(යොහාන් භාසුර)
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය හෙට (14) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය හෙට මහ ඉහළින් සමරති.
තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරන ‘මකර සන්ක්‍රාන්ති’ සමඟ බැදී ඇති අතර ‘පොංගල්’ යන දමිළ වචනයේ අර්ථය ‘උතුරා යාම නොහොත් පිටාර ගැලීමය’ යන්නයි. එම අර්ථයත් සමඟ යමින් මැටි කළයක කිරි උතුරා යෑමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සුබ දසුනක් ලෙස හින්දු බැතිමත්හූ විශ්වාස කරති.
‘තෛපොංගල්’ යන වචනය ‘අස්වැන්න නෙලීමේ උත්සවය’ යන අර්ථය ද ගෙන දෙන අතර ඒ හේතුවෙන්ම මෙම උත්සවය සමස්ත ඉන්දියානුවන් සමරණ උත්සවයක් බවට පත්ව තිබේ.
මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වැනිදා සිදුවන වන අතර කුම්භ සහ අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වන බවත් තෛපොංගල් උත්සවය තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමණය ආරම්භ වන බවටත් විශ්වාසයක් පවතී.
ඒ අනුව ‘තෛපොංගල්’ උත්සවය නෙුවෙන් ආන්දර් ප්‍රදේශය, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශය, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නේපාලය, පුන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවඩු දිනයක් ද වේ.
‘භෝඝි’ ලෙස හදුන්වන ‘තෛපොංගල්’ උත්සවයේ පළමු දිනයේ හින්දු භක්තිකයන් පැරණි වස්ත්‍ර සහ රෙදිපිළි පු`ඵස්සා ගෙවී ගිය වසර අවසන් කර නව වසර පිළිගන්නා අතර ‘තෛපොංගල්’ දින පෙරවරුවේ උක් ගස්වලින් වට කළ මණ්ඩපයක අලුත් සහල්වලින් කිරිබත් පිස සූර්ය දෙවියන්ට පූජා කිරීම සාමාන්‍ය සිරිතයි.‘
‘පොංගල්’ ලෙස හදුන්වන දෙවැනි දින අලුත් මුට්ටියක බත්, හකුරු සහ නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිළි ආදියෙන් හිරු දෙවියන් පිදීම ද මෙම උත්සවයේ ප්‍රධාන අංගයකි.
(ඡායාරූප: ළහිරු හර් ෂණ)
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දමිළ ජනයා ‘අස්වැන්න නෙලීමේ උත්සවය' සැමරීමට සූදානම් වෙති