IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


දෙමළ ජාතික සන්ධානය ස්වයං අයිතිය සහිත ෆෙඩරල් පාලනයක් සොයයි

(එෆ්.අස්ලම්)

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය සහිත ෆෙඩරල් පාලනයක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුම් වශයෙන් ලබා දීමට කැපවෙන බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටීයි. 

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ අකමැත්ත මත ගෙන ආවක් බවත් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ජාතික ගැටළුවට විසදුම් හිමිවන, ජාතික සංහිදියාව හා සමගිය ප්‍රවර්ධනය  වන ආකාරයේ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් පමණක් ඊට සහාය දීමට  සූදානම් යැයිද දෙමළ  ජාතික සන්ධානය  සදහන් කරයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන්   දෙමළ ජාතික සන්ධානය විසින් සකස් කරන ලද  මැතිවරණ   ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රිත්වයේම එකගත්වය මත   යාපනයේ පිහිටි ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේ දී  ඊයේ (18) එළිදක්වනු ලැබීණි.

එම ප්‍රකාශනය තුළින් තවත් ඉල්ලීම් කිහිපයක්ද  අවධාරණය කර ඇත.

සිවිල් පරිපාලන කටයුතු ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයන් සදහා  විශ්‍රාමික හිටපු හමුදා නිලධාරීන් පත්කිරිම නොපිළිගන්නා බවත් උතුරු නැගෙනහිර පළාත්වල රදවා සිටින හමුදාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සදහා අඛණ්ඩව හඩනගන බවත් දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් තවදුරටත් අවධාරණය කර තිබේ.

යුද සමයේදී අතුරුදන් වූවන් පිළිබද සත්‍ය සොයාගත යුතු බවත් අතුරුදන් වූවන් සෙවීමේ සහ වන්දි ප්‍රදානය කිරීමේ කාර්යාලය නීත්‍යනුකූල අන්දමින්  පිහිටුවිය යුතු බවත්  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් එම පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගතකර සිටින  දෙමළ දේශපාලන සිරකරුවන්  නිදහස් කළයුතු බවටත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් බලකොට  තිබේ.

ජීවනෝපාය අඩපණ වී සිටින පුනරුත්තාපනය වූ  හිටපු කොටි සාමාජිකයින්ගේ  දුෂ්කරතාවන් හදුනාගෙන ඔවුන්ගේ  ආර්ථික තත්වය ගොඩනැංවීමට කටයුතු කරන ලෙසත්, ගෘහ මූලික වැන්දඹු පවුල් සදහා සහන සැලසිය යුතු බවටත් උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් අරඹමින් එම පළාත්වල තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හිමිකර දීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් අවධාරණය කර තිබේ.

එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් 30/1, 34/1 සහ 40/1 යෝජනා මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් දෙමළ ජාතික සන්ධානය මූලික වශයෙන් අවධාරණය කර තිබේ.

 



අදහස් (13)

දෙමළ ජාතික සන්ධානය ස්වයං අයිතිය සහිත ෆෙඩරල් පාලනයක් සොයයි

kanchana Sunday, 19 July 2020 09:56 AM

ඡන්දෙ කිට්ටුවුණාම අප්පච්චිට හොඳ අයිඩියා එනවනේ.. ආයෙත් කොටවන්නද හදන්නේ...? මැරෙන්න කලින් ඕවාට අපා දුක් විඳින්න වෙනවා හලෝ..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 19 July 2020 10:08 AM

ස්වයං අයිතිය කියන්නේ තමන්ගේම අයිතිය කියන එකයි. එවැනි අයිතියක් මේ පුංචි රටේ දෙමළ ජනතාවට පමණක් ලබා දෙන්නේ කෙසේද? එවිට කාලයක් ගොස් මුස්ලිම් ජාතිකයන් එසේ පාලනයක් ඉල්ලාවි. එබැවින් මේ ඉල්ලන්නේ වෙනත් ආකාරයකින් දෙමළ නිජභූමිය නේද? දෙමළ නිජභූමිය පිහිටුවීමට මේ අයට හොඳම ස්ථානය නම් තමිල්නාඩුවයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා සියලුම ප්‍රදේශවල ජීවත් වෙති. එසේ තබාගෙන මේ ආකාරයට තනිවම අයිතියක් ඉල්ලීම අසාධාරණයි නේද? කොටි සැකකරුවන්ට ඒ අය සිදුකළ අපරාධ නිසා සිර ගෙදර තැබීම වරදක් නොවෙයි නේද? ඔවුන්ට මේ අය අමතා ඇත්තේ දේශපාලන සිරකරුවන් යනුවෙනි. උතුරේ හිටපු කොටි සාමාජිකයන් බෝම්බ නිෂ්පාදනය කොට හසුවන්නේ නම් රජයක් හැටියට හමුදාව ඉවත් කරගන්නේ කෙසේද කෙසේ හෝ මොවුන් මේ දඟලන්නේ නැවතත් රටේ මහා මිනිස් අරගලයක් කිරීමට නොවේද?

:       0       0

Wca Sunday, 19 July 2020 10:42 AM

15% නැතිව මේ ටික මෙහෙම නම් 23-30% වුණා නම් කොහොම තියෙයිද? මේවා ට වගකියන්න ඕනේ එක මතේක ඉන්න බැරි සිංහලයින්ම තමයි.

:       0       0

nihal Sunday, 19 July 2020 11:07 AM

ඡන්දෙ ළංවෙනකොට තමයි...

:       0       0

Binkunndaa Sunday, 19 July 2020 11:10 AM

දීපු පළාත් සභාවත් නැතිකරලා දාන්න තමයි තියෙන්නේ. දෙමළ මිනිස්සුන්ට මේවා ඕනෑ නැහැ. මේ එක එක රටවලට කඩේයන්න හාල්පාරුවන්ට තමයි මේවා ඕනෑ..

:       0       0

දිසානායක Sunday, 19 July 2020 11:38 AM

මේ තියෙන්නේ දමිළ ජනතාවට තියෙන ආදරේ නෙමෙයි. අසමගියක්, යුද්ධයක් ඇති කරලා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න හදන එකයි. හැබැයි තාමත් ඒ ප්‍රජාවට විශ්වාසයක් ඇතිවෙන විදියට කටයුතු කරන්න දකුණේ ආණ්ඩු අසමත් වෙලා තියෙනවා. ඒක නිසා පහසුවෙන්ම ඔවුන් පොළඹවා ගන්න පුලුවන්...

:       0       19

Asanka Sunday, 19 July 2020 11:38 AM

ආ ඡන්දෙ ළඟයි, ඡන්දෙ ළඟයි.. කීයක් දුන්නද දන්නේ නැහැ.. මේ වෙලාවේ මේ ගැන කතාකරන්න.

:       0       16

Rohana Sunday, 19 July 2020 11:56 AM

ඔය කියන දේටමනේද ප්‍රභාකරන් කියන අලුගෝසුවා අවුරුදු 30 ක්ම යුද්ධ කලේ? රට කඩන්නමයි මේ අය දඟලන්නේ...

:       0       20

Bandu Sunday, 19 July 2020 12:32 PM

ඕවා ඡන්ද කාලෙට එන සාමාන්‍ය දේවල්. දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් පෙන්වා දෙමළ ජනතාව රැවටීමත් එම ඉල්ලීම ත්‍රස්තවාදය බව අඟවා සිංහල ජනතාව රැවටීම සිදුකරයි.

:       0       22

siri Sunday, 19 July 2020 02:54 PM

ඉල්ලගෙන කන්නයි යන්නේ..

:       0       19

Gurusinha Sunday, 19 July 2020 06:03 PM

පුතානොගෙන් ඉල්ලලා බලන්න.

:       0       0

සෙනෙවිරත්න Sunday, 19 July 2020 07:01 PM

කිසි වරදක් නොදකිමි

:       33       0

69 yen halichcha ekek Sunday, 19 July 2020 10:21 PM

දැන් ඉතින් මාකට් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ මේක විතරයි. උතුරේ සහ දකුණේ දේශපාලකයන් දෙගොල්ලන්ටම ආයෙත් මේක පෙන්නලා, ජාතිවාදේ අවුස්සලා, දේශපාලනය පෙන්නලා ගත්තාම ඡන්දෙට හොඳ වාසුදේවත්, ගොඩ වාසුගේ මස්සිනා විග්නේෂ්වරුත් ගොඩ...

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 329 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1213 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 893 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1484 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1330 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1608 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 935 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 410 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site