IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දුම්රිය ධාවනයට සූදානම් කරයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කාර්යල දුම්රියන් පහණක් පමණ සේවයේ යෙදවීමට සුදානම් කර ඇතැයි දුම්රිය ධාවන බල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා පවසයි.

ධාවනයේ යොදවා තිබූ ඇතැම් දුම්රියවල මෙතෙක් පැවති කාර්මික දෝෂ ,විදුලි දෝෂ,මකුණු කරදර ඉවත් කර,නව ආසන සවිකොට වර්ණ ගන්වා විෂබීජ හරණය කිරීමට පියවර ගත් බවද බණ්ඩාර මහතා පැවැසීය.

අවම විවේක ගනිමින් දුම්රියන් නඩත්තු කටයුතු රාශියක් නිරෝධාන ඇඳිරි නීති කාලයේ සිදුකිරීමට හැකිවූ බව ඒ මහතා පැවසීය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද දෙමටගොඩ ධාවනාගාරය ඇතුළු සියලු ධාවනාගාරය වල සේවකයන් සිය රාජකාරි කටයුතු නිසියාකාරයෙන් ඉටු කරමින් මගී පහසුව සැලසීමට අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සියල්ල සිදුකල බව පැවසීය.

මේ වනවිට ධාවනය කිරීමට සැලසුම් කොට ඇති දුම්රිය ගමන්වාර 91කකි. 

ප්‍රධාන මාර්ගයේ  ගමන් වාර 33ක්, හලාවත මාර්ගයේ දුම්රිය ගමන් වාර 14ක් උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් කැළණිවැලි මාර්ගයේ වාර අටක්, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 34ක් යෙදවීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බවද ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය.

 

 



අදහස් (9)

දුම්රිය ධාවනයට සූදානම් කරයි

Nuwa Tuesday, 28 September 2021 03:59 PM

නිකම් තිබුණු දුම්රියේ බල්ලො ලැගල හින්දද විෂබීජ හරණය කරන්නේ...? දුවන්න පටන් ගත්තම ඕනේ දවස ගානෙ පිරිසිදු කරන්න...

:       6       22

මලය Tuesday, 28 September 2021 04:19 PM

පටන් ගත්ත දවසෙ ඉදලම පොල් පටවලා වගේ මිනිස්සු එයි, නීති රිති ඔක්කොම පොතේ තියයි. ඔන්න ආයුබෝවන් වෙන දේ

:       1       15

amila Tuesday, 28 September 2021 05:46 PM

අවුරුදු 50 ක් විතර පරණ දුම්රිය... පව් අප්පා අපේ මිනිස්සු... ඇත්තටම ලංකාවට ගොඩයාමක් ඇත්තටම නැද්ද?

:       3       6

Nuwan Tuesday, 28 September 2021 07:24 PM

එතකොට හරිද ඔක්කොම? ඊට පස්සෙ රැල්ල ආවමද ආයෙත් නඩත්තු කරන්නයි, විෂබීජහරණය කරන්නයි මතක් වෙන්නේ?

:       0       4

Sk Wednesday, 29 September 2021 09:24 AM

මොනවා උනත් වැඩක් නෑ වෙලාවට ධාවනය කරන්න බැරි නම්

:       0       0

Sisira Wednesday, 29 September 2021 09:25 AM

වෙලාවට ගමන් කරන්නත් ඕනේ... ඒ වගේම පොල් පටවලා මගීන් යන එකටත් පිළියමක් දෙන්න...

:       0       1

wicky Wednesday, 29 September 2021 09:42 AM

ඔව්... හොඳයි.. කාර්යාල දුම්රිය කීයක්ද දුවන්නේ කියන්නකෝ... පහක්ද? 50 ක්ද? ප්‍රධාන මාර්ගයේ ඔය කියන ගාන දුවලා ඇතිද? දැන් ඔය රජයේ එව්ව 9ටයි.. අනික් එව්වා 10 ටයි පටන් ගන්න කිව්වාම, එ් විදියට ඔය ටික ඇතිද? මෙයාලා කොහොම කලත් දුවන්නේ එකම ගාණනේ හප්පා. ඉතින් වැඩක් වෙයිද? ඇමතිලා, නිලධාරින් වැහි වැහැලා ඉන්නවා. එ්ත් සේවය සපයන්න ගියාම දුම්රිය කීපයයි...

:       0       1

ruwan Wednesday, 29 September 2021 10:53 AM

දාලා තියං කමෙන්ට්ස් බැලුවම තේරෙනවා ලංකාවේ මිනිස්සු කොච්චරනම් රිනාත්මකද කියලා

:       1       2

p.w darshana kumara Wednesday, 29 September 2021 11:49 AM

පොදු ප්‍රවාහන සේවා යම්තාක් දුරකට හෝ පවත්වාගෙන යන එක හොඳයි. මොකද හැමෝටම පුද්ගලික වාහන නෑනේ.. දුම්රිය, බස්‍ රිය නොමැතිව රැකියාවලට යාමට නොහැකි බොහෝ පිරිසක් ඉන්නවා. ගොඩාක් ගම්වල ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මේ මොහොතේ ලාභ පරමාර්ථය ම නැතිව ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සලසනවා නම් ගොඩක් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1458 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1299 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2044 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2374 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1134 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35889 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site