(ඒ.ජේ.කරඳගොල්ල)
මතුරට පදියපැලැල්ලේ, ඉඩමිපිටිය වඩුවාවල දියවළේ නෑමට ගිය ඥාති සහෝදරයකු සහ සහෝදරියක් දියේ ගිළී මියගොස් ඇති බව මතුරට පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මතුරට කැටයාපතන ගමෙහි පදිංචි වීරසිංහ මුදියාන්සේලාගේ අයේෂ් ඉඳුවර බැමිණිමුල්ල ( අවු.12) සහ වීරසිංහ මුදියාන්සේලාගේ දසුනි ප්‍රියංගිකා තත්සරණී ( අවු.13 ) නැමති ඥාති සහෝදරයකු සහ සහෝදරියක බව පොලීසිය පවසයි .
මෙි දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් වඩුවාවළෙහි සැඩ ජල පහරක් තිබී ඇත.
මියගිය දෙදෙනා දිය නාමින් සිටියදී ඥාති සහෝදරිය දියේ ගිළී ඇති අතර ඇය බෙිරාගැනීමට සහොදරයා උත්සහ දැරීමෙිදී ඔහුද දියේ ගිළී ඇත.
ඉන් පසුව සෙසු පිරිස කෑගසමින් අසල්වාසින්ගේ සහය ඉල්ලා ඇති අතර එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසින්ට පාසල් සිසුවියගේ සිරුර හමුවී ඇති අතර ප්‍රදේශවාසීන් ඇය රිකිල්ලගස්කඩ මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒවනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .
මියගිය සිසුවාගේ සිරුර අද දහවල් වන විටත් සොයාගෙන නොතිබුණි. එම අයගේ සිරුර සෙවීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දියවළට ඥාති සහෝදරයෝ බිලි වෙති