(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය අනුව කටයුතු කිරීමෙන් පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා වළකාලමින් නිකුත් කොට තිබු වාරණ නියෝගය අත් හිටුවීමට කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද(26) නියම කළේය.
දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් ලිපියක් නිකුත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලයක් ඇතැයිද එම සත්‍ය කරුණු වසන් කරමින් දයාසිරි ජයසේකර මහතා මෙම වාරණ නියෝගය ලබාගෙන ඇතැයිද පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් පිළිගත් දිසා විනිසුරුවරයා ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කොට තිබු වාරණ නියෝගය අත් හිටුවීමට නියම කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ බවට චෝදනාවන්ට දින 14ක් තුළ පිළිතුරු සැපයීමට නියම කරමින් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට එරෙහිව නිකුත් කොට ඇති ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලමින් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා මෙම පෙත්සම ගොනු කොට ඇත.
වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීමට අනවුව පෙත්සම කැඳවන ලදී. පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා මෙවැනි ලිපියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය ඇතැයි කීය.
ඒ අනුව පෙත්සම්කරුගෙන් නිදහසට කරුණු විමසා මෙම ලිපිය නිකුත් කොට ඇතැයිද පෙත්සම්කරු එම කරුණු අධිකරණයට වසන් කොට මෙම වාරණ නියෝගය ලබාගෙන ඇතැයිද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා එහෙයින් නිකුත් කොට ඇති වාරණ නියෝගය අත්හිටුවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දයාසිරිගේ වාරණය අත්හිටුවයි