(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා කැබිනට් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
අදාල ක්‍රීඩා සංකීර්ණය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කර ඇති බවත් ඒ හෙයින් පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව එම ක්‍රීඩා සංකීරණය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බැවින් කිසිදු ආයෝජකයෙකු මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට මුදල් ආයෝජන නොකරන බැවින් එම නම ඉවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් ඒ පිළිබදව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බවත් කර තිබෙන වැඩ නම් මහින්ද රාජපක්ෂ නමට ගැලපෙන උවත් ඒ වැඩ රටට හෝ ජාත්‍යන්තරයට නොගැලපෙන බවත් අමාත්‍යවරයා වැඩි දුටත් පැවසීය.
මෙයට වසර ගණනාවකට පෙර ක්‍රීඩා සංකීරණයට ගෙනැවිත් දමා තිබූ බහාලුමක තිබී මිලියන ගණනක් වටිනා ජෙනරේටරයක් හමු වූ බවත් මෙම ක්‍රීඩා සංකීර්ණයෙහි ඊට අයත් භාණ්ඩ පිළිබදව දත්ත ඇතුලත් ඉන්වෙන්ට්‍රියක් නොැමැති බවත් යෙදූ මුදල් පිලිබදව තොරතුරක් නොමැති බවත් ඒ පිලිබදව ද පරීක්ෂණයක් ආරම්භ කල බවත් ක්‍රීඩා සහ තරුණ කටයුතු පිලිබද කැබිනට් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අනාවරණය කරන ලදී .
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘දියගම ක්‍රිඩාංගණයේ ‘මහින්ද රාජපක්ෂ‘නම ඉවත් කරනවා‘
පුරවැසියා Sunday, 12 January 2025 10:50 AM
සියලුම රාජ්‍ය ආයතන වලින් දේශපාලකයින්ගේ නම් ඉවත් කළයුතුයි. ඒවා හදලා තියෙන්නේ මහජනතාවට අයත් ඉඩම්වල සහ මහජනයාගේ බදු මුදල් වලින් රට බංකොළොත් කරපු අයගේ නම් මොකට දානවද?
Anu vuraj Sunday, 12 January 2025 11:02 AM
සුනිල් මහත්තයෝ, ඒවා නම් බලු වැඩ... මාලිමා කාරයෙක්ගේ නම එහෙම තියන්න...
Ananda Sooriyabadara Sunday, 12 January 2025 11:24 AM
රාජපක්ෂ නමත් එක්ක පුදුම වෛරයක් තියෙන්නේ මොවුන්ට...!
ලසාSunday, 12 January 2025 08:26 PM
ඔවුන්ට විතරක් නෙමෙයි, අපිටත් ඒ තරහ තියෙනවා. රට බංකොළොත් කෙරුවාට ඔය කිසිම නමක් තියන්න හොඳ නැහැ...!
Kazi Shajahan Sunday, 12 January 2025 11:26 AM
මහින්දගේ සල්ලිවලින් කරලා තියෙනවා නම් නම ඉවත් කරන්න එපා. අපි හිතන්නේ මත්තලත්, එයාගේ පුද්ගලික සල්ලි දාලා තමයි කෙරුවේ.. මහින්ද නම කියන්නේ ජාතියට සම්පතක්...
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 12 January 2025 05:33 PM
කියලා වැඩක් නෑ.. මැදමුලන හත්මුතු පරම්පරාවම..!
Aru Sunday, 12 January 2025 11:36 AM
බොහෝම හොඳ වැඩක්. මහජන මුදල් භාවිතා කර ඉදිකරන ලද අනික් සෑම ගොඩනැගිලි, ව්‍යාපෘති ක්‍රීඩාංගණ ආදියට, දේශපාලකයෝ තමන්ගේ නම් දමා තිබේ නම් ඒවා ඉවත් කරන්න. මහජන මුදලින් තැනූ දේවලට තමන්ගේ නම දමාගැනීම ලැජ්ජා සහගතයි..
වචන්දිම Sunday, 12 January 2025 11:41 AM
ඒ නම ඉවත්කරලා ලලිත් කොතලාවලගේ නම අලුතින් දාන්න. ඔය ඉඩම දුන්නේ ලලිත් කොතලාවල...
ravin Sunday, 12 January 2025 11:42 AM
තම පුද්ගලික මුදලින් කොටසක් හෝ වැයකර ඉදිකරන ලද පොදු දේපළක් නොවේ නම් එම ස්ථානවලින් දේශපාලකයින්ගේ නම් ඉවත් කිරීම ඉතාමත් කාලෝචිතයි...
Nandana Sunday, 12 January 2025 11:44 AM
ඕක විතරක් නෙවෙයි... රටේ මහජන මුදලින් කළ සියලු දේ පාලම්, බෝක්කු සහ අනිකුත් දේවලින් සියලු දේශපාලකයින්ගේ නම් ඉවත් කරන්න. නම තියාගැනීමට නම් එම වටිනාකම පුද්ගලික මුදලින් ගෙවන්න කියන්න.
රම්බොඩ Sunday, 12 January 2025 11:49 AM
නම් වලට විතරක් වෛර කරලා වැඩක් නෑ. කියපු හොරකම් රටටම ඔප්පු කිරීමත්, එවන් නායකයෙකු රටට කළවැඩ කන්දරාව අවතක්සේරු නොකිරීමටත් මේ සුහුඹුල් අය වගබලාගත යුතුයි. මුඛය පමණක් රටට අවශ්‍ය නැත.
Pradeep KumaraSunday, 12 January 2025 03:16 PM
Mr. Ramboda - ඒ කරපු වැඩ කන්දරාවෙන් කොටසක් ගැන තමයි ඔය කියලා තියෙන්නේ. අවතක්සේරු නොකර වර්ණනා කළා නම් හරි නේද?
පිටරටවැසියා Sunday, 12 January 2025 12:01 PM
රටේ හැමතැනකම තියෙන (පාසල් වල, වරායන්වල, ගුවන් තොටුපළවල්වල, මාර්ග වල, ආදී) දේශපාලුවන්ගේ නම් ඉවත්කළ යුතුයි. මේ සැම දෙයක්ම රටේ ජනතාවගේ බදුමුදලින් හදපුවා මිසක්, දේශපාලුවන්ගේ පුද්ගලික ධනයෙන් හදපුවා නෙමෙයි. එහෙම කාගේ හරි නම ගහගන්න ඕනෑම නම්, ඒ අයගේ පුද්ගලික ධනයෙන් හදපුදෙන්... එහෙම නැත්නම් හදන්න ගිය වියදම රජයට ගෙවලා, නිසි ක්‍රමවේදයකට අනුව නම ගහගත්තාවේ...
ජගත් ලියනගේ Sunday, 12 January 2025 12:05 PM
මහා පරිමාණ හොරකමක් කොතැනද? එතැන අනිවාර්යෙන් රාජපක්ෂ නමක් ගෑවිලා ඇති...!
ජිල්බු Sunday, 12 January 2025 06:28 PM
මල් නම් ජයරත්න තමයි...
Wijesundara Sunday, 12 January 2025 12:18 PM
කාලෝචිත තීරණයක් කියන්න පුළුවන්... මහින්ද මුලින්ම මන්ත්‍රී වුනේ 1970 අවුරුද්දේ සමගි පෙරමුණ ආණ්ඩුව සමගයි. ඉතින් එම කාලයේ අගමැතිණිය සෑම එකකටම බණ්ඩාරනායක නම යෙදුවා. ඒ කාලයේ ළදරු මන්ත්‍රී ඒක දැකලා බලය ලැබුණාම ඒකම කළා. එම තත්වය 1977 මැතිවරණ වෙලාවේ දැඩිසේ දෝෂ දර්ශනයට ලක්වුණා. 1977 පත්වූ රජයේ සමහර දෙනෙක් අහවලාගේ කාලයේ ලබාදුන් ගොඩනැගිල්ල ලෙස නාම පුවරු යෙදුවත් 1994 පත්වූ රජයේ මන්ත්‍රී වාසුදේව වගේ අය ඒවා මැකෙව්වා... ඒත් මහින්ද ඔහුගේ නම යෙදීමට හ්ම් කිව්වේවත් නැහැ. ඇත්තෙන්ම හනිවරය යොදා තියෙන අයගේ නම ඉවත්කරන්න කවුරු හෝ කෙනෙක් අකැමැති නම් අදාල... ගොඩනැගිල්ලේ හෝ ආයතනයේ හෝ මාර්ගයේ නම තිබෙන කෙනාගෙන් හෝ නමේ උරුමක්කාරයන්ගෙන් වාර්ෂිකව බද්දක් අයකිරීම හොඳයි... (රවි හදපු මන්දිර බද්ද වගේම එකක්)...
බකල ජයා Sunday, 12 January 2025 01:05 PM
ඒක වැරදි වැඩක්. එතුමා තමන්ගෙ දහඩිය මහන්සියෙන්, බොහෝම අමාරුවෙන් හම්බකරපු මුදල්වලින් තමයි මේක හැදුවේ. ලොකු ණයකුත් ගත්ත වගේ මතකයි ඉවර කරන්න - රට නෙවේ, ග්‍රවුන්ඩ් එක.
සමරනයක Sunday, 12 January 2025 01:41 PM
හලෝ ඇමතිතුමා, මිස්ටර්, හරි දැන් ඔයා කිව්වනේ නම ඉවත් කරනවා කියලා. දැන් ඉතින් ඔය ගොල්ලන්ගේ මේ ටික කාලෙට කොරනවා කියල අනා ගත්ත අනික් වැඩ වගේ ඔය වැඩෙත් පරක්කු කරලා ඊට පස්සේ අනාගෙන කිච වෙලා පීචං වෙන්න එපා.
karolis Sunday, 12 January 2025 02:29 PM
රටේ හාල් පොල් සහ අනිකුත් සුළු සුළු ආර්ථික ප්‍රශ්න වගේද මේ අතිශයින් බරපතල නාම පුවරු ප්‍රශ්නය නේද?
ගාමිණී Sunday, 12 January 2025 03:21 PM
ඔය ක්‍රීඩා පිටියට ඉන්වෙන්ට්‍රියක් නැත්නම් ඒකට වගකියන්න ඔිනේ ක්‍රීඩා පිටිය අයිති ආයතනයයි.
pj Sunday, 12 January 2025 03:23 PM
ආචාර්ය රන්වල කියලා දැම්මොත් නම් ආයෝජකයෝ ඒවි...
Lalith Sunday, 12 January 2025 03:40 PM
ජනතාවගේ මුදල් වලින් හදලා තමන්ගේ නම ගහන්නේ ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැති පරපුටුවන්.. වෙනස් කළ යුතුයි.
අසෝක විරසිංහ Sunday, 12 January 2025 03:58 PM
ලලිත් කොතලාවල ක්‍රිඩාංගණය ලෙස නම් කළයුතුයි...
Jayasinghe Sunday, 12 January 2025 04:16 PM
ඔය නම කිව්වොත් සමහරක් ගිහින් ලෙවකනවා.
ජිල්බුSunday, 12 January 2025 07:43 PM
සමහරක් නෙවේ, සම හරක්. අද හයිවේ එකට ඒ අයගේ නෑදෑයෝ පැනලා ලොකු අවුලක්...!
පිටරැටියා Sunday, 12 January 2025 04:21 PM
දූෂිත දේශපාලුවන්ගේ නම් වලින් පවත්වා ගෙන හුඟාක් දේවල් ඇති එකම රට ලන්කාව වෙන්ඩැති.
අරුණි Sunday, 12 January 2025 06:51 PM
මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කළා වගේ මහින්ද රජයෙන් කළ ව්‍යාපෘති රාශියක් අනුර කුමාර ඇතුළු පිරිස ඉන් අනතුරුව බලයට ගෙනා යහපාලනයෙන් අභාවයටම යන්න සැලසුවා. ඉතින් ඒකත් මහින්දගේ වරදක්ද? එතුමා නොසිටින්නට මේ රට අදටත් ඉබි ගමනින් යන අඳුරු රාජ්‍යයක්. ඉදිකර ඇති සියලු ඉදිකිරීම් එතුමාගේ සමයේ ඉදිවූ දේවල් පමණයි.
බකල ජයාSunday, 12 January 2025 11:56 PM
අනිවාර්යයෙන්ම, තව පඬුවස්නුවර එක්ටැම්ගේ, එක්ටැම්ගේ පිච්චර් එකට ගත්ත ලයිට්හවුස් එක ඒවත් එතුමා තමයි. දැන් හොයාගෙන තියෙනව ටජ්මහලෙත් වහල ගැහුවෙ එතුමලු.
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 12 January 2025 06:57 PM
හත්මුතු පරම්පරාවම අපේ රටේ දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් තමන්ගේ පුද්ගලික, දුක් මහන්සියෙන් උපයා ගත්, සාධාරණ ධනස්කන්ධයක් රට වෙනුවෙන් පරිත්‍යාග කරපු පවුලක නම් බොන්ඩ් ලෑලි වලින් මකා දැමීම කොතරම් අසාධාරණද? රාජපක්ෂ පවුලට සමාදානයෙන් දෑස් පියාගෙන අවසන් ගමන් යාමටවත් ඉඩ නොදෙන දුෂ්ඨ සමාජයකද අප ඉන්නේ..?
විරුවාපට්ටම් Sunday, 12 January 2025 08:03 PM
අයින් කරනවා නම් ලිස්ට් එකක්ම කියන්න පුළුවන්. පරාක්‍රම සමුද්‍රය, නිශ්ශංක ලතා මණ්ඩපය, සේනානායක සමුද්‍රය, චන්ද්‍රිකා වැව (sure නෑ), ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගනය, බේරුවල බාකීර් මාකර් ක්‍රීඩාංගනය, කොළඹ R ප්‍රේමදාස (ඛෙත්තාරාම) ක්‍රීඩාංගණය, එතකොට රණවිරු නම් දාලා හදපු පාරවල්... තිසා වැව සහ බසවක්කුලම හෙවත් අභය වැවත් කියන්න පුළුවන්...
ජිල්බු Sunday, 12 January 2025 09:41 PM
සමුද්‍ර වෙත්තසිංහ, ලතා වල්පොල, සේනානායක වෙහෙරලියද්ද අහිංසක පුද්ගලයො. ඒ නම් එහෙම තිබුණාවෙ.
දම්බාර වීරසිංහ Sunday, 12 January 2025 11:25 PM
ඇයි ජයවර්ධනපුර (රෝහල, විශ්වවිද්‍යාලය )
Nimal 1 Monday, 13 January 2025 04:50 AM
දියගම පමණක් නොවෙයි, මේ හැතිකරේ නම් සියල්ලම ඉවත් කරන්න. රට වැනසූ කාලකන්නි
Dayal Monday, 13 January 2025 07:50 AM
හොඳයි... ඒගොල්ලන්ගේ නම් දැක්කම අප්පිරියයි.
Heenmahaththeya Monday, 13 January 2025 08:26 AM
පැල්මඩුල්ල ඇඹිලිපිටිය පාරෙ ගොඩගම හරියේ එක්තරා පුහුනු මධ්‍යස්ථානයක් තියෙනවා. එම ඉඩම රජයට දීලා එම පුහුණු ආයතනය ආරම්බ්භ කලේ චන්ද්‍රා ගන්කන්ද කියල හිටපු එජාප මංත්‍රීවරයා වුනත් 1994 පත්වූ ආණ්ඩුවෙ කෙරුම්කාරියක් කලේ එම ආයතනය උන්දැගෙ අප්පාගේ නමින් නම් කිරීම තමයි ඒ ගැන මොකද කියන්නෙ.
රුවන් Monday, 13 January 2025 08:28 AM
පාසලකට දාලා තියන අනුරකුමාර නමත් අයින් කරන්න ඕනේ
[email protected] Monday, 13 January 2025 09:45 AM
මුන්ගේ කුහුක කමේ නම් සීමාව නැත
Nandalal de silva - France Monday, 13 January 2025 11:03 PM
මැදමුලන හත්මුතු පරම්පරාවෙම "රාජපක්ෂ" නාමය නැති බොඩ් ලෑල්ලක් තියෙන්නේ මා උපන් ගමේ තිබෙන පොදු වැසිකිළියේ හෙවත් "කක්කුස්සියෙ" පමණක් බව මා ලගදී ගමෙ ගිය විට දැක්කා... ඒකෙන් නික්මෙන අති දුර්ලභ දුගඳ ගැනවත් කල්පනා කර කවුරුන් හො (ප) රාජපක්ෂ වරුන්ට උපහාර පිණිස ඉතා ඉක්මණින්ම බොඩ් ලෑල්ලක් කක්කුස්සි බිත්තියේ සවිකිරීම කාලීන අවශ්‍යතාවයක් බව මගේ ආච්චි සීයාට කියනවා මට ඇහුනා. ඊට පොඩ්ඩක් එහාට වෙන්න පොල් ගෙඩි අකුරින් ප්‍රධාන බස් නැවතුම් පොළේ ටකරං තහඩුවෙ... "චමල් රාජපක්ෂ බස් නැවතුම් පොල" කියා ලියා තිබෙනවා. සීයා කියන්නේ චමල් රාජපක්ෂගේ පෞද්ගලික ධනයෙන් සාදවා ජනතාවට දෙන්න ඇතිය කියා... දෙයියෝ දනියි...මම නොදනියි !!!_