(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන පහක පාසල් දරුවන් 2,000 කට ආසන්න පිරිසකට අන්තර් ජාල පහසුකම් සපයා ගැනීමට දුරකතන සංඥා නොමැතිවීමෙන් ඔන්ලයින් ක්‍රමය යටතේ අධ්‍යාපනය හැදෑරිමේ හැකියාවන් අහිමි වී දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි කියති.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මේල්පිටිය,මුරුතෝළුව,නිකුළ,බිබිල හා උස්වැත්තෑව ආදී ගම්මාන වල පාසල් දරුවෝ මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ පාසල් වල අධ්‍යාපන කටයුතු සිදුකරති.
මේම ගම්මාන සියල්ලේම ඔන් ලයින් හරහා අධ්‍යාපනය හැදැරීමට දුරකතන සංඥා පවතිනුයේ වෑමැඩිල්ල ජලාශය අසල පිහිටි ගල් තලාවට කිලෝමීටර් 3-4 පමණ දුරකිනි. ඒ සදහා ද වැඩිහිටියන්ගේ සහාය ලබාගැනීම සිදුවනු බව දරුවෝ පවසති.
ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමයන් යටතේ අලුයම් කාලයේ සහ මධ්‍යම රාත්‍රියේ ඉගැන්වීම් සිදුවන බවත්, රාත්‍රියේ වෑමැඩිල්ල ජලාශය අසල පිහිටි ගල් තලාවට නොයෑම හේතුවෙන් තමන්ට දෛනිකව පාඩම් ප්‍රමාණයක් අහිමි වන බව ද පාසල් දරුවෝ කියති.
මෙම ගම්මානවල දරුවන්ගේ මව්පියන් බොහෝදෙනා සිය ජීවිකාව සරි කරගනුයේ ගොවිතැනෙනි. ඇතැම් මව්පියන් සතුව දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපනය ලබා දීම සඳහා ජංගම දුරකතනයක් හෝ නොමැත.
අධ්‍යාපනය හැදැරීමට ඇතැම් අවස්ථාවල කිලෝමීර් 6 ක් පමණ දුරින් පිහිටි නාඋල නගරයට දරුවන් යැවීමට සිදුවන බව මව්පියෝ කියති.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දුරකතන සංඥා නොමැති ප්‍රදේශ පිළිබදව වගකිවයුතු බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නැයි මව්පියෝ සහ පාසල් දරුවෝ ඉල්ලා සිටිති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුරකථන සංඥා සොයා මහරෑටත් වෑමැඬිල්ල ගල්තලාවට යන්න වෙලා
isurandi Thursday, 24 December 2020 10:45 AM
මෙක නම් මහ කරුමයක්... දුක් විදින එකාටම තමයි මෙ හැම හෙණයක්ම...
vinividaThursday, 24 December 2020 04:02 PM
දරුවන්ගේ මව්පියන් බොහෝදෙනා සිය ජීවිකාව සරි කරගනුයේ ගොවිතැනෙනි. මව්පියන් සතුව දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපනය ලබා දීම සඳහා ජංගම දුරකතනයක් හෝ නොමැත. මෙවැනි අවස්ථාවන්හිදී දුරකතනයක් හෝ නොමැති දරුවකුගේ මනසට කොතරම් වේදනාවක් සහ දුකක් ඇතිවනවද කියා කීමට අවශ්‍ය නැත. දරුවක් උපත ලද දිනයේ සිට පහේ ශිෂ්‍යත්වයට දෙමාපියන් සුදානම් වේ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ දරුවන්ගේ මව්පියන් තම දරුවා දක්ෂයකු, උගතකු, බුද්ධිමතෙකු කිරීමට දරන උත්සාහය ඔවුන් විසින්ම විනාශ කරගනී. එය මෙසේ සදහන් කළහොත් ඔබේ දරුවා උගතකු හු බුද්ධිමතෙකු වීමට නම් රටටඋගත් බුද්ධිමත් අධ්‍යාපනයක් ලද නායකයන් පත්කර ගතයුතුවේ. එවිට ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලැබේවි. ජනප්‍රිය නායකයන්ගේ හෝ දෙපාමුලට පැමිණෙන්න නායකයන්ගේ සහ උගත් බුද්දිමත් අධ්‍යාපනයක් ලද පළපුරුදු නායකයන් ගේ වෙනස රටේ ජනතව අවබෝධ කරගන්න තෙක් සහ රටට පත් කරගන්න තෙක් රටේ ජනතාව පමණක් නොව ඔවුන්ගේ දු දරුවන්ද දුක් විදිනු ඇත. අධ්‍යාපනය යනු දරුවකුගේ මුලික අයිතිවාසිකමකි. එය ලබාදීමට නොහැකි අපොහොසත් රජය සහ ඇමැතිවරුනට මෙවැනි කටුක දුෂ්කරතා අවබෝද නොවන්නේ ඔවුන්ගේ දරුවන් සහ මුණුබුරන් විදේශ අද්‍යාපනය ලබන නිසා වන්නට ඇත.
RaveendraFriday, 25 December 2020 01:06 AM
ඔබගේ වටිනා අදහස් අප අගයන්නෙමු. තුවාලය තිබෙන "එකා" එහි අපහසුතාවය දැනෙන අතර වෙන "කාටවත්" එය වගේ වගක් නැත. එලෙසම ඔබ සඳහන් කළ "රටට උගත්, බුද්ධිමත් අධ්‍යාපනයක් ලද නායකයන්" වාක්‍ය පිළිබඳව නම් යමක් කිව යුතුමයි. දශක 6ක් 7ක් වැනි කෙටි කාලයක් තුළ අප රටේ "ප්‍රධාන පට්ටියට" වැඩිපුරම තේරී පත්වුයේ "තකතීරු මෝඩ හාරත බූරුවන්" බව නොරහසකි. (එය අදටත් එලෙසමයි).. ඒ අතරතුර සුළු වශයෙන් හෝ "උගත්, බුද්ධිමත් අධ්‍යාපනයක් ලද" නියෝජිතයින්ද තේරී පත්වූ බවත් අප සැම දන්නා කරුණකි. එනමුත් එසේ උගතුන්, බුද්ධිමතුන් යයි සිතු නියෝජිතයින්ගෙන් මහජනතාවට, රටට මෙතෙක් කල් සිදුවූ සේවය කුමක්ද යන්න කිසිදු පක්ෂයකට ගැති නොවී විමසා බැලුවොත් "තකතීරු මෝඩ හාරත බුරුවන්" ගේ හැසිරීම් රටාවට, මෝඩ තීරණවලට සමාන තීරණ වල වෙනසක් අපට අවංකව දැකිය හැකිද?
hira Thursday, 24 December 2020 10:54 AM
මෙවා දකිනකොට අපේ රට කොතනද තියෙන්නේ කියලා හොදටම පැහැදිලියි. අපි එකතැන පල්වෙන ජාතියක්...
nimalThursday, 24 December 2020 04:10 PM
තව ටිකක් ඔහොම ඉවසලා ඉන්න... ජනාධිපතිතුමා හොඳ තීරණයක් ගනීවි.. එතුමා අධ්‍යාපනයේ වටිනාකම දන්නා කෙනෙක්...
manju Thursday, 24 December 2020 10:58 AM
වයිෆයි එකේ මුවාවෙන්... දැන් මෙයාලා වෙන වෙන හේතු නිසා වනජීවීන් බවට පත්වෙලා කියලත් ආරංචි මාර්ග කියනවා. අපි පස්සෙන් ගිහින් බලමු. රෑ තිස්සේ කලවැදිලා මොනවද කරන්නේ කියලා... හැබැයි හිනාවෙලා විතරක් එපෝ....
චමින්දSaturday, 26 December 2020 02:24 AM
මංජු ලංකාවේ කෙනෙක්ද කියලා හිතෙනවා. සමහර නගර ආශ්‍රිත ගම්වලටත් දුරකථන පහසුකම් නැහැ. මම දන්නා එක් පෙදෙසක් තියෙනවා කේබල් ඇදලා දැනට අවුරුදු 06ක් පමණ වෙලාත් තවමත් දුරුකථන පහසුව දීල නැහැ. මෙම අය යන්නේ කැලෑ විනාශයට කියලා කියන මංජු දන්නේ නැතිව ඇති දුරකථන සමාගම් වැඩිපුරම ඩේටා දෙන්නේ බස්සො බකමූනො හා වවුලන් එළිබහින වෙලාවට කියලා...
siri Thursday, 24 December 2020 12:01 PM
අපොයි රටකට ගිය කලක්. චන්දෙවත් ඉල්ලපු නැති සමහරු කියනවා " අපට බාරදුන්නේ බංකොලොත් උන රටක් " කියල. කවුද දන්නේ නැහැ එයාට රටක් බාරදුන්නේ? ලංකාවනන් වෙන්න බැහැ. සමහර විට ඇමෙරිකාව ගැන වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ....
pakeer Thursday, 24 December 2020 02:48 PM
බොරු ෂෝ.... ඔන්ලයින් අධ්‍යාපනය ....