IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දුම්රිය සේවකයා දුම්රියේ නම තියයි

(ෂේන් සෙනෙවිරත්න)

කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික මුදල්, බැංකු කාඩ් පත් රියදුරු බලපත් ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි තිබූ මුදල් පසුම්බියක් අහුලාගත් දුම්රිය සේවකයෙකු නැවත එම විදේශිකයාට භාරදීමේ සිද්ධියක් මහනුවර දුම්රිය ස්ථානයේදී වාර්තා විය .

කොළඹින් පිටත්වූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ එම මුදල් පසුම්බිය දුම්රිය සහාය තාක්ෂණ ශිල්පී වයි.එම්.ජී.එස්. සේනාරත්න මහතා විසින් අහුලා ගැනීමෙන් පසු එය දුම්රිය ආරක්ෂක නිලධාරීන්වන ඒ.ඩී. බණ්ඩාර සහ ඩී.එන්.ජී. මෙන්ඩිස් යන මහත්වරුන් මගින් මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක අංශය කාර්යභාර නිලධාරී ඒ.ඒ.එස්. අමරකෝන් මහතා වෙත භාරදී තිබේ .

නවසීලන්ත ජාතිකයාට අයත් එම මුදල් පසුම්බිය ඔහුට නැවත ලබාදීම මහනුවර දුම්රිය ස්ථානයේදී අද (13) පෙරවරුවේ සිදුවූයේ එම මුදල් පසුම්බිය අහුලාගත් දුම්රිය සහාය තාක්ෂණ ශිල්පී වයි.එම්.ජී.එස්. සේනාරත්න මහතා අතිනි.

මුදල් පසුම්බිය නැවත ලබාගත් නවසීලන්ත ජාතිකයා එය පරීක්ෂා කොට කිසිදු අඩුපාඩුවකින් තොරව තම මුදල් පසුම්බියේ තිබූ දෑ ඇති බවත් ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර සහ අවංක භාවය සම්බන්ධයෙන් තමන් ඉහළින් අගය කරන බවද පැවසීය .



අදහස් (5)

දුම්රිය සේවකයා දුම්රියේ නම තියයි

ගමේ එකාලා Monday, 13 May 2024 07:10 PM

හොන්ද වෙලාවට දේසපාලුවෙක්ගේ නොගියේ? අවන්කව කටයුතු කරපු දුම්රිය මහතාට ස්තූතිය පුදකරනවා .වටිනා කියන දේවල් හරියට පරිස්සම් කරගැනීමට කවුරුත් කල්පනාකාරි විය යුතුයි .ඒ වගේම පික් පොකැට් කාරයින්ගෙනුත්.

:       5       66

Chandima Monday, 13 May 2024 08:13 PM

පිටරැටියන්ට වගේ ලාංකිකයන්ටත් ඔය විදියටම සලකනවානම් ලංකාව මොනතරම් ලස්සන රටක් වෙයිද?

:       1       10

පිටරැටියා Monday, 13 May 2024 09:12 PM

යූනියන් පෙදෙස සලාකා එක ගාව, කොටුවේ දුම්රියපොළේ දී .පොකැට් ගැහැව්වා.සමහර ත්‍රීවීලර් කාරයෝ වැඩියෙන් ගසාකන්ඩ හදන එවුන්. ඒ නිසා ලංකාවට යනවානම් පරිස්සම් වෙන්ඩ

:       1       6

Senarath Tuesday, 14 May 2024 09:22 AM

ඔබට අපේ ප්‍රණාමය

:       0       10

Jayanath Perera Tuesday, 14 May 2024 12:54 PM

මෙම අවංක CGR සේවකයා CGR හි පමණක් නොව රටම ගෞරවයට පාත්‍ර විය. රට තුළ බොහෝ පුරවැසියන් සිටීවායි ප්‍රාර්ථනා කරමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 1 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 122 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 130 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 353 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 410 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site