IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


දුම්රිය වැඩ වැරුමෙන් සේවකයෝ අපහසු තාවයට

(මනෝප්‍රිය ගුණසේකර,ලුසිත ජයමාන්න)

දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් ආරම්භ කළ වැඩ වැරුම හේතුවෙන් කාර්යල සේවකයන් දැඩි අපහසු තාවයට පත් ඇතැයි වාර්තා වෙයි.

දුම්රියක් එතැයි බලාපොරොත්තු ඇතිව දුම්රිය ස්ථානවල විශාල පිරිසක් රැඳි සිටින අයුරු දැක ගන්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

කාර්ය දුම්රිය 13ක් ධාවනය වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පුත්තලම,මහනුවර,ගාල්ල,අවිස්සාවේල්ලේ සිට එම දුම්රිය ධාවනය වී ඇත.

(ළහිරු හර්ෂණ)



අදහස් (18)

දුම්රිය වැඩ වැරුමෙන් සේවකයෝ අපහසු තාවයට

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 March 2021 03:31 AM

ඇත්තෙන්ම, මේ රටේ හරි හමන් නීතියක් නැහැ. අහිංසක මගීන් හිරිහැරයට පත්කරන මේ අමනයින්ට දඬුවම් දෙන්න. මේ වසංගත බෝවෙන කාලේ මීටරේ පරතරය තියාගෙන කොහොමද මේ මිනිසුන් ගම්බිම් බලා යන්නේ කියා කොවිඩ් හමුදාපතිවරයාට වත් නිකමටවත් හිතුනේ නැති හැටි.. නිරෝධායන නීතිය උල්ලංඝනය කරයි කියා මොවුන්ට දඬුවම් දෙන්න තිබුණා. ඒත්, කෝ ඒවාට මොළේ...? තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න මගීන්ව බිල්ලට දෙන ප්‍රවාහන සේවා තියෙන්නේ මේ රටේ විතරක් වෙන්න ඇති. කෝ මේ රතු සහෝදරවරුන්...? මේවාට විරුද්ධව සටන් කරන්න බැරුව ඇති ඒවාට තමන්ගේ අයත් සම්බන්ධ නිසා.. මේ කමකට නැති වැඩ පාලනය කරන්න 2/3 ක බලයක් තිබෙන පාලකයින්ට බැරි මන්ද? 2/3 ගත්තේ කොට්ටෙට තියන්න වෙන්න ඇති. නොයෙකුත් දුක් පීඩා, කම්කටොලු මැද සිටින ජනතාවට අද පොදු ප්‍රවාහන සේවයේ මුදල් දී හෝ ගමනක් යන්න බැරි මට්ටමට ඒවා පිරිහිලා. ස්ට්‍රයික් කාරයන්, උඩඟු සේවකයන් ආදීන්ගේ තාඩන පීඩනවලට ජනතාව ලක්වෙලා. ඒත්, පාලකයන් නින්දේ... විපක්ෂයත් එසේමයි. ඡන්ද ගොඩ වැඩිකරගන්න කහිනවා මිසක් සැබෑ ජනතා සේවයක් ගැන කැක්කුමක් ඇත්තේම නැහැ. මේවා දෙවියන්ටම පෙනීයන්..

:       2       43

nimalThursday, 18 March 2021 11:03 AM

දුම්රිය පුද්ගලික අංශයට පවරන්න. ජනතාවගේ ඉල්ලීමට සවන් දෙන්න. සෑම රජයක් සමගම කරන මේ සෙල්ලම නවත්වන්නට ජනාධිපතිතුමා ඇතුළු රජයට පුළුවන් බව මගීන් දන්නවා. පුද්ගලීකරණය කිරීම එකම විසඳුම වේ. නැතිනම් හැමදාම මේ සෙල්ලම ජනතාව අපහසුතාවයට පත්කර එයාලගේ ඉල්ලීම් ඉල්ලන සෙල්ලම නවත්වන්න.

:       0       13

SIRIPALAThursday, 18 March 2021 11:24 PM

මහින්ද රාජපක්ෂට අගමැතිකමෙන් අස්වෙන්න කියලා සජිත්ට දෙන්න අගමැතිකම... යමක් කරන්න පුළුවන් කෙනෙක් අනෙක කෙලින් වැඩ... අනෙක් හැමෝම කරලා පෙන්නුවානේ. මේ රටේ දැනට ඉන්න නායකයින්ගෙන් දැක්මක් තිබෙන එකම නායකයා සජිත්නේ...

:       0       0

kapila Thursday, 18 March 2021 03:32 AM

මේ රට පව්කාර රටක් කරලා තියෙන්නේ රටේ මිනිසුන් විසින්මයි.

:       1       31

saman Thursday, 18 March 2021 03:39 AM

වසංගතයකට රට මුහුණදී සිටින අවධියක මෙම පිංපඩිලාභී ආයතනයේ සේවකයන් එය වර්ධනය වනසේ කටයුතු කරයි. PHI ට කෙළගැසූ මිනිසාට දුන් දඬුවම මෙහි සංවිධායකයින්ට ලබාදිය යුතුයි...

:       0       27

sharm warn Thursday, 18 March 2021 06:48 AM

මොන ආණ්ඩුව ආවත් සදාකල් දුක් විඳින්නේ වැඩකරන සාමාන්‍ය අපි. දැන දැනම මේ අයවම පත් කරගන්න හරකුන්ට ජයවේවා.

:       2       40

rathgama Thursday, 18 March 2021 07:39 AM

පොහොට්ටුව විපක්ෂයේ හිටිය කාලේ.. මේ සිද්දීන් දැක්කාම, මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ඇහුවේ ‘‘දැන් සැපද?‘‘ කියලා. ඉතින් දැන් අපි රාජපක්ෂ රජයෙන් මොකක්ද අහන්න ඕනේ..?

:       3       28

duminda Thursday, 18 March 2021 07:49 AM

වැපිරූ අස්වැන්න නෙලන මිනිස්සු.

:       4       25

Always breakdown Thursday, 18 March 2021 08:44 AM

තව ඉදිරියේදී ලොකු අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න.

:       2       23

Raveendra Thursday, 18 March 2021 08:05 AM

තවත් පක්ෂවලට බෙදිල‍ා, ආගම්වලට බෙදිලා වහල්ලු වගේ හුරේ දැම්මම ඔය ගායවල් නිට්ටාවටම සනීප වෙයි. බයියන් කිය කිය උන්නාම හරි...

:       4       13

duminda nawarathna Thursday, 18 March 2021 08:20 AM

69 ලක්ෂයේ ඡන්ද ප්‍රතිපල ලැබෙමින් පවතිනවා. අනේ මෙහෙමත් රටක්.

:       1       12

siri Thursday, 18 March 2021 08:28 AM

පින්තුර දකිනකොට බංග්ලාදේශයේ දුම්රිය සේවය මතක් වුණා. අගමැතිතුමාට එහෙ තත්වය හෙට බලාගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්...

:       1       21

rathgama Thursday, 18 March 2021 10:42 AM

දැන් මේ විදියට රොත්ත බුරුත්තම එකට ඇලිලා යද්දි කොරෝනා නැති වෙයිද ? මේවට රජය වගකිවයුතු නොවේද ?

:       1       8

saman Thursday, 18 March 2021 11:45 AM

ජනාධිපතිතුමනි, මේ මාෆියාවෙන් අසරණ මගින් ගලවා ගැනීමට දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හමුදා අනුකණ්ඩයක් පුහුණු කරන්න.

:       2       8

බද්රානි Thursday, 18 March 2021 11:53 AM

තවකෙකු පීඩාවට පත් කරමින් දිනා ගන්න හදන ඉල්ලීම් වලට පැවැත්මක් හෝ වගතුවක් තියෙයිද? අනෙකාගේ දුක නොදැනෙන රාජ්‍ය නිලධාරීන් හා ජනතාවක් තමයි ලංකාවේ ජීවත් වෙන්නේ. මේ සියල්ල දකිමින් නොදැක්ක සේ ඉන්න පාලකයින් ඊටත් වඩා අන්තයි, අදමයි.

:       1       11

Sangath Thursday, 18 March 2021 04:27 PM

මාව ආයුධ පෙන්නන්න එක්ක යන්න...

:       0       0

nihal Thursday, 18 March 2021 06:14 PM

නිමල් මයා වෙත.. කළයුත්තේ පුද්ගලීකරණය නොවේ.. යුද හමුදාවේ සියදෙනෙක් පමණ ඉන්දියාවට යවා දුම්රිය රියදුරන් ලෙස පුහුණුකර නිතරම සූදානම්ව තැබීමයි. මේ අයගේ අහංකාරකම බිංදුවටම බහීවි.

:       0       0

Dumriya Magiya Friday, 19 March 2021 03:49 AM

ස්ට්‍රයික් නිසා පීඩාවට පත් මගීන්ගෙන් සමහරක් රටේ පාලනය වෙනස් කළ 69 ලක්ෂයක් ඡන්දය ලබාදී, 2/3 නැතිව කරන්න බැරිව කියමින් 2/3ත් ලබාගත්තා.. දැන් ඉතින් මොකටද කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 89 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 52 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 594 0

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 1487 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 122 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 164 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site