(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම විවෘත කිරීමත් සමඟ එළවළු කිලෝ ලක්ෂ සියයකට වැඩි ප්‍රමාණයක් දඹුල්ලට ලැබී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
දින ගණනාවක් තිස්සේ වසා දමා තිබීම නිසා තම නිෂ්පාදන විශාල වශයෙන් ගොවීන් රැගෙන ඒම සිදු කළ ද එළවළු මිල ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව වෙළෙන්දෝ මෙන්ම ගොවීන් ද පවසති.
එ අනුව කැරට් බෝංචි මාළු මිරිස් ආදී කිලෝවක තොග මිල රුපියල් 200 ඉක්මවා පැවැති අතර පහතරට එළවළු වර්ගද රැසක මිල රුපියල් සියය 150 ඉක්මවා තිබීම විශේෂත්වයකි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 29 දින මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු අලෙවි කිරීම සඳහා ගොවීන් මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වෙළෙන්දන් පැමිණ සිටින අයුරු දැක ගැනීමට හැකිවිය
අලුයම පහට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග පැමිණ තිබූ එළවළු ලොරි ආර්ථික මධ්‍යස්ථානය තුළට ඇතුළත් කර ගැනීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.
මහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර් ගණනාවක් යනතුරු දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ .එක් පසෙකින් එළවලු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරික ප්‍රජාව ගේ රථවාහන වලින් මෙන්ම එළවළු අස්වැන්න රැගෙන එන ගොවීන්ගේ රථ වාහන වලිඳ මාර්ගයේ දැඩි තදබදය දැකගැනීමට හැකිවිය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 100ක්
Siri Sunday, 30 May 2021 02:32 AM
දැන් හරිද
දඹුල්ල වෙලෙන්දෝ Sunday, 30 May 2021 05:06 AM
මේ කතාව ඇත්තද ? ඇයි බෙරුව සමාජ ගත කරන්නේ අද දවසට ආර්ථිකයේ දක්වා ඇති නිලවාර්තා වල අදේ 10 වෙන විට එළවලු ලොරි 700ක් පමණ පැමිණ ඇත මේවා ත්‍රිවිල් බට්ට ලොරිත් එක්ක කිලෝ ලක්ෂ 20 පමණ වේ වහන 500ක් පමණ එළවළු අරන් ඇවිත් තව වාහන රැසක් පොලිම්වල තියේනවා ඒවායේ එළලුආවාත් කොටියක් තියේද
මුණසිංහ Sunday, 30 May 2021 10:43 AM
වෙන්න ඇති. ඒත් වෙළෙන්දාට ප්‍රතිලාභ ලැබෙනවද? අතරමැදියන් ඉහළින්ම ගසා කනවා. වෙළඳපලේ එළවලු ගිනි ගණන්. මේකට රජය මැදිහත් වී හමුදාව ලවා හරි සාධාරණ මිළක් ගොවියාට දෙන්නත් පාරිභෝගිකයා මේ වෙලාවේ ආරක්ෂා කරන්නත් පියවර ගන්න.
Sri Lanka Sunday, 30 May 2021 06:26 PM
ජනාධිපතිතුමාගෙ කොම්පොස්ට් වැඩපිලිවෙලට ගනන පුලුවන්