(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයක නිලධාරියකු හුනුපිටිය දුම්රිය හරස් මාර්ගය අසලදී ලොරි රියදුරෙකුගෙන් රුපියල් 2000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දි අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
පැමිණිලිකාර රියදුරු පැදවු ලොරි රථය ඉකුත් 26 වෙනි දින හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ ගැටී අනතුරට ලක්වී ඇති අතර එම අවස්ථාවේදී ඔහුගෙ ජාතික හැදුනුුම්පත සැකකාර දුම්රිය කාර්ය සහයක නිලධාරියා විසින් භාරයට ගෙන ඒ සම්බන්ධව හුනුපිටිය දුම්රිය ස්ථානාධිපති වෙත වාර්තා නොකර සිටීමට හා ඉදිරි නීතිමය කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 2000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබී ඇතැයි ජේෂ්ඨ පොලිස් අධිකාරි වරිය කීය.
ඒ පිළිබඳ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි එම ලොරි රථ රියදුරු අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව එකී මුදල ලබාගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරිය වැඩිදුරටත් පැවසුවාය.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය කාර්ය සහයක නිලධාරිවරයා රුපියල් 2000 ක අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
sampath Sunday, 28 February 2021 03:17 PM
මේවගේ දේවල් සම්බන්ධව ඉතා දැඩිව ඔය දෙපාර්තමේන්තුව ක්‍රියාකළ යුතුයි. මේ වගේ මහා පරිමාණ වංචාවල් නිසා තමයි ඔය තිරිංග නැති කෝච්චි පවා ගේන්නේ.. මෙවැනි දේ නතර කළොත් කොච්චිය සුපිරියටම දුවයි. ලංකාවේ කෝච්චි ටික කාටහරි නිකන් දුවන්න දුන්නට මේවගේ වැඩ නොවේ. හරියට ප්‍රවාහනේ දියුණු වෙන්න පුළුවන්.
Pradeep Sunday, 28 February 2021 04:01 PM
නියමයි. මේ වගේ පොඩි පොඩි අල්ලස් ගන්න, පොඩි පොඩි හොරකම් කරන අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. මහාපරිමාණයෙන් අල්ලස් ගන්න, හොරකම් කරන අය ඉන්න අපේ වගේ රටකට මේ වගේ පොඩි අය කරන්නේ නින්දාවක්...
Perera Sunday, 28 February 2021 06:47 PM
අල්ලස් අරන් බේරෙන්න නම් කෝටි ගණන් කුට්ටි ගන්න ලොක්කෙක් විය යුතුයි.
Rata Perata Monday, 01 March 2021 07:46 AM
ඕවා මොනවද? කෝටිපති ඇමෙරිකානු 10% පක්ෂත් හදාගෙන හොඳටම නිදහසේ ඉන්නේ.. ඔන්න ඔය අහිංසකයාට යන්න දෙන්න. ලංකාව කියන්නේ මිනීමරපු පිල්ලෙයාන්ටත් සමාවදීලා... නඩු අස්කරගත්ත රටක්...
Bamunuarachchi Wednesday, 03 March 2021 05:05 AM
මෝඩයා... රුපියල් 2000 ට විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් බිල්ලට දුන්නා..