IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දුරකතන සංඥා සොයමින් දුර කතර ගෙවා කඳු තරණයේ

 

(ලසන්ත නිරෝෂණ පෙරේරා)
                                                                                                         

අන්තර්ජාලය හරහා ඉගෙනුම් කටයුතු සිදු කිරිමට කන්දක් නැග  දුරකතන සංඥා සොයා යන පාසල් දුදරුවන් සිටින ගමක් පිළිබඳව බලන්ගොඩ මොළමුරේ ප්‍රදේශයෙන් වාර්තා වේ.


කිලෝමිටරයක් පමණ කැලෑවක් ඔස්සේ දුර ගොස් කන්දට නැග දුරකථනවලට සංඥා ලබා ගැනිමට මෙම දරු දැරියෝ අපමණ වෙහෙසක් දරති.


රක්ෂිත වනාන්තරයක් මැද පිහිටි කදු මුදුනේ මෙම සිසුන් වෙනුවෙන් තාවකාලිකව අතු සෙවිලි අට්ටාලයක් ද  දෙමාපියන් සකසා තිබේ. මේ දිනවල පවතින අධික වැසිද ඔවුන්ගේ ඉගෙනුමට බාධාවක් වන නිසා මව්පියන් එසේ සිදු කර ඇත.


අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම කරන  පන්ති රාත්‍රි කාලයේදී ත් පැවත්වෙන නිසා මෙම දුදරුවන්  රාත්‍රියේදිත් කදූ මුදුනේ ඇති කැලෑවට   යාම ඔවුන්ගේ ආරක්ෂාවට ඇත්තේ තර්ජනයක් බව මව්පියෝ පවසති.
                                                                                                         

පාසල් දු දරුවෝ 200 දෙනෙක් පමණ මෙම ප්‍රදේශයේ සිටිති .එමෙන්ම නිවෙස් වල සිට රැකියා කිරිමට සිදුව ඇති  වැඩිහිටියෝද දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් සමග නිතර දෙවේලේ කඳු මුදුනට යති.                                                                                                                                         

කඩිනමින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන මෙන් ගම්වාසීහු බලධරයින්ගෙන් ඉල්ලති.



අදහස් (12)

දුරකතන සංඥා සොයමින් දුර කතර ගෙවා කඳු තරණයේ

sana Wednesday, 23 December 2020 10:33 AM

හැම දේටම බලධාරීන් කියලා රජයට ඇඟිලි දික් කරන්න නෙවෙයි තමන් ඉන්න පැත්තට දුරකථන සංඥා ලැබෙන්නේ නැත්නම් ඒක අදාළ දුරකථන සමාගමටවත් කියලා බැලුවේ නැද්ද? මෙච්චර කාලයක් මිනිස්සු ජංගම දුරකථන පාවිච්චි කරා. ඒත් මේ වෙන විකල්පයක් නැති තැන මෙ ක්‍රමයට පාඩම් ටික දෙන්න ගත්තාම ලංකාවේ කොහේ හෝ අස්සක දැන් තමයි දුරකථන සංඥා ගැන පුවත් මවන්නේ... ප්‍රශ්නය සාධාරණයි. ඒත් මේක මේ අද ඊයේ මතු වෙච්ච ගැටළුවක් නොවේ...

:       3       1

පහන් Wednesday, 23 December 2020 10:42 AM

මේක දැන් මාධ්‍ය සංදර්ශනයක් වෙලා. මට හිතෙන්නේ wifi තමුන්ගේ ගමට ගන්න වැඩිහිටියෝ ළමයින්ව යොදාගන්න සිද්ධියක් තමයි මට පේන්නෙ. මේ වගේ දුෂ්කර පළාතක පාසැල් වලට පහසුකම් දෙන එකයි කරන්න ඕනේ. හැමදාම ඔන්ලයින් ක්‍රමයෙන් උගන්වන්නේ නෑනෙ ! ඊටත් වඩා මෙහෙම ගියොත් හැම කන්දකම කුලුනක් ඉදිකරන්න වෙයි. ඒකෙන් අනාගතයේදී පරිසරයට සහ පළාතේ මිනිස්සුන්ට වන හානිය ගැන හිතන්න ඕනේ. මගේ අදහස wifi වලට ඉස්සෙල්ලා පාසැල් වලට පහසුකම් සහ ගුරුවරු දිය යුතුයි. මේ ලමයි ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නවාට විරුද්ධව කුහක කමට කියන අදහසක් නෙමෙයි !

:       3       17

siri Wednesday, 23 December 2020 11:52 AM

අපොයි අපේ රටට වෙච්ච දෙයක්. සෞභාග්‍යය ආව දවසේ ඉඳල අහන්න ලැබෙන්නේ ලෙඩරෝග, ස්වභාවික විපත්, අනෙකවිධ කරදර දුක් කම්කටොලු පමණයි. සියලු ව්‍යසන සඳහා විසඳුම ලෙසට මුට්ටි සමඟ දේව බලයෙන් නිෂ්පාදිත පැණි ප්‍රචාරය කරන අතරතුරේ ඇත්තෝ ඉතින් යහමින් සැප විඳිති. නැත්තන්ට තමයි දහ දුක විඳින්න වෙලා තියෙන්නේ.

:       6       10

A.B. Srila Wednesday, 23 December 2020 11:57 AM

මට හරීන්ගේ ගූගල් බැලුමයි .. සිරිසේනගේ සංකේතයයි මතක් වුණා ...

:       0       9

Prabha Wednesday, 23 December 2020 11:57 AM

ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩාංගණ, ගුවන් තොටුපලවල් හදන්න හීන දකින රජුන් ඉන්න රටක ඔවුන් පත්කළ ජනතාවට ගිය කලක්...

:       4       13

fairoos Wednesday, 23 December 2020 01:11 PM

මෙ වෙලාවෙ මිනිස්සුන්ට මෙවා වැදගත් නැහැ. කොරෝනා මරණ ආදාහනයක්ද, භූමදානයක්ද කියන එක තමයි ප්‍රශ්නේ...

:       4       11

asela Thursday, 24 December 2020 01:40 AM

ඉගෙන ගන්න ළමයින්ගේ පෙළ පොත බලලා ලස්සනට ඉගෙන ගන්න.. ඔය ටැබ්ලට්වල එල්ලිලා ඉන්නේ නැහැ. කොහොම වුණත් මේක ග්‍රාමීය, නාගරික පරතරයක් ඇතිකරනවා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 December 2020 02:48 AM

" ලබනා අදහසින් සිප් නැණ වෙහෙස ගෙන ... නැණවත් දරු පැටව් දිවියට දෙවයි පණ ... විඳගෙන දුක් ගැහැට ඉගෙනුම වෙතට පැන ... වැඩ ඇති දූ පුතුන් ලෝකය බබළවන ... "

:       0       5

Jayantha Thursday, 24 December 2020 05:08 AM

මෙකට තමයි ලංකාවේ 4g තාක්ෂනය කියන්නේ!

:       0       0

ranga Thursday, 24 December 2020 08:55 AM

මැතිවරණයට පෙර අපිට වයිෆයි දෙනවයි කියලා අපේ ඡන්දය ලබාගත්ත අය , ඇයි අපිට මෙව්වා නොදෙන්නේ...?

:       1       1

sampath Thursday, 24 December 2020 12:50 PM

මෙ අහිංසක දරුවෝ ඉලෙනීමට තියෙන උනන්දුව නිසා මෙ සතා සර්පයා ඉන්න කැලෑවෙ බඩගාන්නේ ඒ දරුවන්ව ඉස්සරහට දාලා කවුරුවත් මොනවත් ඉල්ලනවා කියන්න පිළීගන්න බැහැ. ඔන්ලයින් වෙබ් සටහන් වීඩියෝ කරලා සීඩී තැටියකට දාලා ඛෙදාහරින්න ඔන්ලයින් නොවුණට කමක් නැහැ. මෙ හැම දේම රජයකට කරන්න අමාරුයි. නමුත් ඒ දරුවන්ට අසාධාරණයක් නොවිය යුතුයි. කවුරු මොනවා කිව්වත් ජනතා බදුමුදලින් ඔවා කරන්න වෙන්නේ...

:       0       0

wimal Thursday, 24 December 2020 03:09 PM

මේ මේ කියන ඔන්ලයින් අධ්‍යාපනය නම් ඩිජිටල් ඩිවයිඩ් කෙසේ වෙතත් දෙමාපියන් සහ දරුවන් අසහනයෙන් අසහනයට පත්කිරීමකි. කවදා හෝ පාසැල් ගිය දවසක අප අතර විශාල පරතරයක් ඇතිවේවි යයි දරුවන් තුල මහා අසහනයක් දැනටම තිබේ. මෙමගින් බොහෝ අහිතකර ප්‍රතිඵල ලැබේවි. මේ මහා සිලබස් කවර් කිරීමේ පීඩනය හිතේ තබාගෙන ගුරුවරු ද අසහනයකට පත්වී ඇත. මහා සිලබස් එකේ නැගීම පසෙකලා කාටත් සමසේ ළගාකරගත හැකි එහෙත් අභියෝගාත්මකවන සේ සරල කරන ලද සිලබසයක්- වයර්ලස් යන්ත්‍රය හෝ රූපවාහිනී යන්ත්‍ර භාවිතයෙන් සමව බෙදීමෙන් මේ ඉදිරි ගැටලුව මගහරවා ගතහැකි වේවි. සිලබස් වවාගෙන කන අය නම් මේ ක්‍රමය පහත්කරාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 80 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 96 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1564 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1312 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 258 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31650 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23784 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site