IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


දියකාවා සාර්ථකව නිමා වෙයි

(අමදෝරු අමරජිව)

යුධ, ගුවන් හා නාවික හමුදා ඒකාබද්ධව වාර්ෂිකව පවත්වන “දියකාවා“ යුධ අභ්‍යාසය 11වන වරටත් අද (29) ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි වෙරළ තීරයේදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් අදියර පැවැත්වුණි.

යුද,ගුවන්, නාවික භටයන් 3029 දෙනකු, නිලධාරින් 444 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැති දියකාවා යුධ අභ්‍යාසය සදහා කලාපීය රටවල් 5ට අයත් විදේශිය නිලධාරින් 08 කු හා සෙබලුන් 29 දෙනකුද එක්ව සිටියහ.

කුඹුරුපිඩ්ඩි වෙරළේ ස්ථාපිත කළ සතුරු කඳවුරකට පහරදි රේඩාර් මධ්‍යස්ථානයක් බිද දමා එම කඳවුර අත්පත් කර ගැනිම මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

නාවික හමුදා ඩෝරා යාත්‍රා, සෙබලුන් ප්‍රවාහනය කරන විශේෂ යාත්‍රා බලඝණයට අයත් යාත්‍රාවන් එක්ව මුහුදින් සතුරු කදවුරට පහර දෙනු ලැබු අතර ගුවන් හමුදාවට අයත් එෆ් 7 හෙලිකොප්ටර් මගින් කදවුරට බෝම්බ හෙලිමත් බෙල් 212 හෙලිකොප්ටරය මගින් ගුවන් ප්‍රහාර එල්ල කිරිමක් කරද්දි යුද ටැංකි යොදාගෙන පාබල සෙබලුන් වෙඩි ප්‍රහාර එල්ල කරමින් මෙම කඳවුර අත්පත් කර ගැනිමේ විශ්මිත ප්‍රහාරය මෙලෙස අවසන් කෙරිණි.

සටන ඇවිලෙද්දි බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් තුවාල වු සෙබලුන් ඉවත් කිරිම මෙහිදි සිදුවිය.

 



අදහස් (1)

දියකාවා සාර්ථකව නිමා වෙයි

IT Kolla Thursday, 30 September 2021 07:16 AM

ඉතා හොඳ අභ්‍යාසයක්. නමුත් තව අවුරුදු 2-3 (දැනටමත් සමහර රටවල් )කින් යුද්ධ කරනුයේ යුධ ටැංකි ප්‍රහාරක යානා ඇතුළු උපකරණ වලින් නොව ඩිජිටල් තිර වලිනි ( කොන්ටම් පරිගණක නිසා මෙය ඩිජිටල් ද නොවිය හැකිය ). ඒ සඳහා රටක් හැටියට හමුදාවක් හැටියට අපේ සුදානම කුමක්ද ?

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අය වැයෙන් රැකියා 30,000
2025 පෙබරවාරි මස 11 24 0

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්


වීසා නැති 13ක් පිටුවහල් කරයි
2025 පෙබරවාරි මස 11 108 0

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


මළගෙදර වලියෙන් හතරක් රෝහලට
2025 පෙබරවාරි මස 11 154 0

අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ


ආණ්ඩුව අලුත් වුණාට රජය පරණයි
2025 පෙබරවාරි මස 11 24 0

ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල


ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ
2025 පෙබරවාරි මස 11 215 0

විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අමරපුර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානය රාජ්‍ය අනුග්‍රහයෙන්
2025 පෙබරවාරි මස 11 82 0

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 104 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 899 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site