(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බවවෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
උදය ආහාරය නොගැනීම දරුවන්ගේ මොළය මෙන්ම ශරීරයේ වර්ධනයට ඉතා අහිතකර ලෙස බලපාන බව එම පරීක්ෂණවලින් තොරතුරු හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර දරුවන්ගෙන් පහෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් රටේ පවතින නරක ආර්ථික තත්වය දරුවන්ට එරෙහි අපයෝජන සහ ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමටද ප්‍රධාන හේතුවක්වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වෙන බව පවසන මන්ත්‍රීවරයා මේ ප්‍රවණතාව දිගින් දිගටම පැවැතුණහොත් ළමයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගොඩනඟා ගෙන ඇති ප්‍රගතිය ආපසු හැරීයෑමේ මෙන්ම සමහරවිටෙක එය ස්ථීරවම නැතිවීමේ අවදානමක් පවතින බවද පෙන්වා දුන්නේය.
දරුවන් පෝෂණය කිරීමේ වගකීම අද මවුපියන්ට දරාගත නොහැකිවූ බරක්වී ඇතැයි පවසන ගාමිණී වලේබොඩ මහතා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ට ලබා දිය යුතු පෝෂ්‍ය පදාර්ථ පිරි සත්ත්ව ආහාර මෙන්ම ශාක ආහාරද ලබා දීමට වෙනදා මෙන් මවුපියන්ට හැකියාවක් නැතැයිද සඳහන් කළේය.
මේ හේතුවෙන් නුදුරු අනාගතයේදීම පෙනෙන හා නොපෙනෙන පෝෂණ ඌනතා ළමයින් අතර වැඩි විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇතැයිද විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී හා අඩු පෝෂණ අධ්‍යාපනයක් සහිත පවුල්වල දරුවන් අතර මේ තත්වය වඩාත් දරුණුවිය හැකි යැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දරුවන් ලක්ෂ 14 කට උදේ කෑම නෑ
J.Dhayalan Sunday, 14 May 2023 05:02 PM
කයිවාරුව නම් 2045 රට ගොඩගන්නවා කියලා. නමුත් 2045 වනවිට රට ගොඩගන්න නම් දැන් පාසල් වියේ පසුවන දරුවන්ට නිසි අධ්‍යාපනයක්, නිසි සෞඛ්‍ය පද්ධතියක්, නිසි පෝෂණ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේ කිසිවක් නැතිව 2045 මන්ද පෝෂණ තරුණ තරුණියන් සමග කෙසේ රට සංවර්ධනය කරන්නේද?
Nihal Sunday, 14 May 2023 07:48 PM
කමක් නෑ. ඔබලාගේ පවුල් වල අය හොඳට කනවානේ, ජීවිතය මල් මල් ඡන්දෙ දෙන ඒ කට්ටිය ඉන්න කල් කල්...
විතාරම Monday, 15 May 2023 07:00 AM
ඒකට තමනුත් වියතෙක් හැටියට වග කියන්න ඕන තමුන්ලා 2019 ගෝඨාභය ගෙනැවිත් ක්ෂනිකව කාබනික වගාව කියලා ගොවිතැන කාබාසිනියා නොකළානම් මෙහෙම වෙන්න බැහැ. ඒ වගේම ගල්මෝල් පවත්වා ගන්නකොට අවට ප්‍රදේශයේ ජලය සිදීයාමට ඉඩ තියෙනවා.. එයිනුත් අඩුම තරමින් මිරිස් පැලයක්, බතල වැලක්, මයියොක්කා පඳුරක්වත් හිටවා ගන්න බැරිව යනවා... බීමට වතුරවත් නැතිවෙනවා. ඔබ එහෙම අවස්ථා ඇතිකර තිබේ නම් ඔය කියන ඒවාට ඔබත් දායකවෙලා තියෙනවා නේද?
fairoos Monday, 15 May 2023 12:40 PM
ලංකාවේ ඉන්න බයි සෙට් එක නැතිවෙනකන් මෙහෙම තමයි ඉන්න වෙන්නේ..!