IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දිය සිඳුණු වැව්වල කොක්කු බක තපස් රකිති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

වියළි කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ සහ කුඩා වැව් 1000කට ආසන්න ප්‍රමාණයක ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව හා පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. 
 
ඉඟිනිමිටිය, තබ්බෝව, මහ උස්වැව, සියඹලන්කොටුව, කොට්ටුකච්චිය ඇතුළු ජලාශ කිහිපයක ජලය සිඳී ඇතැයි ගොවිජන සේවා නිලධාරීහු පවසති.
 
මේ හේතුවෙන් ගවයින් ඇතුළු සතුන්ට ජලය සපයා ගැනීමට නොහැකිවීමෙන් ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. ජල මට්ටම අඩුවී ඇති ජලාශ හා වැව්වල මසුන් ආහාරයට ගැනීම සඳහා විවිධ පක්ෂීන් වර්ග ගණනාවක් පුත්තලම වැව් ඉවුරුවලට පැමිණ සිටිනු දැක ගත හැකිය. 
 
පුත්තලම දිස්ත්‍රික්ක ආපදා කළමණාකරණ  සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ. අලහකොන් මහතා ලංකාදීපයට මෙසේ පැවසීය.
 
 “අපි නිරිත දිග මෝසම් වැසි බලාපොරොත්තුවෙන් හිටියේ. අපි සුදානම්ව සිටියා ගංවතුරක් පවා ඇති වෙයි කියලා. නමුත් වර්ෂාව නොලැබීම නිසා, වියළි කාලගුණ තත්වය වැඩි වෙලා. ඒ නිසා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එච්. චිත්‍රානන්ද මහතාගේ උපදෙස් මත, ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් හා ආපදා සහන සේවා නිලධාරීන් සමග එක්ව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ පහක ජනතාවට පානීය ජලය බෙදා හරිනවා” යැයි ඔහු පැවසීය. 



අදහස් (6)

දිය සිඳුණු වැව්වල කොක්කු බක තපස් රකිති

Rohitha Sunday, 23 June 2019 01:59 PM

තවත් අක්කර 2000ක් විතර අර කැලෑපාලුවාට ගෙවල් හදලා දුන්නා නම් හරි ඉතිරි වතුර ටිකත් නැතිකරලා අරාබියක් කරන්න පුළුවන්...

:       7       63

RaveendraSunday, 23 June 2019 03:51 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි.. මොවුන් කරන්නේ අනාගත පරපුරට වතුර බිඳක්වත් බොන්න බැරිවෙන වැඩ..

:       0       45

leel gunawardena Sunday, 23 June 2019 04:00 PM

අරාබිකරයක්නේ ලංකාවේ තියෙන්නේ.. අපේ දේශපාලකයන්ට වුවමනා වතුර මොකටද සත්තු? මිනිස්සු මොකටද? පලයල්ලා දිගටම ඔය විදිහට නමුත් තේරුම් ගන්නකොට පරක්කු වෙලා ඉවරයි මට නම් හිතෙන්නේ...

:       0       36

janahitha Wednesday, 26 June 2019 03:33 AM

නෑ කොක්කු ඔක්කොම කැබිනට් මීටිමක, ගස් කපන අයට කරන්නේ කුමක්ද කියා සාකච්චාවක

:       0       0

anura janatha Thursday, 27 June 2019 03:30 AM

කොක්කු හරියට කටුවපිටියේ කේදවාචකයෙන් පස්සේ අපේ ආණ්ඩුව වගේ ඉන්නේ

:       0       0

Shantha Qatar Thursday, 27 June 2019 07:20 AM

පුවත් කෙතරම් දරුණු උවත් දසුන නෙත පිනවයි ......

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2042 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2178 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2736 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5785 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1885 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6517 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18438 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site