IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි:තරුණිය මරුට තරුණයා රෝහලට

(සමන් පාලිත නානායක්කාර)

කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි  යුවළකට අද( 12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි. 

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කැකනදුර පදිංචි වී සිටි ජී තරූෂි නමැති 23 හැවිරිදි තරුණියකි. තුවාල ලබා ඇත්තේ වාරියපොල  පදිංචි  කේ ඒ ධනුෂ්ක (22) තරුණයෙකි. 

මොවුහු කොස්ලන්ද උඩ දියලුම  සංචාරයක පැමිණ රාත්‍රී කාලයේ කදවුරු  බැඳගෙන සිටී  බව පොලීසිය කියයි. 

තරුණියට පහර දුන් වන අලියා  එම ස්ථානයේම ගැවසෙමින් සිට ඇති අතර ඒ පිරිස සමඟ පැමිණි සියලු දෙනා පලවා හැර ඇති බවද පොලිසිය කියයි.

පසුව මහත් පරිශ්‍රමයක් දරා පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව අලියා පලවා හැර තිබේ. කොස්ලන්ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)


(ඡායාරූප සැපයුම: ක්‍රිෂාන් ජීවක ජයරුක්)



අදහස් (26)

දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි:තරුණිය මරුට තරුණයා රෝහලට

chamara Friday, 12 May 2023 10:07 AM

අලියයි වලහයි ඉන්න කාලේ කෑම්ප් කරන්න යන්න එපා

:       3       68

ලුම්බිණි Friday, 12 May 2023 10:59 AM

කනගාටුදායකයි. අවට පරිසරය ගැන අවබෝධයක් නැතුව කෑම්පින් කරන්න ගියේ ඇයි?

:       4       74

Bunny Preena Friday, 12 May 2023 12:26 PM

වන අලීන් ඉන්න ඉසව්වක කූඩාරම් ගහන්න තරම් මේ අයගේ මොලේ විකල් වෙලාද? නැතිනම් මතට හිත ගිහින් මත්වෙච්චි දෙන්නෙක් වත්ද?

:       65       68

වසන්ත Friday, 12 May 2023 12:43 PM

සිරස රූපවාහිනියෙන් පෙන්වන කුංචනාද ටෙලිනාට්‍ය අනුගමනය කරන්න ගිහිල්ලා වෙන්න ඇති

:       19       66

Muthu Friday, 12 May 2023 03:05 PM

කෑම්පින් කියලා මෝඩ පිස්සුවක් හැදීලා වැඩි වේගන එනවා. ගමේ ගොවියෝ හැමදාම කෑම්පින් යනවා, බත් මුලකුත් බැඳගෙන. එතන ජීවිතේ ඇතුලේ දුක මිශ්‍ර සතුට තියෙනවා. තමන්ගේ ජීවිතේ ඇතුලේ සතුට දකින්න පුරුදු වෙන්න. සතුට පිටින් අරගෙන හරි වෙන තැනකට ගිහින් හරි ගන්න බෑ. ඒක තමන්ම මුලාකර ගැනීමක්. තමන්ගේ ජීවිතේම සතුටක් විදියට ජීවිතේ හදා ගන්න. දුක මිශ්‍ර සතුටක් විඳින්න පුරුදු වෙන්න. තනි සතුට හොයන්න ගිහින් වෙන්නේ විනාශයක්. කෑම්පින් කියන්නේ මත්පැන්, කැසිනෝ, කුඩු වලම දිගුවක්. එකම සිතුවිල්ල එහාට මෙහාට වෙන්නේ නම විතරයි.

:       76       165

රනේFriday, 12 May 2023 03:52 PM

අංග සම්පූර්ණ පිළිතුරකි.

:       20       112

sukuthaFriday, 12 May 2023 04:43 PM

මේ කමෙන්ට් එක ඩිස්ලයික් කරපු අය කරුණාකරලා කියන්න වැරැද්ද මොකක්ද කියලා... කියවාගෙන යද්දී කාලෙකින් දැකපු හොඳ කොමෙන්ට් එකක් කියලා හිතුනත් ලයික් ඩිස්ලයික් දැක්කාම පුදුම හිතුණා. වැරැද්දක් තියෙනවා නම් ඒ අදහස, කරුණාකර පෙන්වා දෙන්න...

:       21       109

ලුම්බිණි Saturday, 13 May 2023 05:45 PM

ඩිස්ලයික් කරන්න හේතුව ගමේ ගොවියන් හැමදාම කෑම්පින් යනවා, බත් මුලකුත් බැඳගෙන කියන එකට...

:       6       1

රට වැසියාSaturday, 13 May 2023 08:31 AM

ඔබකුමා මේ වචන දෙකක් පටලාවගෙන තමන්ගේ ආවේගශිලි අදහස ලියලා තියෙනවා - "කැම්පින්" කියන එකයි ගොවියා බත් මුලක් බැඳගෙන පැල් රකින්න යනවා කියන එකයි කාරණා දෙකක්!!! තමන්ගේ සාමාන්‍ය දැනුම ටිකක් පුලුල් කරගන්න, කැම්පින් කියන චවනය කෙසේවෙතත්, පරිසරය සමඟ නිදහසේ ගත කිරිම මනුෂ්‍යයන්ට ඉතාම වැදගත්, අප‍ට වඩා දියුණු රටවල මෙය කුසලතාවක් ලෙස ප්‍රගුණ කරනවා, ඒ සඳහා නිති රිති සම්පාදනය කරලා, විශේෂ උපකරණ පවා නිෂ්පාදනය කරනවා. අපි වගේ හැකිලුනු රටක ඔබ වගේ අයගේ දැනුම සහ ආකල්ප ගැන නම් කණගාටුයි. ඔබට නොහැකි දේ තව කෙනෙකුන් කරන විට නිහතමානිව ඒ දෙස බලන්න පුරුදු වන්න! මේ තරුණයින් දෙදෙනා ගේ නොදැනුවත්කම නිසා සිදු වෙච්ච කණගාටුදායක අනතුරක් - මේ නිසා කැම්පින් යන අය පසු අධ‍ෛ ර්ය වන්න එපා. මේ අනතුරුට පත් දෙදෙනාට කරන ගරුත්වයක් සේ සලකා, කැම්පින් යන අය එය ඉතා හොඳින් සැලසුම් කරන්න, ආරක්ෂාවට මුල් තැන දෙන්න.

:       4       2

කසුන් Friday, 12 May 2023 03:15 PM

චින්තනය බටහිර වූ පමණින් මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න බෑ. ඊට කලින් කළ යුතු දේ සහ නිවැරැදි කල යුතු දේ බොහොමයි. කවදා කරපු කෑම්පින් ද මේ? අපට හිතෙන හිතෙන තැන්වල කෑම්පින් කරන්න පිටරටකවත් බැහැ. Understand your terrain first. අරගලයේ දී බටහිර වෙස් අරන් පොලිසියට රෝස මල් දීපු කාන්තාව ගැන මහා ඉහලින් වර්ණනා කරපු අයටත් මම මේ ටික කිව්වා. විපතට පත් වූ අය ගැන කනගාටුයි.

:       28       113

අරගලය Friday, 12 May 2023 04:47 PM

හැමදේටම අරගලය ගාවගන්න එක දැන් පාර්ලිමේන්තුවේ ඉන්න පොහොට්ටු හොරු ටිකගේ සහ සාටක වහල්ලුන්ගේ සිරිතක් වෙලා...

:       55       140

ABITHA Friday, 12 May 2023 03:16 PM

අක්කා, මල්ලී ආදරයක් වගේ 23යි, 22යි...

:       77       45

සුසන්තSaturday, 13 May 2023 09:27 AM

ඒක නං අදාල දෙයක් නෙමෙයි මල්ලි.

:       3       2

saman Friday, 12 May 2023 04:00 PM

අලින්ට බලය පෙන්නන්න ජීවිතේට නොඑන චාන්ස් එකක් මේ කාලේ ඇවිත් තියෙන්නේ. මේ කාලේ කෑම්ප් ගහන්න එපා. ළඟදීම මිනිස්සු අලි වෙඩි පත්තු කරනවා අනිවාර්යෙන්. එතකොට අලින්ට ආයේ කැලේ වදින්න වෙනවා. ඇසු පිරූ දේ අනුව කැට තියලා කියන්නේ...

:       52       19

පිටරැටියා Friday, 12 May 2023 04:07 PM

මේ රටවල අයත් කෑම්පින් කරනවා. නමුත් ලංකාවේ එහෙම යනවා නම් අවට පරිසරය ගැනත් , සතුන්, සර්පපයන් ඉන්න නිසාත් හරිම කල්පනාකාරී විය යුතුයි...

:       5       55

Wiki Friday, 12 May 2023 05:40 PM

පව්, මේ දෙන්නා පිටරට අයගෙ ජීවිතේ මෙහෙ අනුකරණය කරන්න ගිහිල්ලා. ‌වැස්සට කෝපි එකයි පොතයි, වැලන්ටයින් එකට රෝස මලුයි චොකලටුයි වගේ තමා කැලේ කෑම්පින්. අනේ සුකේ නන්නානේ. නුවරඑළි ගිහින් බාබකිව් දාලා පිටරට අය කනබොන හැටි අනුකරණය කළා. ආතල් ගත්තා. ඊළඟට සීතලේ ගැහෙන්න ගත්තාම දේශීය චින්තනේ අවදිවෙලා ඒ ගිනිඋඳුනම කාමරේට අරන් ගිනි තපින්න ගිහින් විසවායුව වැදිලා කී දෙනෙක් මළාද? මේත් ඒ වගේ එකක්... ‌මෝඩ චූන් වලටත් සීමාවක් තියා ගනිල්ලා. අර ඉහලින් කසුන් කියලා තියෙන දේ හරියටම හරි.

:       22       77

හේරත්Saturday, 13 May 2023 08:37 AM

ලිං ගෙම්බන්ගේ අදහසක්, අපිට පිටරට හැමදේම හොඳයි, පරිසරය සමඟ ගතකිරිම පිටරට අනුකරණයක්! අයියෝ අයියෝ... - ගංවල මිනිස්සුන්ට අලින්ගේ අනතුරුවල අනනත්වත් මුහුණ දෙනවා, ඒ පිටරට අනුකරණය නොකර...

:       3       0

බද්රානි Friday, 12 May 2023 06:25 PM

මම නම් කියන්නේ මේ රටේ බහුතරයක් මිනිස්සුන්ව අලි පාගලාම මරන්න ඕනෑ කියලයි. මේකේ ඉන්න යක්කු, මනුස්සයින්ට වඩා වන සත්තු හා සර්පයින්ටනේ ආලේ වඩන්නේ... මනුස්ස වේශයෙන් ඉන්න යක්ඛ පුතුන් හා යක්ඛ දියණියන් හිතන්නේ මිනිසුන්ගේ නිදහසට වඩා තිරිසන් සතුන්ගේ නිදහසනේ.. ඉතින් සත්තුන්ටම මේ පින්බිම පුදලා යන ලෝකෙකට යමල්ලකෝ.. ඒ සත්තුන්ටවත් පාඩුවේ ඉන්න දීලා... සමහරවිට ඒ යුවල ලංකාවේ මනු සත්තුන්ට අහුවුණා නම්, දෙන්නගේම ජීවිතවලට මීට වඩා ලොකු හානියක් වෙන්න තිබුණා... ඇයට නිවන් සුව පතමි!!!

:       47       24

නිහාල් Friday, 12 May 2023 08:15 PM

අලියා නටන්න කලින් පරිසර අවබෝධය නැති ජෝඩුවක් එතැන නටලා තියනවා.

:       0       1

රණසිංහ Friday, 12 May 2023 09:20 PM

අලියා යකා නටලා නෑ. ජෝඩුව නම් එතන යකා නටලා තියෙනවා කොහෙන්ද කඩා පාත් වෙලා අලියාගේ නිජබිම ආක්‍රමණය කරලා. ඔය ටික වත් තේරුම් ගන්න පුළුවන් නම් අපිටත් ගොබ්බ මානසිකත්වයෙන් මිදෙන්න බැරි නෑ.

:       2       3

Ruhunu Friday, 12 May 2023 10:40 PM

මේ කාලය ගැහැණු ළමයින්ට අපලයි. පහුගිය දවසක කළුතරත් ගැහැණු ළමයෙක් නැතිවුණා වල් අලියෙක් ගහලා...

:       2       1

Samantha Saturday, 13 May 2023 12:13 AM

උඩ තියෙන කමෙන්ට් දැක්කාම හිතෙනවා ආයේ කපුටාස්ලම බලයට එන දවසක් ඉතාමත් ඉක්මනින්ම එයි කියලත්..කොහොම වුණත් අනතුරින් මැරුණ අයව මේ විදියට මාධ්‍යවලින් නැවත නැවත චරිත ඝාතනය කිරීමට ලක්කිරීම බලවත් පිළිකුලෙන් යුතුව හෙලාදකිමි. මෙහි සිරස්තලයම කුණු රසය ඉස්මතු කරවන ලෙස යොදා ගැනීම වඩාත් අප්‍රසන්නයි...

:       3       0

Vithana Saturday, 13 May 2023 05:21 AM

රට පුරාම දැන් ඇහෙන්න දකින්න තියෙන්නේ මේ වගේ නොමෙරු අඩු වයසේ දරු දැරියන්ගෙ මෝඩ තීරණ නිසා ඔවුන්වම විනාශ වෙලා යන අයුරුයි. මේ ළමයින්ගෙ දෙමවුපියන් මේවට වග කියන්න ඕනේ. දරුවන්ට කලින් දෙමවුපියන්ව හදන්න වෙලා.

:       2       1

ලුම්බිණි Saturday, 13 May 2023 05:45 AM

අලුත් තරුණ පරම්පරාව තේරුම් නොගෙන කෑම්පින් වලට විරුද්ධවීම අපේ සීමිත දැනුම විදහා දැක්වීමක්. මෙතන අවාසනාවන්ත දෙයක් වෙලා තරුණ ජීවිතයක් නැති වෙලා. සතුන් ගැන කරුණාව දැක්වීම බුදුන් වහන්සේ පවා කල දෙයක්. වන සතුන්ට ඒ අයගේ දුක් ගැනවිලි ගැන පැමිණිලි කරන්න බැහැ. ඒකයි අපි ඒ අය වෙනුවෙන් කටයුතු කල යුත්තේ. පිටරට ජීවිත ගත කරන හැටි ගැන වැඩි දෙනෙකුගේ කිසියම් තරහක් තිබෙන බව පේනවා. මොකද දන්නේ නැහැ. කෝපි බීම, රෝසමල් දීම, පොත් කියවීම, බාබකිව් දැමීම වැරදි වැඩ වෙන්නේ කොහොමද? ඇයි අපි හැම දේටම වයිර කරන්නේ?

:       3       2

චන්දිම ෆොන්සේකා Saturday, 13 May 2023 11:09 AM

තවමත් බොහෝ දෙනා දන්නේ නැහැ. ඇයි මේ අය දැනදැනම මේ වගේ අවදානම් තැනවලට යන්නේ කියාලා. හේතුව තමයි මේ බොහෝදෙනා යූටියුබ් චැනල් හදාගෙන ඒවාට මේ වගේ තැන්වල සිදුවන ත්‍රාසජනක අත්දැකීම් අඩංගු කරලා අන්තර්ජාලේ ප්‍රචාරය කරලා යම්කිසි ආදායමක් ලබාගැනීම. ඒ නිසා තමයි අලියා එනබව දැනදැනම ගිහින් ඉන්නේ... අනිත් අතට මෙතන වෙච්චි විපත අනික් යූ ටියුබ් චැනල් කාරයින් ඇවිල්ලා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් වොයිස් කට් අරගෙන වීඩියෝ කරන් ගිහින් පෝලිමට අන්තර්ජාලයේ පල කරනවා නිකම් නෙමෙයි වෙළඳ දැන්වීම් තොගයක් එක්ක. ඕක වුණා මතකද අර කළුතර දැරියගේ විපතත් මේ දුෂ්ඨ යූ ටියුබ් කාරයෝ විවිධ කුතුහලය දනවන ශිර්ෂ පාඨ යොදමින් පළකරනවා. බැලුවාම ඒවායේ ඇති වැදගත් තොරතුරකුත් නැහැ. මිනිස්සු රවටලා වෙළඳ දැන්වීම් වලින් හම්බ කරනවා...

:       4       12

Thushan Saturday, 13 May 2023 05:34 PM

අපිට බනින, අයියලාට සහ අක්කලාට... අපිටත් හීනයක් තිබුණා ලොකු හෝටලයක එකට නිදියන්න... ඒත් අතේ ගුලිකරන හිටපු සල්ලි කොළ ටික ඇති උනේ... එළියේ හදපු පුංචි කූඩාරමක අපේ ආදරය අපිට කියාගන්න විතරයි කිසිදා කිසිදිනක වැරැද්දක් නොකළ නුඹලා ගැන සතුටුයි. අපි කරපු වැරැද්දට අපි වන්දි ගෙව්වා. මගේ මුළු ජීවිතෙන්ම.. දැන් නම් මට ටිකක් හීතලයි.. චුට්ටක් ඔය උණුහුම් පොරෝනය උඩට අරන් දෙනවාද?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 182 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 141 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 283 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 125 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site