(විමුක්ති එස් රුද්‍රිගු)
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.
දුමින්ද සිල්වාට ලබාදී ඇති ජනපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය කරමින් ලබාදී ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
දුමින්ද සිල්වාට ජනපති සමාව ලබාදීමෙන් අගතියට පත් පාර්ශවය ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරුමඩුල්ල හමුවේ සලකා බැලූහ.
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්රී පුර පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ
Nimal Wednesday, 17 January 2024 10:50 AM
පෙනේද මිනීමරුවන් සමග සිටිනා ලස්සන.මේ මිනීමරුවන්ව නැවතත් කූරු ගණන් කරන්න දමන්න
wedage Wednesday, 17 January 2024 10:54 AM
ජය වේවා .නීතියට යටින් දුන්නු නියෝග වලට වැඩිකල් පවතින්න බෑ
Kazi Shajahan Wednesday, 17 January 2024 11:05 AM
අසේවනාච බාලානම් ,පණ්ඩිතානන්ච සේවනා .දුමින්ද ට උන දේ .අද හොඳ මිනිසුන් ආශ්‍රය කළා නම් මෙහෙම වෙන්නේ නැහැ දුමින්ද
Buddika Wednesday, 17 January 2024 11:10 AM
අධිකරණයට ගරු කරනව මේ තීරණය ගැන.දුමින්ද කියන්නෙ මිනීමරුවෙක් විතරක් නෙවෙයි. මැරයෙක් සහ කුඩු ව්‍යාපාරයට සම්බන්ධ අයෙක් බව දැනගෙනත් මේ රටේ පාලකයො ඌව ආරක්ශා කලා
Deepal Nirosh Wednesday, 17 January 2024 11:11 AM
ජනාධිපති පදවියට පත් වුණත් රටේ ව්‍යවස්ථාපිත නීතිය කුමක්ද කියා අධ්‍යයනයක් නො කර සහෝදර හරි හෙංචචයිලාගෙ හරි ඕන එපාකම් වලට වැඩ කරන්න ගිහිල්ල නාගත්තු මඩක තරම?
nalin Wednesday, 17 January 2024 11:11 AM
රටේ අදිධිකරණයට මාගේ උත්තමාචාරය. අදිධිකරණය රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නව කියල දැන් මිනිස්සු දන්නව.
Indhika Wednesday, 17 January 2024 11:39 AM
කට්ටිය වැඩිය කෑ ගහන්න එපා. චන්දේ ඉවර වුනු හැටියේ නිදහස් වෙනවා.
වික්‍රමWednesday, 17 January 2024 12:04 PM
ඒවා කවදාවත් හරි යන්නැ ඉදිරියෙදි AKD තමයි දිනන්නෙ. බය වෙන්න එපා.
Sachith Wednesday, 17 January 2024 11:40 AM
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය කරමින්.." මේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නියෝග තීන්දු තීරණ ගත්ත අයට විරුද්ධව මොනවද ගන්න ක්‍රියාමාර්ග ?
Rohan Wednesday, 17 January 2024 11:48 AM
රාජපක්ෂලාගේ නඩු තීන්දු නිෂ්ප්‍රභා කල ගරු මහේස්ත්‍රාත් තුමාට රටේ පුරවැසි ප්‍රණාමය
Alfread Wednesday, 17 January 2024 12:09 PM
මේක අධිකරණයත් විධායකයත් අතර ගැටුමකට හේතු වන තීන්දුවක්. මේ තීන්දුව යුක්තිය ඉටු වීමක් වුවත් අනාගතයේ නීතියේ ක්‍රියාත්මක වීම පිලිබඳව බරපතල ගැටලුවක් ඇති කරවීමට හේතුවක් වනු ඇත. එනිසා විධායකයත් අධිකරණයත් ගැටුම් ඇති නොවන ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනොත් ඊලඟ සිරියාව, ලිබියාව, ඉරාකය හෝ යුක්‍රේනය බවට ලංකාව පත් වනු ඇත. එනිසා යුක්තිය පිලිබඳව අධිකරණය හා විධායකය යන දෙකම ඉතාමත් බුද්ධිමත්ව හා දුරදක්නා නුවනින් යුතුව හා යුක්තිගරුකව ක්‍රියාත්මක වීම අනිවාර්ය වේ.
Rata Perata Wednesday, 17 January 2024 12:39 PM
ඊලඟ පියවරට යමු. තීන්දුව දුන්නට මිනිහට ඳඩුවම් දෙමු.
Aravinda Monarawila Wednesday, 17 January 2024 01:02 PM
හොරුන්ගේ, දූෂිතයන්ගේ හා මිනීමරුවන්ගේ කාලය අවසාන වේගෙන එන බව තමයි මේ පේන්නේ. රටේ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට ක්‍රියාත්මක කරන යුගය අතළඟ බව පෙනෙනවා..
nanda Wednesday, 17 January 2024 01:37 PM
විධායක බලතල තියෙන්නේ රටට යහපත් දේවල් කරන්න මිසක් තමන්ට ඕනෑ විදිහට මිනීමරුවන් ආරක්ෂා කරගන්න නෙවෙයි.
siri Wednesday, 17 January 2024 01:40 PM
රටේ අධිකරණය උත්තරීතරයි. ජනතාව ඒ ගැන විශ්වාස කරනවා... ගරුකරනවා.
ashok Wednesday, 17 January 2024 01:47 PM
පව්කාරයින්ට කවදාවත් ගැලවීමක් නැහැ. පොහොට්ටුවත් මේ පවුවලට කරගහලා... ඒකත් දියවෙලාම ගියා...
පිටිගල මිලානෝ Wednesday, 17 January 2024 02:17 PM
විරුවාගේ මොළේ තරම කියන්නේ ඒකවත් හරියට කරගන්න බැරිවුණා. අනිත් හැම වැඩක්ම වාගේ…
daya Wednesday, 17 January 2024 02:19 PM
බලය, මිලමුදල් තිබුණා කියලා පුරවැසියකුට වැඩි අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ... නීතිය හමුවේ එක සමානයි. දේශපාලන නායකයන්ටත් හොඳ පාඩම්... මේවා මෝඩ වැඩ... මින් ඉදිරියටවත් නොකරන්න.
චන්දන නන්දන Wednesday, 17 January 2024 02:19 PM
විරුවා මරුවා සමග වාසේ.!
achini Wednesday, 17 January 2024 03:12 PM
අධිකරණයට ජයවේවා...!
sudesh Wednesday, 17 January 2024 03:24 PM
විරුවා කරපු එක හොඳක් නෑ...
එස් ජයරත්න Wednesday, 17 January 2024 05:06 PM
එක හොඳක් තියෙනවා. අරගල කාලේ කුමක් හෝ හේතුවක් නිසා තුවක්කු බලය භාවිතා නොකිරීම සහ රටෙන් පැන්න එක...
Pradeep Wednesday, 17 January 2024 04:48 PM
මන්නාරම් තෙල් නිධි මතුවීම.. ලසන්ත ඝාතකයින් සෙවීම.. තාජුඩීන්ගේ ඝාතකයින් සෙවීම... මහ බැංකු හොරු ඇල්ලීම.. වගේ .. ඡන්දෙ කාලෙට මතක් වෙන ලිස්ට් එකට අලුතින්ම එකතු වුණු එක...
පුරවැසියා Thursday, 18 January 2024 09:47 AM
යක්ෂයාගේ හෝරාව උදා වී ඇත පාලන බලය හොර නඩයෙන් සාමාන්‍ය ජනතාව අතට පත් වෙන එක වලක්වන්න සියලුම උත්සාහ ය න් යොදනු ඇත. මෙහි ඇති ජනතාවාදී අදහස් වලට අකමැත්ත ප්‍රකාශ කර ඇති ආකාරයෙන් එය දිස් වේ.