IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දුරකතන රැහැන් කපා විකුණූ ටෙලිකොම් සේවකයෝ 7 ක් දැලේ

(ගයාන් සූරියආරච්චි)

වෙන්නප්පුව ප්‍ර දේශයේ භූගතව ඇද තිබූ රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා දුරකතන රැහැන් කපාගෙන ගොස් පරණ යකඩ බඩු කඩවලට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයේ සේවය කළ කාර්මික ශිල්පීන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.

වෙන්නප්පුව තුණුවිල හන්දියේ සිට කිරිමැටියාන හන්දිය අතර ප්‍ර දේශයේ කිලෝමීටර් 4 ක් පමණ දුරට ඇද තිබූ භූගත රැහැන් කපාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 38, 43, 37, 35, 51, 45, සහ 56 වියේ පසුවන කටුනේරිය, මාරවිල, තොඩුවාව, කොස්වත්ත, ආනමඩුව සහ කොබෙයිගනේ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 7 දෙනකු බව පොලිසිය පවසයි.

ටෙලිකොම් ආයතනය මගින් වෙන්නප්පුව ප්‍රදේශයේ ඇද තිබූ භූගත දුරකතන රැහැන් වෙන්දේසි කිරීම සදහා ඒවා කපා ඉවත් කිරීමට පරීක්ෂා කිරීමේදී කිසියම් පිරිසක් විසින්එම රැහැන් කපා සොයාගෙන ගොස් ඇති බව නිරීක්ෂණයවී ඇති බව පොලිසිය පවසයි.



අදහස් (1)

දුරකතන රැහැන් කපා විකුණූ ටෙලිකොම් සේවකයෝ 7 ක් දැලේ

........................... Thursday, 23 May 2024 02:45 PM

මෙම ලිපිය දැක්කාම මට මතක් වෙනවා දැනට අවුරුදු දෙක තුනකට පෙර අපේ නිවසට SLT Fiber පහසුකම් ගත්තේ... එසේ නොකළොත් බිදවැටීම් අලුත්වැඩියා නොකරන බවට එම ආයතනයේ සේවකයින් වාචිකව අපිව දැනුවත් කළ නිසා තමයි එයට පෙර අපි පියෝ ටීවී හා අන්තර්ජාල පහසුකම් ලබාගෙන තිබුණා. එහෙම වුණත් ගෙවීමට ආර්ථික ශක්තියක් නැතත් අපි ෆයිබර් පහසුකම් ගත්තා... එහෙම කළාම අපේ ගෙදරට ටෙලිකොම් කේබල් දෙකක් තිබුණා. එහෙම තියෙද්දී ටෙලිකොම් වාහනයකින් පැමිණි දෙතුන් දෙනෙක් අපිට තිබූ එක් කේබල් එකක් ගලවා ගෙනගියා. නමුත් අපේ නිවසට ආසන්න කිසිම නිවසක එහෙම ගෙනගොස් නැහැ. මෙයින් පේනවා ඔහොම එහෙම දේවල් කරනවා කියලා පැහැදිලිව කියන්න පුළුවන්..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 433 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 4 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 453 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 747 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 568 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site