IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


දුම්රියේ ලක්ෂ 18 ක් සල්ලි පිල්ලි ගිහින්

 

(විනීතා එම් ගමගේ)
 
දුම්රිය ස්ථානවල අඩුපාඩු මිලදී ගැනීම සඳහා වාර්ෂිකව වෙන්කෙරෙන මුදලින් 2018 වසරේ එම දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 18 කට මිලදී ගත් භාණ්ඩ කිසිවක් දෙපාර්තමේන්තුවට ලැබී නැතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
 
රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවෙන් මෙම භාණ්ඩ මිල දී ගෙන ඇති අතර ඒවා මිල දී ගත් බව දුම්රිය බලධාරින් දැනගෙන ඇත්තේ ඒ සඳහා මුදල් ගෙවන ලෙස දන්වා එම සංස්ථාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්වොයිස්  පත් එවීමෙන් පසුවය.
 
එසේ මිල දී ගත් භාණ්ඩ වෙනුවෙන් වසර කිහිපයක් යනතුරු මිලදී ගැනීම්වලට අදාල චෙක්පත් දෙපාර්තමේන්තුවෙන් නොලැබීම නිසා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව ඒ පිළිබඳ  නැවත විමසා ඇතැයි වාර්තාවේ.
 
2018 වසරේ දී මෙම මුදල්වලින් වල්කපන යන්ත්‍ර 6ක්, රෙදි මදින මේස 30 ක්, ඇඳුම් රාක්ක ආදිය ගන්නා ලෙස දුම්රිය නියාමන සංගමය විසින් කළ යෝජනාවක් අනුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් සකස් කරන ලද ලිපිය රාජ්‍ය විවිධ වාණිජ නීතිගත සංස්ථාවට ගොස් භාණ්ඩ ලබාගෙන ඇත්තේ එම සංගමයේ එවකට සිටි ලේකම්වරයා විසිනි.
 
කෙසේ වෙතත් එම අවස්ථාවේ මිලදී ගත් භාණ්ඩ කිසිවක් දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ලැයිස්තුවලට ඇතුළත් වී නැතැයි ද ඒවා කිසිදු දුම්රියපොළක ස්ථාන ගත කර නැති බව තහවුරු වී ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසයි.



අදහස් (0)

දුම්රියේ ලක්ෂ 18 ක් සල්ලි පිල්ලි ගිහින්

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 391 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 678 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1609 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2295 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 502 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 428 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 39 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site