IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දරුවන් හොඳ පාසල්වලට දාන්න අතපෙවීම් කරපු අය මෙන්න

(සුජිත් හේවාජුලිගේ )

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020- 2021  අතර  කාල පරිච්ඡේදයේ  දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් අධ්‍යාපන ලේකම්වරයාට මැදිහත්වීම් 2367 ක් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා වැඩිම මැදිහත්වීම් කර ඇත්තේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවද එම වාර්තාවේ දැක්වේ. බැලූ බැල්මට ඒවා නියෝග ලෙස සැලකිය හැකි ලිපි බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අනුව අමාත්‍යවරුන් මැදිහත්වීම්  861 ක්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැදිහත්වීම්  654 ක්ද කර ඇත.

මෙයට අමතරව දරුවන් පාසල් වලට ඇතුළු කිරීම සඳහා  අමාත්‍යාංශ දේකම්වරුන් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මැදිහත්වීම්  190 ක්ද  අගමැති කාර්යාලයෙන් මැදිහත්වීම් 160ක්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මැදිහත්වීම් 53 ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් 43 ක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් 45ක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මැදිහත්වීම 40ක්ද දේශපාලන පක්ෂ වලට සෘජුව සම්බන්ධ වෘත්තිය සමිති වලින් මැදිහත්වීම් 36ක්ද විවිධ වෘත්තිකයන්ගෙන් සමන්විත සංගම් වලින් මැදිහත්වීම් 25ක්ද පාර්ලිමේන්තුවෙන් මැදිහත්වීම් විසි හතරක්ද ජනාධිපති කාර්යාලයෙන් මැදිහත්වීම් 20ක්ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් මැදිහත්වීම් දහයක්ද පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් මැදිහත්වීම් පහළොවක්ද ආණ්ඩුකාරවරුන් මැදිහත්වීම් දෙකක්ද කර ඇත.

මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් බොහෝ දෙනකු සිය ලිපිවල අයදුම්කරුවන් සමග පවතින දේශපාලනමය සම්බන්ධතා දක්වා තිබූ අතර අයදුම්කරුවන් විශාල සංඛ්‍යාවකගේ නම් එම අයදුම්කරුවන්ට ලබාදිය යුතු පාසලද නිශ්චිතව නම් කරමින් ලැයිස්තු ඉදිරිපත් කර තිබූ බවද  සඳහන්වේ.

ඇතැම් ඉල්ලීම් සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ ජංගම දුරකතනයට යොමු කර තිබූ බව පැවසේ. මෙම ඉල්ලීම් නිර්දේශ නියෝග මත අධ්‍යාපන ලේකම්වරයා 2020 ජනවාරි 1 සිට  2022 මැයි දක්වා ලිපි 3559ක් නිකුත් කර තිබූ බව වාර්තාවේ දැක්වේ.

 

 



අදහස් (2)

දරුවන් හොඳ පාසල්වලට දාන්න අතපෙවීම් කරපු අය මෙන්න

Hafeel Thursday, 15 February 2024 01:00 PM

තත්වය මෙහම නම්, රටට නීතියක් අවශ්‍ය නැහැ. ඔවුන්ම නීති සම්පාදන කරලා, ඔවුන්ම නීතිය කඩනවා. හැබැයි සාමාන්‍ය පුද්ගලයක් මෙහම කළා නම්, බී වාර්තාව, අධි චෝදනා හදල ඔවුන්ව හිරෙටම තල්ලු කරනවා. මේවා වෙනස් කරන්න නම්, මාලිමාව බලයට ගෙන්න ඕනේ.

:       6       38

AaaaaFriday, 16 February 2024 05:43 PM

මාලිමාවේ අයත් ඔතන ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 600 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 13 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1157 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1722 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 430 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1150 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site