(අමදෝරු අමරජිව)
සියම් දේශයෙන් ශ්‍රි ලංකාවට රැගෙන ආ උපසම්පදා විනය කර්මය ස්ථාපිත කර වසර 270ක් සපිරුනු අද (14) සියම් දේශයෙන් වැඩමවා වදාල භික්ෂුන් වහන්සේලා 50 නමකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි පුරාවිද්‍යා භූමියේ පැවැත්විමට තිබු සැමරුම් පිංකමක් දෙමල දේශපාලන පක්ෂ විරෝධතා හමුවේ එම වැඩසහටහන අත්හිටුවා ත්‍රිකුණාමලය ජයසුමානාරාම විහාරස්ථානයට වැඩම කිරිමට එම හිමිවරුන්ට සිදුවූහ.
විදේශ ආක්‍රමණ හමුවේ ලංකාවේ නැතිවි ගිය උපසම්පදා විනය කර්මය රැගෙන මීට වසර 270කට පෙර සියම් දේශයෙන් රුවල්නැව් මගින් ත්‍රිකුණාමලයට ගොඩබැස දිනක් විවේකගත් ස්ථානය පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර ඇති අතර එම ස්ථානයට පැමිණි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍ර කුමාර් මහතා ඇතුලු පිරිසක් තාවකාලික කුඩාරමක් ඉදිකර තවත් පිරිසක් සමග විරෝධතාවයක නියැලුණි.
සියම් හිමිවරුන් රුවල්නැව් මගින් ගොඩබැස ත්‍රිකුණාමලය නගරසභා ක්‍රිඩාංගණය ඉදිරිපිට ඇති පුරාවිද්‍යා භූමියට පැමිණිම අතීතය සිහිපත් කරමින් සියම් හිමිවරුන් පිරිසක් නාවික යාත්‍රා මගින් ත්‍රිකුණාමල පැරණි වරායෙන් ගොඩබැස අද (14) පුරාවිද්‍යා භුමියට පැමිණ සැමරුම් පිංකම පැවැත්විමට කටයුතු කර තිබු අතර එම පිංකම අවලංගු කෙරිණි.
ඒ අනුව නාවික යාත්‍රා මගින් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල වරයා පොලිස් පරිශ්‍රයේ පිහිටි ජැටියෙන් ගොඩබැස බස්රථ මගින් දැඩි ආරක්ෂක රැකවල් මැද ත්‍රිකුණාමලය ජයසුමනාරාමයට රැගෙන ඒමට සංවිධායකයන්ට හා ආරක්ෂක අංශ වලට සිදුවිය.
සියම් දේශයෙන් පැමිණි හිමිවරු ත්‍රිකුණාමලය දිසාපති බි.එච්.එන්.ජයවික්‍රම මහතා විසින් පිළිගනු ලැබිය.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙමළ පක්ෂය උපසම්පදා සැමරුම් පිංකමට විරුද්ධ වේ
prasanna Sunday, 14 May 2023 01:05 PM
ජීවිතේට හැදෙන ජාතියක් නෙවෙයි. ඔවුන් දන්නේ නැහැ බුදු හාමුදුරුවෝ ඔවුන්ගේ මුල් රටේ ඉපදුණා කියලා...
kahawita Sunday, 14 May 2023 01:10 PM
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියන්නේ තනිකරම කොටියෙක්... ඒ කාලේ ප්‍රභාකරන්ගෙන් රන්කාසි තෑගි ගත්තු මිනිහෙක්... මේ මිනිහා ජීවත් වෙන්නේ කොටි සන්ධානය කියන මළකුණ විකුණ විකුණ තමයි.
කිරිපුතා Sunday, 14 May 2023 01:59 PM
ඔන්න ඔවුන් ඉල්ලන සහජීවනය. ඉඩක් ලැබුණද පුල්ලි එළියට එනවා...
උපාලි Sunday, 14 May 2023 02:46 PM
තරහ ගන්න එපා... සහජීවනයට හානිවෙයි.
Surathala Sunday, 14 May 2023 02:46 PM
අද ලංකාවේ ආගමික සහ සංස්කෘතික නිදහස නැතිවෙලා තියෙන්නේ මොන ජනවර්ගයාටද කියලා මේ සිද්ධිවලින් තහවුරු වෙනවා.
සමන් Sunday, 14 May 2023 02:53 PM
අපේ පිං ජනාධිපතිතුමා කීවා මතක නැද්ද පුරාවිද්‍යා ස්ථාන ගැන. දැන් ඉතින් සහජීවනේ දෝර් ගලනවා. තව ඉස්සරහට හොඳටම තියෙයි. NGO කුක්කොත් සෑහෙන්න උදව් කරයි හොඳේ...
Samitha S. Aluthgamage Monday, 15 May 2023 07:51 AM
මේ රටේ බොහෝ ජාතිවාදී උසිගැන්වීම්වලට මුල්වී ක්‍රියාකරන්නේ බොහෝවිට දේශපාලනඥයින්. ඒත් ඒ සම්බන්ධව ඔවුන්ට නිසි දඬුවම් නැහැ...
rattu Monday, 15 May 2023 08:56 AM
සිංහල පළාත්වල කෝවිල් ඕනෑතරම් හදනවා. කවුරුත් විරුද්ධ නැහැ. මොවුන්ගේ කටවල්වලට හෙණම ගහන්න ඕනේ...
Bunny Preena Monday, 15 May 2023 12:30 PM
අපේ දේශපාලන පක්ෂවලට ඉතින් බෙදා තියෙන තරමට වැඩිවන තරමට හොඳයිනේ... ඉතින් වඩාත්ම ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ආගම් භේද සහ ජාති භේද...
Bamunuarachchi Monday, 15 May 2023 03:10 PM
බෞද්ධයින් නිවටයින් කරලා. සූදානම් වෙලා නැවත උපසම්පදා උත්සවය පටන් ගනිමු. හාමුදුරුවන් උත්සවය ගැන කලින් අපිට දැනුම් දෙන්න. අපි එන්නම් සූදානම් වෙලා...