(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
විනෝද චාරිකාවක යාමට සූදානම් ව දුරකතන ඇමතුමක යෙදෙමින් දුම්රිය මාර්ගය දිගේ ගමන් කළ තරුණයන් දෙදෙනකු වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වදුරුව ප්‍රදේශයේ පදිංචිව සිටී කවිෂ්ක ලක්මාල් නැමැති 18 හැවිරිදි තරුණයෙකු සහ එස්.ඒ.තිවංක නැමැති 19 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයන් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යාම උදෑසන ම සූදානම් වී වදුරව දුම්රිය ස්ථානය දෙසට දුම්රිය මාර්ගය ඔස්සේ දෙදෙනා පා ගමනින් ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
දෙදෙනා දුරකථන ඇමතුමක යෙදෙමින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ පිටුපසින් පැමිනි බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුරකතන කනේ ගහගෙන ගිය තරුණයෝ දෙකක් දුම්රිය බිලි
කිරිපුතා Thursday, 25 May 2023 12:44 PM
ලෝකයේම මිනිසුන් ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා. තැනක් නොතැනක් නෑ. ඔහේ එල්ලීගෙන ඉන්නවා. මේවා කාටත් ආදර්ශ. ආරක්ෂා සහිතව හැම දෙයක්ම භාවිතා කරන්නට තම තමන් වග බලාගත යුතුයි.
පැරකුම්Thursday, 25 May 2023 01:56 PM
අපේ කට්ටිය කොපි කිරීමට හරි දක්ෂයි... ඒත් හොඳ නරක තේරුම් ගන්න දන්නේ නෑ...
නිමලරත්න Thursday, 25 May 2023 01:35 PM
ස්මාර්ට් ජංගම දුරකථනයක් ගත්තාම සමහරක් රියදුරන් වාහනය පණගැන්වීම කළාට පසුව ප්‍රධාන මාර්ගයට ගන්න දුරකථනය කනේ තියාගෙන තමයි... අනුන්ට පේන්න එහෙම කරනවාද තේරුම් ගන්න බැහැ. කොහොම වුණත් අන්තිමේ ඇස්, කන් හා නාඩි ඔක්කොම ඒකට යොමුවෙලා ජීවිතය අවසන් වෙනවා...
සෙනෙවිරත්න Thursday, 25 May 2023 02:19 PM
තමන් ජීවිතය අවසන් කරගත්තාට කමක් නැහැ... ඒත් දුරකතන කනේ ගහගෙන වාහන එළවලා අනුන්ට කරදර නොකර...
RohanaFriday, 26 May 2023 06:59 AM
දුරකථන කනේ ගහගෙන පාරට වාහන දමනවාටත් වඩා භයානකම දේ තමයි හතරමන් හංදිවල එසේකරමින් වාහන හංදි ඔස්සේ වාහන ධාවනය කිරීම. රියදුරන් එහෙම කරනවා ඇත්තේ වැඩ දෙකක් එකවරකරල කාලය ඉතුරුකරගන්න වෙන්න ඇති.අන්තිමට මාරක අනතුරකින් පහසුවෙන්ම කාලය නිමකර ගන්න සිද්ධි ඕනැ තරම් තියෙනවා.
Sathyapaala Thursday, 25 May 2023 01:53 PM
බොහෝම කණගාටුදායක පුවතක්... දුම්රියේ ගැටී මියයන ගොඩක් අයවලුන් දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචි වෙන පවුල්වලින්.. ශුවර් එකටම ෆෝන් එකේ එහා කොනේ ගැහෙන පරාන 2ක් කොමල දාලා කතාකරනකොට මේ දෙන්නට ඉන්නතැනත් අමතක වෙන්න ඇති...
ලුම්බිණි Thursday, 25 May 2023 02:15 PM
ඉතාම කණගාටුදායකයි...
සෙනෙවිරත්න Thursday, 25 May 2023 02:42 PM
ඇමතුමේ අනිත් අන්තයට එරෙහිව නඩු පවරමු...!
විපරමා Thursday, 25 May 2023 04:32 PM
දුරකථනය කනේ ගහගත්තාට පස්සේ තැන නොතැන පේන්නේ නැහැ. මෙලෝ සිහියක් නැහැ. මේවා කාටත් හොඳ පාඩම්...!
ගමේ එකාලා Thursday, 25 May 2023 05:52 PM
හරිම කණගාටුදායකයි. තමුන්ගෙම නොසැලකිලිමත්කම නිසා සිදුකරගත්තු දෙයක්.. සිහිකල්පනාවෙන් කටයුතු කෙරුවා නම් ඔහොම වෙයිද? නිවන්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
Sujeewa Thursday, 25 May 2023 11:25 PM
කරුණාකර තමන්ගේ අදහස් දැක්වීමේදී මියගිය පුතුන් දෙදෙනාව පහත් කොට සලකීමෙන් සහ අගතියට පත් පවුල් වල අයගේ හිත් රිදවන ආකාරයේ ,තමන් හරි පොරක් බව ඒත්තු ගන්වන මෝඩ අදහස් වලින් වලකින ලෙස කරනා කාරුණික ඉල්ලීමකි මේ
Perera Friday, 26 May 2023 12:21 AM
දෙන්නටම එතරම් මොලයක් තියන පාටක් නැහැ
Banda Friday, 26 May 2023 05:50 AM
අනේ දෙවියනේ, ඇයි අපේ තරුණ පරපුරට මේවැනි අවදානම් තත්වයන් ගැන තේරුම් ගන්න බැරි
පුශ්පෙ Friday, 26 May 2023 05:51 AM
දුරකතන දෙකට වැඩිය කරදරයක් (damage) නැහැ මගෙ හිතෙ.
එච්. එම් ධර්මපාල දෙහිවල Friday, 26 May 2023 11:11 AM
මොනතරම් කීවත් පලක් නෑ දුරකථනය භාවිතය ගැන අවධානයක් නැතිව ගිය කණගාටුදායක පුවතක්
ගැමුණු Friday, 26 May 2023 12:21 PM
මේ ස්මාර්ට් ෆෝන් ඒක විතර මේ රටේ තරුණ ජීවිත විනාශ කරපු තවත් දෙයක් නැතිව ඇති. තරුණ කොල්ලෝ කෙල්ලෝ මෙලෝ සිහියක් නෑ. අපේ අයට ස්මාර්ට් ෆෝන් එකක් ලැබුණා කියන්නේ වඳුරට කණ්ණාඩියක් අහුවුණා වගේ. මෙලෝ සිහියක් නෑ ඉන්නේ කොහේද කියලා අමතක වෙනවා. අනික දුම්රිය රියදුරෝ ඔහේ යනවා පාරක් බලන්නේ නෑ අලියෙක් හිටියත් යටකරගෙනම යනවා. පුදුම මිනිස්සු.