

:       3       0

රට වැසියා Thursday, 01 February 2024 05:35 PM

ගුරුවරු කිව්වට ඒ ඔක්කොමලා ගුරුහොරු වෙලා තියෙන්නෙ. රුසියන් කාරයා සහ ජෙපි මහින්ද කොහොම හරි දරුවන්ට අධ්‍යාපනය නැති කරන්න තමයි පුළුවන් තරමින් උත්සාහ කරන්නෙ .උන්දැලා හිතාගෙන ඉන්නවා ඇත්තෙ ජින්පින් (චීනා) වගේ උන්ගෙ නායක තැනගෙ පම්පෝරි ඉගැන්වීම වෙන්න ඇති ගුරුවරු ආදායම් ලබන්නෙ දරුවො නිසා එහෙම තියෙද්දි දරුවන්ට අසාධාරණ වැඩ කලාම එහෙම කරන එවුන්ට මෙලොව පමණක් නොවෙයි පරලොවදීත් සුගතියක් නම් ලබන්න බැහැ. ධම්ම පදයේ කියන්නෙ කරන පව්කාරකම් කරත්තෙ අදින ගොනා පසුපස රෝදය කැරකෙමින් එනවා වගේ පස්සෙන් එනවා කියලා තමයි. කූඩැල්ලා කොට්ටෙ උඩ තියන්න බැහැ වගේ පව්කාරයො යහමගට ගන්න අමාරුයි .මෙහෙම ජනතාව පීඩාවට පත්කරන වෘත්තීය සමිති කාරයින්ට ජාතික ලැයිස්තු මගින් මංත්‍රී තනතුරු දීම වහාම අහෝසි කරන්න ඕන

:       4       1

චන්දන Thursday, 01 February 2024 06:12 PM

දැන් ද 2000 ඇමතිතුමාට මතක් වුනේ . ලබන සඳුදා වෙනකං හිටියේ ඇයි. පිළිවෙළකට වැඩක් කරනව නම් මේ වෙනකොට අවශ්‍යතා සම්පුර්ණ කර තියෙන්න ඕන .ගුරුවරුන් ට වැරදි පටවන්න බැහැ . පඩිය ට අමතරව ජීවිතය ගැට ගහගන්න තියෙන නීත්‍යනුකූල ක්‍රම ඒව.

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 129 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 293 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1088 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 213 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 332 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 963 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site