(යොහාන් භාසුර)
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුමින්ද සිල්වා මහතා පෙරේදා (10) රාත්‍රිය අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට නැවතත් ඇතුළත් කළ බවත් ඉන් අනතුරුව තත්වය බරපතල වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරය රෝහලේ මාස ගණනාවක් රැඳී සිටි දුමින්ද සිල්වා මහතා වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ අනුව ඊයේ පෙරවරුවේ එම බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගත්හ.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දුමින්ද සිල්වා ජාතික රෝහලට
Pradeep Kumara Sunday, 12 January 2025 09:13 AM
මැති ඇමති සහ ඇතැම් ප්‍රභූ යැයි කියා ගන්නා පුද්ගලයින් බන්ධනාගාර ගත වූ පසු ඉතා ඉක්මනින් රෝහල් ගත වීමට තරම් අසනීප වීම ගැන විමර්ශණයක් කලොත් නරකද? එහෙම නැත්නම් මේ කියන අය ඇත්තටම ලෙඩ්ඩුද?
දොන් සේතන් Sunday, 12 January 2025 12:00 PM
ඕවා කරන්න තමයි මොවුන්ට ඡන්දෙ දුන්නේ. නමුත් තාමත් අත ගගා ඉන්නවා මිසක් වැඩක් කරන පාටක් පේන්න නැහැ. මීළඟ ඡන්දෙට කලින් සිස්ටම් එක චේන්ජ් නොකළොත් ඡන්දේ ඉල්ලන්න එළියට බහින්න ඕන වෙන්නේ නැහැ.
බකල ජයාSunday, 12 January 2025 01:12 PM
වෛද්‍ය සහතික දෙන අති අවංක, අදූෂිත, සල්ලිවලට ගන්න බැරි නලාකාරයො ගැනත් හොයනවනං හොඳයි.
පොඩි එකා Sunday, 12 January 2025 10:46 AM
මෙයා එළියට දැම්මා නම් ඔය කියන සියලු රෝග නිවාරණයි. ජාතික රෝහලට දැම්මත් යන්නේ මර්චන්ට්ස් වාට්ටුවට. ඒක නිකන් හෝටලයක් වගේ... මහජන මුදලින්...
ලව්සික් Sunday, 12 January 2025 10:57 AM
හිරුණිකා නෝනාගේ අවධානය පිණිසයි..!
Kazi Shajahan Sunday, 12 January 2025 12:13 PM
දැන් ඉතින් හැමදාම මහ ඉස්පිරිතාල තමයි. බන්ධනාගාර රෝහලට වඩා ඕක හොඳයිනේ. ඒ/සී කාමර, ටීවී, ගෙදරින් කෑම බීම, තව ගෑණියෙක් විතරයි අඩු...
ආයම්මා Sunday, 12 January 2025 05:56 PM
දැං ඉතිං ඔක්කොම පැත්තකින් තියලා මේ බබා නලවපල්ලකෝ..!
Rangalla Gedara Wimalasena Monday, 13 January 2025 12:03 PM
යම් වැරද්දක් සිදු වූ හෝ නැති වූ පුදගලයකු හිර ගේ තබා මොහුගෙන් ජනතාවට ලැබෙන්න තිබූ විශාල සේවාවක් නැති කිරීම සුදුසු නැත