IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි

(රෝෂන් තුෂාර)

එල් .පී.එල්. ක්‍රිකට් තරඟාවලියට ඉදිරිපත්වන දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමේ  තීරණය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කර එහි හිමිකාරීත්වය තමන් වෙත පවරන තීන්දුවක් නිකුත් කරන්නැයි  ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ   සමාගමක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (24) නඩු පැවරීය.

දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෲප් සමාගම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර  විත්තිකරුවන් ලෙස එක්සත්  අරාබි එමීර් රාජ්‍යයයේ   ද අයි.පි ජි.ගෲප් නම් කර තිබිණි.

මෙම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවූ  අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්. පී. එල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්‍යවශ්‍යම පාර්ෂවකරුවකු වශයෙන් සැලකිය යුතු බවත් එම ආයතනය මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර නොමැති බවත් පෙන්වා දුන්නේය.

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ තැනැත්තා තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර  ඇති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා මෙම නඩුවෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කළහොත්   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දුන්නේය.

ඒ අනුව  මෙම නඩුව මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසද   ඉල්ලා සිටියේය.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නීතිඥ ජය මුදිතා ජයසූරිය මහත්මියගේ උපදෙස් පරිදි  පෙනී සිටි නීතිඥ රසික දිසානායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි කිරීම හේතුවෙන් තම සේවා දායකයාට ඇමරිකානු ඩොලර් දොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් අහිමි වී ඇතැයි පැවසීය.

තම සේවාදායක සමාගමේ කොටස්කරුවෙකු තරග පාවාදීමේ චෝදනා මත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණත් ඔහුට එරෙහිව මේ දක්වා චෝදනා පත්‍ර ගොනු කර නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා සාධාරණ කරුණු විමසීමකින් තොරව දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි කිරීම නීතියට පටහැනි බවත් පෙන්වා දුන්නේය.

මෙම නඩුවෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කළහොත් එල්.පී.එල් තරගාවලිය පැවැත්වීමට බාධාවක් සිදු නොවන බවත් ඒ තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු අගතියක් සිදු නොවන බවත් නීතිඥවරයා පැවසීය.

නඩුවේ වග උත්තර කරුවන් වශයෙන් නම්කර සිටි අයි.පී.ජී ගෲප් සහ ඉනොවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් සමාගම් වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ රුවන්ත කුරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් ඩුබායි රාජය කේන්ද්‍ර කරගෙන  කටයුතු කරන ආයතන බවත් ඔවුන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පැවරිය නොහැකි බවත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා මෙම නඩුවේ අත්‍යවශ්‍ය පාර්ශව නම් කර නොමැති බව පෙනී යන හෙයින් සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ පැමිණිල්ල සංශෝධනය කර  සතියක් තුළ ගොනු කිරීමට පැමිණිල්ලට හැකියාවක් තිබෙන බව නියෝග කළේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල පැමිණිලිකරුවන්ට යළි භාරදුන් අධිකරණය එය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නේ නම් විත්තිකරුවන්ටද නොතිසි ලබා දීමට  පියවර ගන්නා ලෙසත් පැමිණිලිකරුවන්ට නියෝග කර සිටියේය.



අදහස් (0)

දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 496 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3227 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1150 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 597 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1988 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site