IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධායිකාවක රිමාන්ඩ්

(සිතුම් චතුරංග)

යාපනය, වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ උතුරු නැගෙනහිර කාන්තා ප්‍රධාන සංවිධායිකාව හෙට තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ස්මයිල් ජමිල් මහතා  නියෝග කළේය.

එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරුණෙ කිලිනොච්චිය , මරදන්කේණි පදිංචි සගර්ණදේවි ජගතීෂ්වරන් නැමති සිවිල් සමාජ ක්‍රියාකාරිණියක ද වේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ සැකකාර කාන්තාව ඇතුළු පිරිසක් පසුගිය 02 ජනහමුවක් සඳහා තලයාඩි ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටි අවස්ථාවේ එම ස්ථානය අසලට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමඟ මන්ත්‍රීවරයා මතභේදාත්මක තත්වයක් ඇතිකරගෙන තිබුණි.

පසුව එම නිලධාරීන්ට බැනවදිමින් ජනතාව සමඟ බුද්ධි අංශ නිලධාරීන් අල්ලා ගැනීමට උත්සහ කිරීමත් අතර දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් උද්ගතවිය.

සිද්ධිය වන අවස්ථාවේ ඊට යාබදව පිහිටි තාලයඩි රෝමානු කතෝලික මිශ්‍ර විදුහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයටද බාධා සිදුව ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ මන්ත්‍රීවරයාට ඉවත්වෙන ලෙස දැණුම්දී සිටියදී එම පොලිස් නිලධාරීන් හා මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් හටගැණින.

මරදන්කේණි පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය සමථයකටපත්කොට මන්ත්‍රීවරයා සහ පැමිණි පිරිස එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවරගනු ලැබීය.

බුද්ධි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා විභාග මධ්‍යස්ථානයක් පැවැත්වෙන ස්ථානයේ දේශපාලන රැස්වීම් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළේය.

 



අදහස් (3)

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධායිකාවක රිමාන්ඩ්

Rattu Tuesday, 06 June 2023 08:31 AM

එතකොට පොන්නම්බලම් නිදහස්ද ?අපි දැක්කා පොන්නම්බලම් උද්දච්චකමෙන් නටපු නාඩගම

:       0       3

sumith Ahangama Tuesday, 06 June 2023 09:45 AM

ඉතාම හොඳයි

:       0       7

Prabha Tuesday, 06 June 2023 11:42 AM

එතකොට බෙල්ලෙන් අල්ලපු මන්තිරියා නිදහසේද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1585 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2518 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1781 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1724 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1177 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 848 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25770 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18856 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1845 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site