IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


දමාම් ගිය ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා යළි කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපළෙන් සෞදි අරාබියේ දමාම් බලා අද (14) සවස පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හයිඩ්‍රොලික් පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් , එම ගුවන් යානය පැය 02 යි විනාඩි 10 ක පසු යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට  එම ගුවන් යානයේ නියමුවා පියවර ගත්තේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 1263 දරන ගුවන් යානය නැවත කටුනායකට පියාසර කර ඇති අතර  එම ගුවන් යානය තුළ  මගීන් 146 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනකු සමගින් 157 දෙනකු ගමන් කර ඇත.

මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයකි .

කටුනායකින් අද සවස 5.45ට පිටත් වූ ගුවන් යානය යළි රාත්‍රී 07.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට එම ගුවන් නියමුවා පියවර ගෙන ඇත.

මේ වනවිට මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයකින් යළිත් දමාම් වෙත යැවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීහු පියවර ගනිමින් සිටිති .

 



අදහස් (1)

දමාම් ගිය ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා යළි කටුනායකට

ඇත්ත Wednesday, 15 December 2021 08:03 PM

රටේ බංකොලොත් භාවය සහ මෙම ආයතනයේ බංකොලොත් භාවය හේතුවෙන් මේවා නඩත්තු කටයුතු කලට, වේලාවට වෙනවද කියලා වගකිව යුත්තෝ බලනවද කියලා සැකයි. මොකද ජනතාවට වගකියන රජයේ ආයතන ලංකාවේ තියනවාද විශ්වාසයක් නෑ. හැමෝම තම තමන්ගේ කට්ටිය රජයට සම්බන්ධ රැකියාවලට දාලා අවශ්‍ය ප්‍රමාණයට වඩා දහගුණයක් සෙනග පුරවලා කොඳු පහළට නැමෙන වහල්ලු බෝ කළා මිසක් රට ගැන හිතුවේ නෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 94 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 308 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 192 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 379 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1422 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3167 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1922 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site