(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
මහ මඟ වැටී තිබූ මුදල් පසුම්බියක සහිත රන් භාණ්ඩ කීපයක් අහුලා හිමිකාරියට ලබාදීමට මහනුවර මැණික්හින්න මහා විද්‍යාලයේ දරුවන් දෙදෙනකු කටයුතු කර ඇත.
රුපියල් 90000/= ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් සහිත පසුම්බිය අහුලා තමන් ඉගෙනුම ලබන විදුහලේ ගුරුතුමිය වෙත බාරදී ,විදුහලේ විදුහල්පති මගින් එම මුදල් පසුම්බිය සහ රන් භාණ්ඩ ඒවා අයිතිකාර කාන්තාවට බාරදීමට කටයුතු කළේය.
මෙම දරුවන් තිදෙනා මහනුවර මැණික්හින්න මහාවිද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබයි.
මධුසංඛ රුක්ෂාන් (13), යසිත් චමල් රත්නායක(13), සහ ඉසුරු චමත්සේනාධීර (13) යන මෙම සිසුන් තිදෙනා පෝය දින විදුහලේ නර්ථන පංතියට පැමිණෙමින් සිටියදී පාරේ බිම වැටී තිබූ පසුම්බිය දැක එය අහුලා එය විදුහලේ නර්ථන ආචාරීණී ඉන්දිකා ඉඹුලාවල මහත්මියට බාරදීමට කටයුතු යොදා ඇත.
පසුව විදුහල්පති සේනක ඉන්ද්‍රජිත් මහතා මාර්ගයෙන් මෙම මුදල් සහ රන් භාණ්ඩ හිමි කාන්තාව පිළිබඳ විස්තර තහවුරු කරගෙන ඇය විදුහලට ගෙන්වා, මුදල් හා රන් භාණ්ඩ සහිත පසුම්බිය ඇයට බාර දීමට පියවර ගනු ලැබීය.
තමන්ගේ නැතිවූ මුදල් සහ රන් මුදුව ආපසු තමන්ට ලබාදීමට පියවර ගත් මැණික්හින්න මහා විද්‍යාලයේ දරුවන් තිදෙනාටත් විදුහල්පති තුමා සහ නර්ථන ආචාරීණියටත් ඇය ප්‍රසංසා කළාය.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දරුවන් තිදෙනා මුදල් හා රන් භාණ්ඩ අහුලා හිමිකාරියට දීලා
Thilak Wednesday, 24 July 2024 05:10 AM
ආචාර්ය මණ්ඩලයටත්, එම දරුවන්ගේ දෙමව්පියන්ටත් ඉතාම ආඩම්බර වියහැකි කාරණයක් මේක... මෙවැනි දරුවන් අද අපේ රටට වැඩි වැඩියෙන් වුවමනා කාලයක් මේ... පුතාල තුන්දෙනාට මගෙන් මල්මිටක්...!
Lankabarana Wednesday, 24 July 2024 06:32 AM
අන්න නියම විදුහල්පති කෙනෙක් ගුරුතුමියක් හා දරුවො තිදෙනෙක් .ඔවුන්ට ජයවේවා තෙරුවන් සරණයි හයපතක්ම වේවා
මහසෙන් Wednesday, 24 July 2024 07:11 AM
යුගය අනුව බලන කල ඉතාම උතුම් ආදර්ශමත් ක්‍රියාවක් කල මේ දරුවන් ඇගයීමට අවැසිය . මක් නිසාද සියලු දරු පරපුරට ආදර්ශයක් ලෙස.
ගුරු දෙගුරු Wednesday, 24 July 2024 07:44 AM
"ගුණ, නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු " ..... විභාග සීයක් පාස් කෙරුවත් ගුණයක් , හැදියාවක් නැති දරුවෙකුගෙන් තමන්ටත්, සමාජයටත් වෙන්නේ අයහපතක්.... ඔබ සැමට අපගේ ගෞරව ප්‍රණාමය.
Pradeep Kumara Wednesday, 24 July 2024 08:00 AM
අනාගතය භාර ගැනීමට සිටින ශ්‍රේෂ්ඨ දරුවන් තිදෙනෙක්. ආඩම්බරයි පුතේ. ඔවැනි දරුවන් සමාජයට බිහිකල දෙමාපියන්ටත් මාගේ ප්‍රණාමය.
priyantha Wednesday, 24 July 2024 09:59 AM
නියමයි
SUNIL MILANO Wednesday, 24 July 2024 10:21 AM
ජාතියේ පිනට උපන් දරුවන්ට උපහාර කල යුතුමයි. පුතාලටත් දෙමාපියන්ටත් ගුරුභවතුන්ටත් බුදු සරණයි