(රේඛා තරංගනී ෆොන්සේකා)
අද දින මෙරටට පැමිණිමට නියමිතව තිබූ දුම්රිය මැදිරි දහය අද (09) සන්ද්‍යාවේ IEANNE AUERBACH MO NROVA නෞකාවෙන් කොළඹ වරායට රැගෙන ආ බවත්, එසේ රැගෙන ආ දුම්රිය මැදිරි රත්මලාන දුම්රිය වැඩ බිමට රැගෙන ගොස් එය තත්ව පරීක්ෂාවකට ලක්කර ක්ෂේත්‍ර චාරිකාවන් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා රත්මලානේදී මීට සුලු මොහොතකට පෙර පැවසීය.
ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත ඉන්දියානු මැදිරි දහයක් මෙසේ රැගෙන ආ අතර එම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද M11 දුම්රිය එන්ජිම හා සම්බන්ධ කර ක්ෂේත්‍ර චාරිකාවන් සඳහා යොමු කරිමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
එම මැදිරි පහතරට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහනයට යොදවන බවද ඒ මහතා පැවසීය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් දහයක් මෙසේ ගෙන ආ අතර මෙම එක මැදිරියක් සඳහා වැය වන මුදල මිලියන අසුවක් බවද ඒ මහතා පැවසීය.
මෙසේ ගෙන එන මැදිරි සැපයුම් කරණය RITES INDIA යන සැපයුම් කරුවන් විසින් සිදුකරන බව සඳහන් කළ ඒ මහතා එම මැදිරි දිගින් මීටර් විස්සක් පමන වන බවද පැවසීය.
මෙරටට ගෙන්වීමට නියමිත දුම්රිය මැදිරි 160 යටතේ තිරිංග මැදිරි 17 ක්, භාණ්ඩ ප්‍රවාහන තිරිංග මැදිරි 8 ක්, තුන්වෙනි පන්තියේ මැදිරි 41 ක්, දෙවන පන්තියේ මැදිරි 42 ක්, වායුසමනය කළ මැදිරි 35 ක්, අවන්හල් වර්ගයේ මැදිරි 13 ක් ගෙන්වීමට නියමිත බවද ඒ මහතා පැවැසීය.
ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩ
බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 27ක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
දුම්රිය මැදිරි දහයම ගෙනෙයි
Ashane Tuesday, 09 March 2021 06:19 PM
මෙවැනි අසීරු කාලයක පවා ප්‍රවාහන ක්ශේත්‍රයේ සංවරධනයට කැපවෙන රජයට ප්‍රණාමය හිමි විය යුතුයි. විපක්ශයට මේවා නොපෙනේ
Don perera Tuesday, 09 March 2021 10:29 PM
ඉන්දියානු කුණුගොඩවල්...
විශ්වා විභව Wednesday, 10 March 2021 05:02 AM
3 වැනි පන්තියේ මැදිරි 41, 2 වැනි පන්තියේ මැදිරි 42. මාර දුම්රිය සේවයක්නේ..!
kamal Wednesday, 10 March 2021 06:51 AM
මේ මැදිරි හදපු ඉන්දියාවේ සේවකයන්ට, අතිකාල දීමනා, සතිකාල දීමනා, ඔක්කොම බෝනස්. අපිට කප්පරක් ණය... සර් නියමයි.
janahitha Wednesday, 10 March 2021 07:27 AM
මේක සර්ගේ වැඩක් නොවේ. මේවාට ගෙවීම් කළේ යහපාලන බයියන්. ඒ අය මේකට වග නොකියන අතර අනික් අය වගකිවයුතු වෙනවා.