(කාංචන කුමාර ආරියදාස)
අලුත් අවුරුදු නිමාවත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් සිය එළවළු අස්වැන්න අලෙවි කිරීම සඳහා දඹුල්ල නගරයට අද (15 දින පෙරවරුවේ සිට රැගෙන විත් තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් ගොවීන් දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණය කණ්ඩලම හන්දිය ආදී ස්ථාන කිහිපයක සිය එළවළු අස්වනු අලෙවි කිරීම සිදු කරනු ලැබීය.
කන්ද උඩරට ප්‍රදේශ වලින් කැරට්, ලීක්ස් ,ගෝවා ,මාළුමිරිස් ,බෝංචි ආදී එළවළු රැසක් අද දඹුල්ල නගරයට ගොවීන් විසින් රැගෙනවිත් තිබේ.
එමෙන්ම පහතරට එළවළු වර්ග වම්බටු ,තක්කාලි ,නෝකෝල් ,,බණ්ඩක්කා ,කැකිරි, දඹල, ආදී එළවළු වර්ග ද ගොවීන් විසින් අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබිණි,
පසුගිය දිනවල එනම් අලුත් අවුරුද්දට පෙර දිනවල විශාල වශයෙන් පහත වැටී තිබූ එළවළු මෙදින යම් මට්ටමකින් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දන් සහ ගොවීන් පවසති.
කන්ද උඩරට ප්‍රදේශ වලින් රැගෙනවිත් තිබුණා කැරට් කිලෝව රුපියල් 110 සිට 120 දක්වා ,ලීක්ස් කිලෝව රුපියල් 100 සිට රුපියල් 110 දක්වාත් මාළු මිරිස් කිලෝව රුපියල් 60 සිට 70 දක්වා බෝංචි කිලෝව රුපියල් 50 සිට රුපියල් 70 දක්වා අලෙවිය සිදු විය.
එමෙන්ම අමුමිරිස් කිලෝවක් රුපියල් 170 ට අලෙවිය.
පහතරට එළවළු තක්කාලි රුපියල් 35කට නෝකෝල් රුපියල් 46 කට කැකිරි රුපියල් 20-30 අතර මිලකට බණ්ඩක්කා පතෝල ආදී එළවළු රුපියල් 35 සිට 65 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වූ බව ව්‍යාපාරිකයන් සහ ගොවීන් පවසති.
රජය මගින් එළවළු මිල දී ගැනීම මෙදින සිදු නොවූ නතර ඉදිරියේ දී රජය ගොවීන්ගේ එළවළු මිලදී ගැනීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද
රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සී
නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිම
සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේත
මෙම වර්ෂය සඳහා රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන 17 සඳුදා උදේ 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
දඹුල්ලේ තැන තැන එළවළු අලෙවිය
සෙනෙවිරත්න Wednesday, 15 April 2020 12:45 PM
මේ ආණ්ඩුව කියන කිසිම දෙයක් නොකෙරෙන්නෙ කාගෙ වරදින්ද?
vipula Thursday, 16 April 2020 03:02 PM
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වහල නම් ඇයි එන්නේ.... කොහොමද දිස්ත්‍රික්ක පසු කරමින් එන්නේ? ගෙදරට වෙලා ඉන්නේ මම විතරද ?
rasika Thursday, 16 April 2020 03:22 PM
සෞඛ්‍ය,ආරක්ෂක, පාලන මේ සැමගේ කුසරකින රකුස් මහතුන් ආරක්ෂා කරමු. එසේම රකුස් මහතුන් ජනතාව ලෙඩ කරන දැ යොමු නොම වේවා...!!!