IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


දෙමළ අයිතිවාසිකම් ගන්න හැටි සානක්‍යන් කියයි

(ලක්ෂ්මී ජයකොඩි)

මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් මඩකළපුව කල්ලඩි පාලම අසලදී පැවති විරෝධතාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

බ්‍රිතාන්‍යයන් දෙමළ ජනතාවගේ ඉරණම සිංහල ජනතාව වෙත බාර දී ගිය දිනේ සිට මේ දක්වා දෙමළ ජනතාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණා. අපගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කතා පැවැත්වීම් සිදු කර කර සිටීම නවතා ඒවා දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමේ කාලය එළැඹ තිබෙනවා.

සිංහල පමණක් නීතිය ගෙන ආ අවස්ථාවේ බුද්ධිමත් දෙමළ තරුණ තරුණියන් මෙන්ම බොහෝ උගතුන් මේ රට හැර ගියා. ඇත්ත එයයි. වර්තමානයේ දකුණේ බොහෝ උගතුන් බුද්ධිමතුන් මේ රට හැර යනවා. අද මේ රටේ ජනතාව හඬ නඟන්නේ ඒ වෙනුවෙන්.

අද මේ රටේ ජනතාවගේ ආර්ථික නිදහස අහිමි වී තිබෙනවා. නමුත් දෙමළ ජනතාවගේ ආර්ථික මෙන්ම දේශපාලන නිදහසත් අහිමිව තිබෙනවා. එවා ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. වතුකරයේ දෙමළ ජනතාව මේ රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල කැපවීමක් කරන ජන කොට්ඨාසක්. ඔවුන්ගේ පුරවැසි අයිතිය පවා අහිමි කළ කාලයක් තිබුණා. නමුත් තවමත් ඒ ජනතාව රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරමින් සිටිනවා.

උතුරු නැගෙනහිර පළාත් ජනතාවගේ ඉඩම් රැසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එම ඉඩම් සිංහල ජනතාව වෙත බෙදා  දී තිබෙනවා.



අදහස් (13)

දෙමළ අයිතිවාසිකම් ගන්න හැටි සානක්‍යන් කියයි

මහසෙන් Monday, 06 February 2023 10:48 PM

උතුර ද දකුණ ද අදාල නැත.මෙවන් පුද්ගලයන් ප්‍රතික්ෂේප කර බැද දැමිය යුතු මය.මොහු සීමාව ඉක්මවා යමින් සිට්.

:       0       17

Hafeel Tuesday, 07 February 2023 02:28 PM

එක තමයි මටත් තේරන්න නැහැ මොකද්ද මෙයා කියන "මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය" කියන එක. ඔය කියන හීන සේරම අපේ රණවිරුවන් 2009 මැයි 19 වැනිදා පරාජය කරල අවසන්. ආයිත් ඕවා හිතන්නවත් එපා. මෙයාත් සුපුරුදු පරිදි ජාතිවාදී දේශපාලන ගමනක් යනවා. මෙයා ඇතුළු ද්‍රවිඩ දේශපාලුවන් පමණක් නොවේ, දකුණේ සිංහල දේශපාලකයොත් කාලයෙන් කාලයට මේ මාතෘකාව කරලියට ගෙන්නවා. මහින්ද රාජපක්ෂ විටින් විට කියනවා 13න් එහාට යනවා කියල. රනිලුත් ළඟදී බොරුවට හෝ මේක කරලියට ගෙනාවා . නමුත් මේ රනිල් රාජපක්ෂලා කරන වැඩෙන් ජාත්‍යන්තරයට වැරදි පණිවිඩයක් යන්නේ.

:       1       4

nihal Tuesday, 07 February 2023 12:16 AM

රනියා මේ දේවල් කියන්න කියලා තමුන්ට කිවුවද

:       2       6

SENA Tuesday, 07 February 2023 03:11 AM

මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය කුමක්ද කියා පැහැදිලි කරන්න

:       0       13

පිටිගල මිලානෝ Tuesday, 07 February 2023 03:36 AM

පරණ සමීකරන වලින් දැන් බලය ගන්න බෑ මල්ලී….. නූතන උගත් තාරුණ්‍යයත් එක්ක පාරට බැහැලා ගේමක් ඉල්ලපන්…!

:       0       7

Senaka Tuesday, 07 February 2023 06:42 AM

දෙමළට නැති සිංහලයට විතරක් අමුතුවෙන් හම්බුනු අයිතිවාසිකමක් මට කියාපිය බලන්න. මේ රටේ ජාති ආගම් බේද නැතුව හැම එකාම දුක් විඳිනව. මේ අන්තවාදී කාලකන්නි ඒක තමන්ගේ ආගම නිසා ඇති කරපු එකක්ය, ජාතිය නිසා වෙච්ච එකක්ය කිය කිය ජනතාවගේ හිතේ ජාතිවාදය, ආගම්වාදය දදා ඡන්ද ගන්නව. අන්තිමේ තමන්ගේ උන්ට සේවය කරන්න භාන්ඩාගාරෙන් එවන සල්ලි වලින් භාගයක් වංචා කරලා, ඉතුරු භාගේ ආපහු භාන්ඩාගාරෙට යවලා කියනවා සිංහලයා සලකන්නේ නෑ කියලා. මෙහෙම උන්ට නෙමේ දඬුවම් දෙන්න ඕන, මේ වගේ කාලකන්නි මහ ඉහලින් සලකන් ඉන්න මෝඩ චන්ද දායකයන්ටයි මරණීය දණ්ඩනය් දෙන්න ඕන.

:       0       10

Kesara Tuesday, 07 February 2023 06:45 AM

අරගලේ කාලේ ඔක්කොම අරගලකාරයෝ ඔලුව උඩ තියන් හිටපු අන්තවාදීයෙක්. මිනිස්සු මරන්න ඕන කියලා, ගෙවල් ගිනි තියන්න ඕන කියලා කියපු ත්‍රස්ථවාදී මානසිකත්වෙන් ඉන්න එකෙක්. දෙමළටයි, සිංහලයටයි දෙගොල්ලොන්ටම තව සෑහෙන කාලයක් දුක් විඳින්න වෙනවා මේ වගේ උන් පාර්ලිමේන්තු යැව්වොත්. ඒත් ඉතින් අපේ මෝඩ සෙට් එක මෙයාලව උඩින්ම පාර්ලිමේන්තු යවන්නේ.

:       0       11

සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා. Tuesday, 07 February 2023 06:49 AM

කොටි කියලා ජාතියක් ලංකාවේ හිටියා. උන් මායිම් ගම්මාන වල සිංහලයො මර මර උන්ව එලවලා උතුරේ බිම බලෙන් අල්ලගෙන දැන් කියනවා අපි උන්ගෙ ඉඩම් ඇල්ලුව කියල. නිවට නායකයො ඉන්නකන් මේව අහන් ඉන්න තමයි තියෙන්නෙ.

:       0       12

අරවින්ද මොණරවිල Tuesday, 07 February 2023 07:01 AM

සමහරුන්ට නම් ශානක්‍යම් මහ ප්‍රගතිශිලි හා බුධිමත් පොරක් වගේ පෙනුනට මෙයත් දෙමළ ජාතික සංධානයේම තවත් එක සමාජිකයෙක් විතරයි කියලා දැන් පැහැදිලි වෙනවා ඇති. ජාතිවාදි මතවාදයෙන් දෙමළ ජනතාවගේ ඔලු පුඑවලා හැමදාම උතුරු නැගෙනහිර බලය අල්ලා ගෙන ඉන්න පුළුවන් කියලයි මෙයාලා හිතාගෙන ඉන්නේ, නමුත් ශානක්‍යම් හොදට මතක තියා ගන්න දකුණේ ජනතාවට වැඩිය වේගයෙන් උතුරු නැගෙනහිර ජනතාව වෙනස් වන දිනය වෑඩි ඈතක නැති බව.

:       0       11

Alfread Tuesday, 07 February 2023 08:37 AM

මුන්ට බැනලා වැඩක් නෑ ඉතින්. සිංහල හරක්ම තමයි මේ වගේ උන්ව කරේ තියන් යන්නේ. මතකනේ අරගල කාලේ. සිංහල ගොන් හැත්ත මෙහෙම වත් ඉන්න එක පුදුමයක් ඉතින්. කොයි පැත්තෙන් ආවත් අන්තවාදියා, ජාතිවාදියා අඳුරගන්න බැරි මෝඩයන්ට තමයි ලංකාවෙ ඡන්ද බලය තියෙන්නෙ.

:       0       9

Bamunuarachchi Tuesday, 07 February 2023 08:41 AM

බ්‍රිතාන්‍යයන් දෙමළ ජනතාවගේ ඉරණම සිංහල ජනතාව වෙත බාර දී ගියේ දෙමළ ජනතාවට මෙරටේ අයිතියක් නැති නිසයි. එංගලන්තේ ඉන්න දෙමළුන්ට , කැනඩාවේ ඉන්න දෙමළුන්ට ස්වයං තීරණ ගැනීමේ අයිතියක් තිබෙනවාද?

:       0       12

Surathala Tuesday, 07 February 2023 11:27 AM

ශ්‍රිලංකාවේ වාසය කරනා සෑම ජනකොට්ටාශයකම ස්වයං තීරණ අයිතිය ඉල්ලුවොත් හොඳට තියේවි

:       0       9

Amunugama Tuesday, 07 February 2023 01:20 PM

මෙයා ඇඟට නොදැනෙන්න ජාතිවාදය අවුස්සනවා

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 879 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 218 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1796 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 205 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 505 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2431 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site