IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දඹුල්ලේ ශීත ගබඩාව වටේ බලෙන් අල්ලගෙන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දඹුල්ලේ පටන් ගත් ලංකාවේ පළමු වැනි උෂ්ණත්වය පාලන ගබඩාව වටා පිහිටි ඉඩම් ටික බලෙන් අල්ලා ගන්නට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එළවළු පලතුරු කල් තබාගැනීම සඳහා සැකසන එම ශීත ගබඩාවේ ඉදිකිරීම් කටයුතු තවම අවසන් වී නැතැයි ද නමුත් ඒ වටා ඇති ඉඩම්  මේ වන විටත් පුරවා පෞද්ගලික ඉඩම් යනුවෙන් බෝඩ් ගසමින් සිටින බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.

ගොවි ජනතාවට තිබෙන සම්පතක් මෙලෙස අවභාවිත  කරන්නට ඉඩ දිය නොහැකි බවද  හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ අදාළ කාරණය සම්බන්ධයෙන් සොයා බලා එය නතර කිරීමට කටයුතු කරන බවයි.



අදහස් (3)

දඹුල්ලේ ශීත ගබඩාව වටේ බලෙන් අල්ලගෙන

ravin Thursday, 16 November 2023 03:30 PM

දඹුල්ල පැත්තේ මැරකම් කරන්නේ කාගේ කට්ටියද ?

:       0       1

ලංකාපුත්‍ර Thursday, 16 November 2023 04:52 PM

හර්ෂ මැතිතුමා කියන්නෙ තුවාලයක් තියෙන එකාට වේදනාව ඇතිවෙනවා වගේ එතුමාගේ ව්‍යාපෘතිය නාස්ති වෙනවා කියලා තමයි ලංකාවේ ආණ්ඩු වෙනසක් වුණාම අලුතින් පත්වෙලා එන ඇමැතිවරයා හිටපු කෙනා කරපු වටිනා දෙයක් වුනත් අත් හැර දැමීම කරනවා.. හරියට වාසුගේ ජල ව්‍යාපෘති වගේමයි.. මෙහෙම ඇවිල්ලා තමයි අවුරුදු 75 ක් අවසන් වෙන අවස්ථාව වෙද්දීත් ලංකාව පල්ලම් බහින්නේ. එනිසා ඊළඟ මැතිවරණය අවසන් වෙලා ඇමැතිලා පත්කරනවිට අමාත්‍යාංශයේ අරඹා ඇති ව්‍යාපෘති හා අමාත්‍යාංශයේ එතෙක් පැවති ප්‍රගතිය දැක්වෙන විස්තරයක් හිටපු ඇමැතිවරයා හා හිටපු ලේකම් අත්සන් කර අලුත් ඇමැතිවරයාට හා නව ලේකම්ට භාරදීමට ක්‍රමයක් හදන්න ඕන... පිටපතක් ජනාධිපති ලේකම් වෙතත් පිටපතක් විගණකාධිපති වෙතත් දීමට නීතියක් ඇතිකල යුතුයි... එහෙම නොකරනතාක් කල් ජනතා මුදල් නාස්තියක් මිස රටනම් හදන්න බැහැ බැහැ බැහැමයි...

:       0       14

Ananda Friday, 17 November 2023 07:23 AM

රජයේ නිළධාරියෙක් ස්ථාන මරුවක් අරගෙන ගියාම යම් භාණ්ඩයක් නොදී ගියා කියලා අනුප්‍රාප්තිකයා පැමිණිලි කලොත් එහි වටිනාකම සහ තවත් සියයට ගණනක් අයකිරීම කරනවා. ඒත් දේශපාලුවො කෝටි ප්‍රකෝටි ගණනක් වංචා කලත් විගණන විමසුමක් වෙන්නෙ නැහැ ඒක හරිද ඒ වගේම අතර මැද නතර කරන ව්‍යාපෘති ගැන විගණනයක් වෙනවා කියලා අහන්න ලැබෙන්නේ නැහැ .ලංකාව කවදා නිවැරදි පීල්ලේ පීලිගත වෙයිද මහත්තයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 183 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1669 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1088 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1336 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1463 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 426 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39571 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25762 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1202 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site