IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දුම්රිය උමගේ ගැටි විදේශිකයෙක් මරුට

(රංජිත් රාජපක්ෂ සහ ප්‍රසාද් රුක්මල්)

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් විදේශිකයෙකු දුම්රිය උමගේ ගැටි (03) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

උඩරට මැණිකේ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කල විදේශිකයා (03) දින පස්වරු 4 ට පමණ මෙසේ දුම්රිය උමගේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත.

නානුඔය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන දෙක අතර 19 දුම්රිය උමග අසලදි විදේශිකයා උමගේ ගැටි ඇති බවත්, මියගිය විදේශිකයාගේ සිරුර එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් හපුතලේ දුම්රිය ස්ථානය දක්වා රැගෙන ගොස් ඇති බවද එම නිලධාරියා පැවසිය.



අදහස් (7)

දුම්රිය උමගේ ගැටි විදේශිකයෙක් මරුට

de silva Monday, 03 June 2024 06:07 PM

ගමන් කරන දුම්රියේ පාපුවරුවේ එල්ලිලා ඡායාරූප ගන්න එක මෝස්තරයක් වෙලා, මේ විකාර වැඩ නිසා ජීවිත නැතිවෙනවා..

:       0       47

Lalith Monday, 03 June 2024 06:41 PM

රු.8000ක් ගෙවා ලබාගත් දුම්රිය ටිකට් එක කිසිදු වටිනාකමක් නැත. අපිරිසිදු අප්‍රසන්නයි. මාර්ගය පිලිබද විදේශිකයන් කිසිදු දැනුවත් කිරිමත් නැහැ , මේ අනතුර එහි ප්‍රතිඵලයක් . ඒ වගේම ඇල්ල දුම්‍රිරිය ස්තානයේ අක්‍රමවත් බව හා සේව්‍ය කරන අය හරි අකාරුනිකයි

:       3       28

End Game Monday, 03 June 2024 08:47 PM

දෙමෝදර දුම්රිය ස්ථානයේ ඉන්න නිලධාරීනුත් හරිම අකාරුණිකයි. කිසි සැලකිමත් නැග ටිකට් එක ගාන වැඩි වුනත් හරිම අපිරිසිදුයි

:       0       26

PRIYANTHA Monday, 03 June 2024 09:47 PM

බොහොමයක් දුම්රිය ස්ථාන කාර්යය මණ්ඩල හැසිරීම අන්තිමයි,

:       2       14

NANDALAL DE SILVA - France Monday, 03 June 2024 10:28 PM

මරුවාට සමච්චල් කරන්න වගේ, වවුලෙක් මෙන් දුම්රිය පාපුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූප ගහමින් සිය අවසන් ගමන ශ්‍රී ලංකාවේ සිදුකළ මෙම මැටි මොල් සංචාරකයාගේ වැරැද්ද ගැන විවෙචනය කරනවා වෙනුවට අපේ කමෙන්ට් කරුවන් අපෙ දුම්රිය ස්ථාන, දුම්රිය සෙවකයන් පතුරු ගහන බව පැහැදිලිවම පෙනෙනවා... මෙම විදෙස් සංචාරකයාගෙ රටෙත් මෙවැනි අන්දමට පාපුවරුවේ එල්ලී සෙල්ෆි ගහමින් යන්න බැරිබව මෙම කමෙන්ට් කරුවන් නොදන්නා බව පැහැදිලිවම පෙනෙනවා!!! බනින්න ඕන අයට සාධාරණ විදියට බෙරිහන් දෙන්න....

:       11       5

de silva Tuesday, 04 June 2024 02:07 AM

පාපුවරුවෙන් එලියට ඇලවෙලා පින්තුර ගන්න සහ රේල් පාරේ අනවසර ලෙස ඇතුළුවෙලා පින්තුර ගන්න සංචාරකයෝ සහ දේශීය මග පෙන්වනන් සහ වෙළෙන්දෝ නිසා බොහෝවිට උඩරට ප්‍රදේශයේදී රියදුරන් දුම්රිය ධාවනය කරන්නේ ඉතා හෙමින් , බදුල්ල , ඇල්ල ,දෙමෝදර වැනි දුම්රිය ස්ථානවල සේවකයන් බොහෝ දෙනෙක් නිතරම මාන බලන්නේ සංචාරකයන්ගෙන් කියක් හරි කඩා ගන්න ,සමහර වෙලාවල් වලට මොවුන් කීයක් හෝ ලබාගෙන සංචාරකයෝ රියදුරු කුටියේ පවා ප්‍රවාහනය කරනවා , මේවා ඉතා භයානක නීති විරෝධී වැඩ ,රාජකාරිය , දෙපාර්තමේන්තුවේ නීති රෙගුලාසි මේගොල්ල ක්‍රියාත්මක කරන්නේ නැහැ , එම නිසා දුම්රිය ප්‍රමාදවීම් සහ වෙනත් ප්‍රශ්න නිසා දුම්රියේ ගමන් කරන සාමාන්‍ය මගින් අපහසුත්වයට පත්වෙනවා , කරුණාකර දෙපාර්තමේන්තුවේ නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන්න ,සංචාරක වියපාරේ දියුණුවට කියමින් රටේ නීති කඩ කිරීම මෙම සංචාරකයන් පැමිණෙන බටහිර රටවල හෝ සිංගප්පූරුව , ජපානේ වගේ දියුණු ආසියාතික රටවල හෝ සිදු වන්නේ නැහැ

:       0       16

Vithana Tuesday, 04 June 2024 05:04 AM

ලෝකේ කිසිම රටක සිදු නොකරන දෙයක් ලංකාවේ බළධාරීන් කරනවා. ඒ තමයි මේ උඩරට දුම්රියේ අනාරක්ෂිත හැසිරීම් වලට ඉඩ දීලා උඩ බලන් ඉන්න එක. ඒවා ඡායාරූපගත කරලා සමාජ මාධ්‍ය වල දැම්මාම කුඩා දරුවන් පවා ඒ දේවල් කරන්න පෙළඹෙනවා. මේ අනාරක්ෂිත ක්‍රියාවන් වලට ඉඩ දීම සංචාරක ව්‍යාපාරය වර්ධනයට හේතු වෙනවා යැයි හිතනවා නම් ඒක මහ මෝඩ කමක්. මේකෙන් ලෝකෙට යන පණිවිඩය තමයි ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය අනාරක්ෂිත බව.

:       0       15

ඔබේ අදහස් එවන්න

දියත

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 141 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 167 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 71 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1225 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1494 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 126 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site